විග්නේෂ්වරන් මැලේසියා අගමැතිට උතුර පෙන්නන්න යයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, December 19, 2017

විග්නේෂ්වරන් මැලේසියා අගමැතිට උතුර පෙන්නන්න යයි

නිල සංචාරයක්‌ සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක්‌ මහතා හමුවීමට අවස්‌ථාවක්‌ ලබාදෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා සිය ඉල්ලීම මගින් දක්‌වා ඇත්තේ මැලේසියානු
අග්‍රාමාත්‍යවරයා උතුරු ප්‍රදේශයට පැමිණෙන්නේ නම් එතුමාට මෙම පළාත්වල සැබෑ තත්ත්වය දැක බලා ගැනීමට අවස්‌ථාව උදාවන නිසා එතුමාගේ සංචාරය ඊට ගැළපෙන අන්දමට සකස්‌ වන්නේ නම් ඉතා වැදගත් බවයි.

නමුත් ප්‍රධාන අමාත්‍යවරයාගේ එම ඉල්ලීමට මේ වන තුරු පිළිතුරක්‌ ලැබී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය සඳහන් කරන අතර බොහෝදුරට ඒ සඳහා අවස්‌ථාවක්‌ උදාවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවද කියයි.

දිනසේන රතුගමගේ