භාරතගේ ඝාතනය ගැන කියමින් දයාසිරි අතීතය මතක් කරයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, December 23, 2017

භාරතගේ ඝාතනය ගැන කියමින් දයාසිරි අතීතය මතක් කරයි

පසුගිය පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතනයෙන් බවත් මෙවර එසේ නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් නායකයන් බිහි විය යුතු බවත් එය ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයට විශාල ශක්තියක් බව අමාත්‍යවරයා පැවසීය.

මෙවර මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන සතුරා කවුරුන්ද යන වග ගමේ ජිවත් වන මිනිසුන් දන්නා බවත් ඒ අනුව මහජනතාව තම ඡන්දය භාවිතා කරනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ අදාළ ප්‍රදේශයේ සංවිධායකවරුන් දෙදෙනා බවත් ඔවුන්ගේ අසමගිය නිසා මෙම නාම යෝජනා ප්‍රතික්ෂේප වු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මැතිවරණ නිති අකුරටම ක්‍රියාත්මක කරන ලෙස තමන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරපති අපේක්ෂකයා අසාද් සාලි මහතා පත් කළ බවත් ඔහු ඉම්පොට් නොකළ බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.