බැඳුම්කර වාර්තාව අද හෝ හෙට ජනපතිට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Dec 30, 2017

බැඳුම්කර වාර්තාව අද හෝ හෙට ජනපතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවන් සහ වංචා සොයා බැලීමට පත් කළ ත්‍රි පුද්ගල ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලබන 31 දාට පෙර ස්‌ථිර වශයෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දෙන බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා පැවසීය.

කොමිසමේ බල කාලසීමාවද ලබන 31 දාට අවසන් වන බවත් මේ වනවිට
කොමිසමේ වාර්තාව පිළියෙල කිරීම අවසන් කර ඇති බවත් උඩුගම්සූරිය මහතා කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන කේ. ටී. චිත්‍රසිරි, ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වන කන්දසාමි වේළුපිල්ලේ යන මහත්වරුන්ගෙන් කොමිසම සමන්විත වේ.

කොමිසමේ සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාය.

කොමිසම පත් කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට්‌ නිවේදනයට අනුව කොමිසමට පැවරී තිබුණේ 2015 පෙබරවාරි මස 01 දා සිට 2016 මාර්තු 31 දා දක්‌වා වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකරණය පරිපාලන කටයුතු පවත්වාගෙන ගිය ආකාරය විමර්ශනය කිරීමය.

රජයට යම් හානියක්‌ සිදු වන ආකාරයේ යම් අවපරිචයක්‌ අක්‍රමිකතාවක්‌ හෝ නිසි ක්‍රියාපටියක්‌ අනුගමනය නොකිරීමක්‌ සිදු වී තිබේ දැයි සොයා බැලීමද කොමිසමට පැවරිණි.