බැදුම්කර වාර්තාව 31 භාර දෙන බවට සහතිකයක් - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, December 29, 2017

බැදුම්කර වාර්තාව 31 භාර දෙන බවට සහතිකයක්

ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ වාර්තාව හෙට දින හෝ ලබන 31 වන දින ජනාධිපතිවරයාට භාරදෙන බව එම කොමිසම පවසනවා.

අප වෙත අදහස් දක්වමින් කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය
මහතා ඒ බව තහවුරු කළා.

මෙම කොමිසමේ නිල කාලය අවස්ථා 3 කදි විනිසුරුවරුන්වන්ගේ ඉල්ලීම මත දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එහි අවසන් වාර්තාව පසුගිය දෙසැම්බර් 08 වනදා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එම වාර්තාව සකස් කිරිම සඳහා කාලය ප්‍රමාණවත් නොවන බවට කොමිෂම කල ඉල්ලිමක් අනුව කොමිසමේ කාලය දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය දීර්ඝ කරනු ලැබුවා.