වැඩි මිලට පොල් විකුණන අය ගැන 1977ට කියන්න - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, December 27, 2017

වැඩි මිලට පොල් විකුණන අය ගැන 1977ට කියන්න

පාලන මිලට වැඩියෙන් පොල් අළෙවි කරනු ලබන වෙළෙඳුන් ගැන පැමිණිලි 1977 යන දුරකථන අංකයට ලබා දිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

මේ අතර පසුගිය දිනවල කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක කළ වැටලීම්වලදී පාලන මිලට වැඩියෙන් පොල් අළෙවි කළ වෙළෙඳුන් 400 දෙනෙකුට එරෙහිව එම අධිකාරිය නඩු පවරා ඇති බව සදහන්.
පොල් මිල ඉහළ යාම සලකා බලා රජය පසුගිය දා පොල් ගෙඩියක් අළෙවි කළ යුතු උපරිම මිල රුපියල් 75 ක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.