දුම්රිය වර්ජනයෙන් කොටුව දුම්රියපොළ උණුසුම් වෙයි

තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. ඔවුන් ඊයේ පස්වරුවේ වර්ජනය ආරම්භ කළේ එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කර ගනිමිනුයි. දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්
කොළඹ - කොටුවෙන් හා මරදානෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක් ඊයේ පස්වරුවේ අවලංගු කෙරුණා.

මෙම තත්ත්වයත් සමග දුම්රිය මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් කොළඹ - කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්වයි.

එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළා.

දුම්රිය රියදුරන්ගේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමෙන් මගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.

දුම්රිය ප්‍රමාදවීම් හා අවලංගු කිරීම් නිසා මගීන් නොසන්සුන්කාරීව හැසිරීමත් සමග කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

මරදාන දුම්රිය ස්ථානයේ ද නොසන්සුන්කාරීව හැසිරුණු මගීන් හේතුවෙන් උද්ගත වූයේ උණුසුම් තත්ත්වයක්. තත්ත්වය පාලනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද දුම්රිය ස්ථානය වෙත කැඳවනු ලැබුවා.

Share:

Advertisement

Advertisement