දළ පූට්ටුවා ඝාතකයින් යළීත් බන්ධානාගාරයට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Dec 26, 2017

දළ පූට්ටුවා ඝාතකයින් යළීත් බන්ධානාගාරයට

ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති හස්තියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඔවුන් ජනවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන
ලෙසයි මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

කහල්ල, පල්ලේකැලේ රක්ෂිතයේ හොරොව් වැවට ඉහළින් පිහිටි ප්‍රදේශයක තිබී ඝාතනය කරන ලද දල පූට්ටුවාගේ සිරුර වනජීවී නිලධාරීන් විසින් පසුගියදා සොයාගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ග්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු සහ ඇමති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ද වන බවයි පොලීසිය පැවසුවේ.