May 2017 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, May 25, 2017

ප්‍රසන්න රණතුංගගෙන් මෛත්‍රීට රහසිගත ලිපියක්

Thursday, May 25, 2017
ප්‍රසන්න රණතුංගගෙන් මෛත්‍රීට රහසිගත ලිපියක්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක් පහත දැක්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති,
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොටුව,

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීම සම්බන්ධවයි

බංගලාදේශය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පසු කර යයි

Thursday, May 25, 2017
බංගලාදේශය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පසු කර යයි
මේ දිනවල අයර්ලන්තයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම විසින් ඊයේ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරන ලදී.

එම ජයග‍්‍රහණයක් සමගින් අන්තර්ජාතික ක‍්‍රි ශ්‍රේණිගත කිරීම්වලදී බංග්ලාදේශය විසින් ශ‍්‍රී ලංකාව පසු කර එක් පියවරක් ඉහලට පැමිණ ඇත.

ශෂී වීරවංශගේ නඩු භාණ්ඩ නැතිවෙයි

Thursday, May 25, 2017
ශෂී වීරවංශගේ නඩු භාණ්ඩ නැතිවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ නඩුවකට අදාලව නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ තිබූ ඇයගේ ජාතික හැඳුන්ම්පතක් සහ විදෙස් ගමන් බලපත්‍ර‍යක් අස්ථාන ගතව ඇතැයි වාර්තා වනවා.

මවක්, දරුවා සමඟ ලක්ෂපාන ඇල්ලට පනී

Thursday, May 25, 2017
මවක්, දරුවා සමඟ ලක්ෂපාන ඇල්ලට පනී
මවක් සිය දරුවාද සමඟින් ලක්ෂපාන දිය ඇල්ලෙන් පහලට පැන තිබෙනවා.

වයස මාස දෙකහාමාරක් වන දරුවෙකු සමඟ මේ මව දිය ඇල්ලට පැන ඇති බවයි දැනට වාර්තා වන්නේ.

මංගලගෙන් රවීට හාද්දක්

Thursday, May 25, 2017
මංගලගෙන් රවීට හාද්දක්
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී ඔහුගේ නව අමාත්‍ය ධුරයට සුභපතා තිබේ.

සමරවීර මහතා මෙසේ සුභපතා ඇත්තේ කරුණානායක මහතා අදාල ධුරයේ අද (25 දා) වැඩ භාර ගැනීමෙන් පසුවය.

පළාත් සභාවලටත් හවුල් පාලනයක්

Thursday, May 25, 2017
පළාත් සභාවලටත් හවුල් පාලනයක්
පළාත් සභා මැතිවරණයෙන් පසුව පළාත් සභා සඳහාත් ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ වීමට එකඟතාවකට පැමිණ ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මේ හවුල් පාලනය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ප්‍රාදේශීය සභා,නගර සභා,මහ නගර සභා යනාදී වූ පළාත් පාලන ආයතන සඳහාද අනුගමනය කිරීමට යහපාලන ආණ්ඩුවේ නායකයෝ එකඟවී ඇති බවද වාර්තාවේ.

වැල්ලවත්ත ගොඩනැගිල්ලට අවසරදුන් අයට වැඩ වරදී

Thursday, May 25, 2017
වැල්ලවත්ත ගොඩනැගිල්ලට අවසරදුන් අයට වැඩ වරදී
ඉකුත් සතියේ වැල්ලවත්ත සැවොයි සිනමාහල අසල කඩා වැටුණු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා නීති විරෝධී ලෙස ඉඩ ලබා දුන් සියලුම නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඇමති මණ්ඩලයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කර සිටියි.

මහින්දානන්දට ඇප

Thursday, May 25, 2017
මහින්දානන්දට ඇප
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා භාරදීම අද(25දා) කොළඹ මහාධිකරණයේදී සිදුව තිබේ.

 ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 27ක් යොදවා බොරැල්ල කිංසි පාරේ නිවසක් මිලට ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කළ බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත.

රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉවත් වෙයි !

Thursday, May 25, 2017
රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉවත් වෙයි !
ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්ව ඇති බව වාර්තා වේ.

මීට අමතරව ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාව සිටි සමන් වගාරච්චි මහතා ද සිය අස්වීම් ලිපිය භාර දී ඇතැයි වාර්තාවේ.

රත්නපුරේ ’’හොර පොලිසියක්’’

Thursday, May 25, 2017
රත්නපුරේ ’’හොර පොලිසියක්’’
රත්නපුර නගරය සහ අවට නිවාස සහ වෙළඳ සැල්වලට කඩා වැදී තමන් පොලිස් නිළධාරීන් බව කියා කාලයක් තිස්සේ කොල්ලකම්වල නිරත වූ 4දෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම් කළ ජංගම දුරකථන 66ක් ද ඔවුන් සතුව තිබුනා.

විටෙක උප පොලිස් පරීක්‍ෂකවරුන් ලෙසත් තවත් විටෙක පොලිස් සැරයන් සහ කොස්තාපල්වරුන් ලෙසත් මෙම කල්ලිය පෙනී සිට තිබෙනවා.

කෝවිලක පූජාවකදී ඊලාම් සිතියමක් ඔසවලා

Thursday, May 25, 2017
කෝවිලක පූජාවකදී ඊලාම් සිතියමක් ඔසවලා
යාපනය, කෝපායි, තිරුනෙල්වේලි, කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍ය අතුරතුර පුද්ගලයෙකු විසින් යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ඇඳ පෙරේදා  (23) සවස ප්‍රදර්ශනය කරමින් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව යාපනය පොලීසිය කියා සිටිනවා.

කාලි අම්මා කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය සිදු කෙරෙන අවස්ථාවේදී කාලි අම්මා දේව රූපය වීදි සංචාරය කරන අතරතුර දී කාලි අම්මා දේව රූපයට පසු පසින් අදාල ඊලාම් සිතියම සහිත පුද්ගලයෙකු ගමන් කොට ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

Wednesday, May 24, 2017

ශූරයන්ගේ කුසලානයට ආරක්ෂාව වැඩි කරයි

Wednesday, May 24, 2017
ශූරයන්ගේ කුසලානයට ආරක්ෂාව වැඩි කරයි
එංගලන්තයේදී ආරම්භවීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා එක් දින ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව තර කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.

එංගලන්ත මැන්චෙස්ටර්හි පැවති සංගීත ප්‍රසංගයකට ඊයේ දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය මෙයට හේතුවයි.

කුවේට් ගිහින් පීඩාවින්ද 120 ක් අද ලංකාවට

Wednesday, May 24, 2017
කුවේට් ගිහින් පීඩාවින්ද 120 ක් අද ලංකාවට
කුවේට් ගෘහ සේවයට ගොස් විවිධ පීඩාවන්ට ලක් වූ කාන්තාවන් 120 දෙනෙකු අද (24) යළි මව්බිමට පැමිණෙනවා.

නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ ඔවුන්ගෙන් පනස් දෙදෙනෙකු අද පෙරවරු 8.45 ට පමණ මව්බිමට පැමිණි බවයි.

ඉතිරි 68 දෙනා පස්වරු 12.40ට පමණ මව්බිමට පැමිණීමට නියමිතව තිබෙනවා.

"සේවය අත්හිටුවලා..?" - මම දන්නෙ නෑනේ

Wednesday, May 24, 2017
"සේවය අත්හිටුවලා..?" -  මම දන්නෙ නෑනේ
සිය සේවය අත්හිටුවා ඇතැයි තමන් ද දැනගත්තේ මාධ්‍ය වාර්තාවන්ගෙන් බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසනවා.

කැබිනට් මණ්ඩලය ඊයේ (23) රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුව ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීමක් තමන් වෙත තවමත් ලැබී නැතැයි අද (24) උදෑසන කළ විමසීමක දී ඔහු පැවසුවා.

හාල් මිල පාලනයට රටින් හාල් ගෙන්නන්න තීරණයක්

Wednesday, May 24, 2017
හාල් මිල පාලනයට රටින් හාල් ගෙන්නන්න තීරණයක්
දේශීය වෙළෙඳ පොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළයාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකොට සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එසේ ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු බව ද කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ඥාණසාර හිමි අසනීපෙන්

Wednesday, May 24, 2017
ඥාණසාර හිමි අසනීපෙන්
හෝමාගම අධිකරණ පරිශ‍්‍රයේ දී කළහකාරී ලෙස හැසිරී අධිකරණයට අපහාස කළ බවට බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පවරා ඇති නඩුව අභියාචනාධිකරණයේ දී අද (24) නැවත කැඳවූවා.

කෙසේ වෙතත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

හික්කඩුවේ ද්විත්ව ඝාතනය සුජීගේ ගෝලයන්ගේ වැඩක්

Wednesday, May 24, 2017
හික්කඩුවේ ද්විත්ව ඝාතනය සුජීගේ ගෝලයන්ගේ වැඩක්
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පාතාල කල්ලියක් වන මනෝජ් මෙන්ඩිස් කල්ලියේ දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ තවත් පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජීගේ කල්ලියේ ගෝලයන් විසින් බව වාර්තා වේ.

මේ ප්‍රහාරයට කොස්ගොඩ සුජීගේ ගෝලයන් වන මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සම්බන්ධ බව කියන තෙල්වත්තේ ලැසී හා කරන්දෙනියේ සුද්දා යන දෙදෙනා සම්බන්ධවී ඇතැයි පැවසේ.

පළවෙනි එක පැරදුන් ලංකාව දෙවැනි එක දිනයි

Wednesday, May 24, 2017
පළවෙනි එක පැරදුන් ලංකාව දෙවැනි එක දිනයි
දින දෙකකට පෙරාතුව ස්කොට්ලන්තයට පැරදුනු ශ්‍රී ලංකාව, දෙවැනි පුහුණු තරගයෙන් කඩුලු 09ක ජයක් අත්පත් කරගැනීමට සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තයට, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි.

මෙහිදී ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් ද සීක්කුගේ ප්‍රසන්න හා නුවන් කුලසේකර කඩුලු දෙක බැගින් ද තිසර පෙරේරා එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

ඩීසල් වංචා කරුවන් අතටම හසුවේ!

Wednesday, May 24, 2017
ඩීසල් වංචා කරුවන් අතටම හසුවේ!
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ තෙල් ප්‍රවාහන බලපත් හිමි පෞද්ගලික තෙල් බවුසර් මගින් කාලයක් තිස්සේ සිදුකළ ඩීසල් වංචාවක් හෙළි කර ගැනීමට ඛණිජතෙල් නීතිගත ගබඩා පර්යන්තයේ විමර්ශන නිලධාරීන් ඊයේ  (23) සමත්විය.

පැණිදෙනියේ පිහිටි පේරාදෙණිය තොග තෙල් ගබඩාවේ සිට රැගෙන ගිය ඩීසල් තොග පල්ලකැලේ පිහිටි බලශක්ති උත්පාදන පුද්ගලික සමාගමකට ලබාදීමේදී තෙල් බවුසර් රියදුරන් හා රිය සහායකවරුන් මෙම තෙල් වංචාව සිදුකරන බව හෙළි වී තිබේ.

නුවරඑලිය රෝහලේ වෛද්‍යවරියකුගේ මළ සිරුරක්

Wednesday, May 24, 2017
නුවරඑලිය රෝහලේ වෛද්‍යවරියකුගේ මළ සිරුරක්
නුවරඑලිය මුලික රෝහලේ පසුගිය 23වන දින රෝහලේම සේවය කරන වෛද්‍යවරියකුගේ මළ සිවුර වෛදයාවරිය නැවති සිටි නිල නිවාසයෙන් සොයාගෙන තිබු බැවින් වයස අවුරැදු 31 වන ඇය ගමිපහ පුදේශයේ පංදිචි කරියෙක් ඇය මිය ගොස් ඇත්තේ ඒම නිලවාසයේ බවත් මිය ගිය ස්ථායේ අසල තිබු බෙහෙත් පෙති කිපයක් තිබු අතර පොලිසිය සැක කරන්නේ තම සිරැරට නිර්වීන්දන ඔෂෘෆධ අධී මාතුථාවෙන් එන්නත් කරගෙන ඇය සියදිවි හානිකරගෙන ඇති බවටයි.මෛවදයවරිය පසු ගිය 23 වන දින සේවයට නොපැමිණීම හේතුවෙන් ඇය සමග සේවය  කරන තවත් වෛදයවරින් පිරිසක් ඒම නිල නිවසට පැමිණ පරික්ෂ කරන විට ඇයගේ සිරැර හමුවි  ඇත.මෛ සමිබධව වැඩිදුර පරික්ෂණ කටයුතු නුවරඑලිය පොලිසිය විසින් කරනු ලබයි.

Tuesday, May 23, 2017

මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු යටවෙයි

Tuesday, May 23, 2017
මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු යටවෙයි
මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙක් එයට යටවී තිබේ.

අනතුරෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ වන විට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා වැටුණු පස් කන්දට යටවී සිටින බව පැවසෙන පුද්ගලයින් බේරා ගැනීමට පොලිසිය ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටියි.

ශ්‍රීලනිපයට නව සංවිධායකවරු දෙදෙනෙක්

Tuesday, May 23, 2017
ශ්‍රීලනිපයට නව සංවිධායකවරු දෙදෙනෙක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙකු සහ දිස්ත්‍රීක් සංවිධායකවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලය ආසන සංවිධායකවරයා ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතා පත් කර තිබේ.

යෝෂිතට මාස 2 කට රට යන්න පුළුවන්

Tuesday, May 23, 2017
යෝෂිතට මාස 2 කට රට යන්න පුළුවන්
යෝෂිත රාජපක්ෂට මේ මස 31 සිට මාස 2ක කාලයක් ඕස්ට්‍රේලියාවට හා ජපානයට යාමට කොළඹ මහාධිකරණය අද (23දා) අවසර ලබා දී තිබේ.

ඒ යෝෂිත රාජපක්ෂ මහතා විසින් මෝසමක් මගින්  කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමිනි.

සංගා පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින්ද සමුගනී

Tuesday, May 23, 2017
සංගා පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින්ද සමුගනී
සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පළමු පෙළ ක‍්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය සංගක්කාර සහභාගී වන අවසන් තරගාවලියයි.

ඔහු ඉකුත්දා පළමු පෙළ ක‍්‍රිකට් තරගවල ලකුණු විසිදහසේ සීමාව පසු කිරීමටද සමත් වුණා.

රිවිර පුවත්පත් කාර්යාලයට සීල් තබයි

Tuesday, May 23, 2017
රිවිර පුවත්පත් කාර්යාලයට සීල් තබයි
මරදාන පිහිටි රිවිර පුවත්පත් කාර්යාලයට සීල් තබා ඇතැයි වාර්තාවේ.

මේ වන විට රිවිර පුවත්පත් කාර්යාලයේ භාණ්ඩ ඉවත්කර එයට මුද්‍රා තබන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලීසිය පැමිණ කාර්යාලය මුද්‍රා තබන ඇති අතර රිවිර කාර්යාල භාණ්ඩ ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.

Monday, May 22, 2017

මුදල් වංචාවකට මහින්දානන්දට අධි චෝදනා

Monday, May 22, 2017
මුදල් වංචාවකට මහින්දානන්දට අධි චෝදනා
හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා කොළඹ මහාධිකරණයේදී මන්ත‍්‍රීවරයාට අද (22) භාරදෙනු ලැබුවා.

ඒ, සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. ශ‍්‍රී ලංකා කම්කරු කොංග‍්‍රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් පිළිබඳ සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

පොලිස්පති ධූරයේ වෙනසක් !

Monday, May 22, 2017
පොලිස්පති ධූරයේ වෙනසක් !
දින පහක කාලයකට වැඩබලන පොලිස්පතිවරයකු පත්කර තිබේ.

ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දින පහක කාලයකට රුසියාවේ සංචාරය කිරීමට නියමිත බැවිනි.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පතකර ඇත.

ලංකාව ස්කොට්ලන්තයටත් පරදියි !

Monday, May 22, 2017
ලංකාව ස්කොට්ලන්තයටත් පරදියි !
ලසිත් මාලිංග නොමැතිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල චැම්පියන්ස් කුසලානයට පෙර ඊයේ (21) පැවැති පුහුණු තරගයෙන් කඩුලු 7ක අන්ත පරාජයක් ලැබීය.

ස්කොට්ලන්තය වෙතින් ශ්‍රී ලංකාව පරාජයට පත් පළමු අවස්ථාව මෙයවන අතර, ස්කොට්ලන්තය අයි.සී.සී. පූර්ණ සාමාජික රටක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ද මෙය වේ.

ද්විත්ව පුරවැසි මන්ත්‍රීලා අල්ලන්න මෙහෙයුමක්

Monday, May 22, 2017
ද්විත්ව පුරවැසි මන්ත්‍රීලා අල්ලන්න මෙහෙයුමක්
ද්විත්ව පුරවැසිභාවය හිමි දේශපාලඥයන් සෙවීමට ආගමන විගමන අංශය විසින් මෙහෙයුමක් ආරම්භකර ඇතැයි ආගමන විගමන පුරවැසි අංශයේ නියෝජ්‍ය ආගමන විගමන පාලක වජිර ලියනරත්න මහතා පැවසීය.

ඔහු කියා සිටියේ මේ සඳහා 10 දෙනෙකුගෙන්යුත් කණ්ඩායමක් නම්කර ඇති බවයි.

මාලිංගගේ පිල යළි IPL ශුරයෝ වෙති !

Monday, May 22, 2017
මාලිංගගේ පිල යළි IPL ශුරයෝ වෙති !
දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල එක් ලකුණකින් පරාජයට පත් කළ මුම්බායි ඉන්දියන්ස් පිල එහි ශූරතාව දිනාගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් පිල එහි ශූරතාව දිනූ තෙවැනි අවස්ථාව මෙය වේ. තරගයේ තිරණය විසඳුන අවසන් පන්දුවාරයේ දක්ෂ පන්දු යැවීමක නිරතවීමට මිචෙල් ජොන්සන් සමත් විය.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 11ක් රැස්කරගතයුතුව තිබිණි.

සියළු පාසැල්වල ජනාධිපතිගේ පින්තූර එල්ලන්න !

Monday, May 22, 2017
සියළු පාසැල්වල ජනාධිපතිගේ පින්තූර එල්ලන්න !
පාසැල් තුල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූරය එල්ලා තබන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් කරන ලද දැනුම්දීමක් අනුව යයි කියමින් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා විසින් මේ බව දන්වමින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

බණ්ඩාරවෙල හිමි නමකට පහර දීමක්

Monday, May 22, 2017
බණ්ඩාරවෙල හිමි නමකට පහර දීමක්
බණ්ඩාරවෙල - හීල්ඔය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට පහරදුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) රාත‍්‍රීයේ මෙම පහරදීම සිදුව ඇත්තේ.

විහාරාධිපති හිමියන් ධර්ම දේශනාවකට සහභාගි වී ආපසු විහාරස්ථානයට පැමිණෙමින් සිටිය දී අතරමඟ සිටි පිරිසක් උන්වහන්සේට සහ වාහනේ රියදුරුට මෙලෙස පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

Saturday, May 20, 2017

ලංකාවේ 50ක් ISIS සංවිධානයට බැඳිලා

Saturday, May 20, 2017
ලංකාවේ 50ක් ISIS සංවිධානයට බැඳිලා
ශ්‍රී ලාංකිකයන් 50ත් 60ත් අතර ප්‍රමාණයක් සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්ව ඇති බව බුද්ධි අංශ අනාවරණයකරගෙන ඇතැයි වාර්තා වේ.

කාත්තන්කුඩි හා වාලච්චේන යන ප්‍රදේශවලින් මෙසේ වැඩි පිරිසක් එක්ව ඇති බවද පැවසේ.

මහින්ද පිල බස්නාහිර බලපෙරළිකට සැරසෙයි

Saturday, May 20, 2017
මහින්ද පිල බස්නාහිර බලපෙරළිකට සැරසෙයි
බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතළිස්‌ දෙදෙනකු ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රී කණ්‌ඩායම පෙරේදා (18) රැස්‌වී මේ පිළිබඳ අවසන් තීරණ ගෙන තිබේ. මන්ත්‍රී කණ්‌ඩායම පැවැත් වූ සාකච්ඡාවට මන්ත්‍රීවරුන් හතළිස්‌ දෙදෙනාගෙන් 38 දෙනෙකුම සහභාගී වී ඇත.

විදේශ අමාත්‍යංශය කඩන් වැටෙයි ?

Saturday, May 20, 2017
විදේශ අමාත්‍යංශය කඩන් වැටෙයි ?
විදේශ කටයුතු අමාත්‍යංශය පවත්වාගෙන යනු ලබන ජන රජ ගොඩනැගිල්ල කඩාවැටීමේ අවදානමක් ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආරම්භ කර ඇති මේ ගොඩනැගිල්ලේ 1930 දක්වා ව්‍යස්ථාදායක සභාවද පවත්වාගෙන ගොස් ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන දූත පිරිස්ද මේ ගොඩනැගිල්ලට පැමිණෙන බවත්, මෙහි අලුත්වැඩියා කටයුතු සඳහා ජලනල හෝ විදුලි කාර්මිකයන් නැති බවද එහි දැක්වේ.

පොහොට්ටුව රටේ ප‍්‍රබලම පක්‍ෂයයි

Saturday, May 20, 2017
පොහොට්ටුව රටේ ප‍්‍රබලම පක්‍ෂයයි
ඉදිරියේදී පැවත්වෙන පලාත් සභා මැතිවරණයේදි උතුරු සහ නැගෙනහිර පලාත් සභා හැරුණුවිට අනෙකුනත් පලාත් සභාවලින් එකාබද්ධ විපක්ෂයේ බලය පෙන්වන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

කෙසේ වෙතත් ඡන්ද කල් දාන ආණ්ඩුවකින් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු විය නොහැකි බවත්, ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ඉදිරි මාස 6 තුල රජයට අභියෝග කල හැකි රටේ ප්‍රබලම පක්ෂය බවට පත්කරන බවත් ලබන සැප්තැම්බර් මස පැවත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිලිබඳව ලංකාදීප කල විමසුමකට පිලිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා පවසා ඇත.

අන්තරේ ළහිරුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Saturday, May 20, 2017
අන්තරේ ළහිරුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුලු සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඊයේ(19) වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.  ඒ 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 06 වනදින පැවති උද්ඝෝෂණයකට අදාළවයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති එම උද්ඝෝෂණයේදී ඔවුන් මහජන පීඩාවක් සිදුවන අයුරින් හැසිරී ඇති බවට චෝදනා කරමින් කුරුදුවත්ත පොලිසිය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

යුධ ජයග්‍රහණය ලබාගත්තද අද ඒ ගැන සතුටුවෙන්න බෑ

Saturday, May 20, 2017
යුධ ජයග්‍රහණය ලබාගත්තද අද ඒ ගැන සතුටුවෙන්න බෑ
යුධ ජයග්‍රහණය ලබාගත්තද වර්තමානයේදී  පිළිබඳව සතුටු විය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ උතුරේ ඇතැම් පිරිස් විසින් ත්‍රස්තවාදීන් සැමරීම සිදුකරන බැවින් යුධ ජයග්‍රහණයේ නියම සතුට භුක්ති විදිය නොහැකි බවය.

මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා

Saturday, May 20, 2017
මාව ඉවත් කලේ රිෂාඩ්ගේ දූෂණ සොයපු නිසා
දුෂණ විමර්ශනය විමසීම  සඳහා පත්කල ජනාධිපති කොමිෂන් සභාවෙන් තම ඉවත් කළේ  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා  යටතේ පැවති ලක් සතොස  පිළිබඳව එල්ලවූ චෝදනාවක් විමර්ශණය කිරීම නිසා බව  එම කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.

දූෂණ විරෝධි පෙරමුණ පසුගිය  (18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Friday, May 19, 2017

මහින්ද මෝදිගේ ආරාධනය පිළිගනියි

Friday, May 19, 2017
මහින්ද මෝදිගේ ආරාධනය පිළිගනියි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවේ සංචාරයකට එක්වෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයකට එක්වෙනු ඇත.

පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ අතර එහිදී මෙම ආරාධනාව කර තිබේ.

යෝෂිත රට යන්න අවසර ඉල්ලයි

Friday, May 19, 2017
යෝෂිත රට යන්න අවසර ඉල්ලයි
විදෙස් ගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා යොමුකර ඇති ඉල්ලීම ලබන 23 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදීමේ දී කොළඹ මහාධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

බඩ ඉරිඟු බීජ වංචාවකට චන්ද්‍රසේන ගෙන් FCID ප්‍රශ්න කරයි

Friday, May 19, 2017
බඩ ඉරිඟු බීජ වංචාවකට චන්ද්‍රසේන ගෙන් FCID ප්‍රශ්න කරයි
රාජපක්ෂ පාලන සමයේ ඇමැතිවරයකුව සිටියදී, බඩ ඉරිඟු බීජ බෙදාහැරීමේදී සිදුකලා යැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් පැය හයකට ආසන්න කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID)  ඊයේ (18දා) ප්‍රශ්න කර ඇත.

එස්. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ පෙරවරු 9.45ට පමණ එම කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබිණි.

මර්වින්ගෙන් ආණ්ඩුවට සහ විපක්ෂයට චෝදනාවක්

Friday, May 19, 2017
මර්වින්ගෙන් ආණ්ඩුවට සහ විපක්ෂයට චෝදනාවක්
ආණ්ඩුව සහ විපක්ෂය රට වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ(18) පෙරවරුවේ මීගමුවේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නව ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති මෙම උත්සවය සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමඟ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාද එක්ව සිටියා.

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

Friday, May 19, 2017
විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප
අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි  ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුලූ සරසවි සිසුන් අටදෙනා අද (19දා) ඇප මත මුදා හැර තිබේ.
ඔවුන්ව රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

Thursday, May 18, 2017

මුතු බෙල්ලන්ට යලි පණ දෙයි

Thursday, May 18, 2017
මුතු බෙල්ලන්ට යලි පණ දෙයි
ලංකාවේ මුහුදු ආශ්‍රිත ජනප්‍රිය කර්මාන්තයක් බවට පත්ව තිබූ මුතු බෙල්ලන් වගාව නැවත ප්‍රචලිත කිරීමට නාරා ආයතතනය කටයුතු සැලසුම් කර තිබේ.

මෙය ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත සිදුවන්නකි.

ස්වභාවික ආපදා සහ යුධ වාතාවරණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු මෙම කර්මාන්තය මෙසේ නැවත මෙරට තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කෙරෙන්නේ වසර 30කට පසුවය.

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Thursday, May 18, 2017
වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම කඩා වැටී තිබෙනවා.

මේ වන විට තුවාලකරුවන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අද මහනුවරදී රණවිරු සැමරුම් උත්සවයක්

Thursday, May 18, 2017
අද මහනුවරදී රණවිරු සැමරුම් උත්සවයක්
යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු සැමරුම් උත්සවයක් අද (18) දිනයේ මහනුවර නගරයේ පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලුම් අමුණුගම මහතා පවසනවා.

රණවිරු සැමරුමට සමගාමීව රථ පෙළපාළියක් ද සංවිධානය කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඤාණිස්සර හිමියෝ අසනීපවී සිංගප්පූරුවට රැගෙනයති

Thursday, May 18, 2017
ඤාණිස්සර හිමියෝ අසනීපවී සිංගප්පූරුවට රැගෙනයති
කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරධිපති ආචාර්ය අතිපූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් හදිස්සියේ අසනීපව ඊයේ රාත්‍රියේ සිංගප්පූරුව වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

උන්වහන්සේ මේවන විට සිංගප්පූරුවේ රෝහලකට ඇතුළුකර ඇති බවද පැවසේ.

රවී ඉවත්කරනවා නම් අර්ජුනත් ඉවත් කරන්න

Thursday, May 18, 2017
රවී ඉවත්කරනවා නම් අර්ජුනත් ඉවත් කරන්න
අකර්ක්ෂමතාව හේතුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත්කරන්නේ නම් වරාය සංවර්ධන කටයුතු සිදු කිරීමට අකුල් හෙළන හා එම කටයුතු අකාර්කෂම කළ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද අදාළ ඇමතිකමින් ඉවත්කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කැබිනට් සංශෝධනයේදී පසුගිය වකවානුවේ මාධ්‍ය හරහා බරපතල විවේචනයට ලක්වූ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ධුර පමණක් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා මුලින් බලාපොරොත්තුව සිටියද, පසුව ජනාධිපතිවරයා හමුවූ එජාප පුබල ඇමතිවරුන් පිරිසක් විසින්  එවැනි තත්වයකදී එසේ ධුරයෙන් මාරු කරන ලද ඇමතිවරුන් දුෂකයින් ලෙස සමාජය තුල තහවුරුවීම තුල ඔවුන් දේශපාලනික වශයෙන් අනාතවීමේ අවධානම සලකා පුර්ණ කැබිනට් සංශෝධනයක් කරණ ලෙස කළ ඉල්ලීමට අවනතව තිබේ.

Wednesday, May 17, 2017

සිංහලයන් වෙනුවෙන් පක්ෂයක්

Wednesday, May 17, 2017
සිංහලයන් වෙනුවෙන් පක්ෂයක්
වර්තමානයේ සිංහල ජනතාවට බලපාන ගැටලු සම්බන්ධයෙන් දේශපාලනික විසඳුම් ලබා ගැනීමේ බලවත් අවශ්‍යතාවයක් හටගෙන ඇති බව සිංහලේ ජාතික සංවිධානය ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් ඊට විකල්පයක් වශයෙන් සිංහලේ ජාතික සංවිධානය දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

මේ වන විට රට තුළ සියලු ජාතීන් වෙනුවෙන් පක්ෂ නියෝජනයක් පවතින බවත්, මුස්ලිම් කොංග්‍රසය මුස්ලිම් ජනතාව වෙනුවෙන්ද, දෙමළ ජාතික සංධානය දෙමළ ජනතාවගේ ගැටලු නියෝජනයටද දේශපාලනික වශයෙන් පෙනී සිටින නමුත් සිංහල ජනතාවගේ ඉඩම් අයිතීන් හා සමාජ ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පක්ෂයක් පෙනී නොසිටින බව සාලිය වී රණවක මහතා ප්‍රකාශ කරයි.