April 2017 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Sunday, April 30, 2017

ජනපති සරත් ෆොන්සේකාව විහිලුවට අරන් ලු

Sunday, April 30, 2017
ජනපති සරත් ෆොන්සේකාව විහිලුවට අරන් ලු
ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නව තනතුරක් ලබා දී විරෝධතා මර්ධනය කිරීමට යන බවට පල වූ වාර්තා සම්බන්ධයෙන්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ජනහමුවක් අමතමින් අදහස් පල කලේ මෙසේය.

කැරලි මර්ධන OIC තනතුර ෆීල්ඞ් මාෂල් තනතුරටත් මහ අවනම්බුවක්..

Sunday, April 30, 2017
කැරලි මර්ධන OIC තනතුර ෆීල්ඞ් මාෂල් තනතුරටත් මහ අවනම්බුවක්..
ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කැරලි මර්ධනය සදහා වූ ඒකක OIC ලෙස පත් කරන්නට යාම ෆීල්ඞ් මාෂල් තනතුරට කරන ලද බලවත්ම අවනම්බුවක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

නිළි රැජිනට හැත්තෑවයි : අපේ සුබපැතුම්

Sunday, April 30, 2017
නිළි රැජිනට හැත්තෑවයි : අපේ සුබපැතුම්
හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ හැත්තෑ වැනි ජන්ම දිනය අදට(30) යෙදී තිබේ.

1947 අප්‍රේල් මස 30දා ඇය මෙලොව උපත ලැබු ඇය, එදා මෙදාතුර අසමසම නිර්මාණ රැසකට විශිෂ්ට රංගන දායකත්වයක් සැපයූ අතර සිනමා අධ්‍යක්ෂණය තුළින් ද ක්ෂේත්‍රයට මෙහෙවරක් සිදු කළාය.

පුංචි බබා සිනමාපටයෙන් ඇරැඹෙන ඇගේ රංගන ජීවිතය තුළදී යුග ගණනාවක් නියෝජනය කළාය. ගාමිණි - මාලිනී, විජය - මාලිනී යුග සුවිශේෂී තැනක් ගනියි.

Saturday, April 29, 2017

විද්‍යා ඝාතන නඩුවෙන් දෙදෙනෙක් නිදහස්

Saturday, April 29, 2017
විද්‍යා ඝාතන නඩුවෙන් දෙදෙනෙක් නිදහස්
යාපනය,කයිට්ස්,පුන්කුඩිතිව් ප්‍රදේශයේදි 2015 මැයි 13 වැනිදා සමූහ අපරාධයකට ලක්ව ඝාතනය වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (28) නිදහස් කරනු ලැබිය.

කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ සැකකරුවන් සම්බන්ධ නඩු විභාගය අද කැඳවු අවස්ථාවේ කයිට්ස් වැඩබලන මහේස්ත්‍රාත් ජෝයි මයිල්මහාදේවා මහතා විසින් ඝාතන සිද්ධියට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් 10 වන සැකකරු හා 12 වන සැකකරුව නිදහස් කිරීමට නියෝග කළේය.

ගීතාගේ විවාහය දෙදරයි

Saturday, April 29, 2017
ගීතාගේ විවාහය දෙදරයි
තමනට තිබූ ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීම නිසා තම විවාහය දෙදරුම් කා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාසිංහ මහත්මිය පවසයි.

මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග එරට කෝටි ගණනක දේපලක්ද අහිමි වූ බව පවසන ඇය තම සැමියාද මේ ගැන දැඩිව උරණ වී සිටින බවද කියයි.

තමන් විවාහ වී වසර 37ක් වන බවත් මෙම ද්විත්ව පුරවැසි ප‍්‍රශ්නය මත එම විවාහයේ බැම්මද කැඞී ගිය බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මෙරටට පැමිණි විදේශිකයින් තිදෙනෙකු හදිසියේ මරුට

Saturday, April 29, 2017
මෙරටට පැමිණි විදේශිකයින් තිදෙනෙකු හදිසියේ මරුට
මෙරටට පැමිණි විදේශිකයින් තිදෙනෙකු හදිසියේ ඇති වූ රෝගී තත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් ගත් ගුවන් යානයක සිටි විදේශිකයෙකු හදිසියේ රෝගී වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලට ගොඩබස්වා තිබුණා.

පසුව ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය පැවසුවේ. ඔහු ඉන්දුනීසියානු ජාතිකයෙක්.

කසලවලින් විදුලිය නිපදවීමට යයි

Saturday, April 29, 2017
කසලවලින් විදුලිය නිපදවීමට යයි
කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ව්‍යාපෘති රැසක් ක‍්‍රියාවට නංවන බව ආණ්ඩුව පවසනවා.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයේ දී මෙම කරුණු අනාවරණය වුණා.

ආන්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පාඨලි චම්පික රණවක මෙලෙස අඳහස් පලකළා.  අනාගතය සඳහා රට පුරාම අත්‍යවශය ස්ථාන වල විද්‍යාත්මක කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථාන නිර්මාණය කිරීම හා වරාය නගරය වගේම ගොඩනැගෙන තාක්ෂණය නගරය වැනි ඉහළ ගනයේ ස්ථාන සඳහා කසළ ප්‍රතිචක්‍රිකරණය මධ්‍යස්ථාන නිර්මාණය කරනවා.

ලක්ෂ 100කට අලියෙක් ගන්න අවස්ථාවක්

Saturday, April 29, 2017
ලක්ෂ 100කට අලියෙක් ගන්න අවස්ථාවක්
පන්සල් ඇතුළු ආගමික ස්ථානවලටත් අලි ඇති කිරීම සඳහා ඉල්ලීම් කරන ප්‍රභූන්ටත්...බෞද්ධාගමික පෙරහරවලටත් පින්නවලින් අලි ලබාදීමට වනජීවී අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

එසේ අලි ලබාගන්නා ආගමික ස්ථාන හා ප්‍රභූ පුද්ගලයන් එම අලියාගේ භාරකාරත්වය භාරගත යුතු අතර එම සතුන් රැක බලා ගැනීම ඔවුන් සතු වන්නේය.
එසේ ලබා ගන්නා අලියකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් වනජීවී අමාත්‍යාංශයට ගෙවිය යුතුය.

Friday, April 28, 2017

ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් යලි බලයට

Friday, April 28, 2017
ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් යලි බලයට
ආණ්ඩුව ඉදිරි මැතිවණයකින් පරාජය වුවහොත් හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය අල්ලා ගැනීමට සැලසුම් කර ඇතැයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය කියයි.

ඇමති සරත් ෆොන්සේකාට ආරක්‍ෂක අංශ පාලනය කිරීම සදහා බලය දීමට යෝජනා කිරීම මගින් එය පැහැදිලිව පෙනෙන බව සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

රාජිත හා චතුර ගෙන් වෙනම මැයි රැළියක්

Friday, April 28, 2017
රාජිත හා චතුර ගෙන් වෙනම මැයි රැළියක්
‘උතුර දකුණ යා කෙරෙන මනුෂ්‍යත්වයේ මැයි රැළිය’ යන තේමාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය දෙවන වරට සංවිධානය කරන මැයි රැළිය සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.05.01 දින පෙරවරු 9.30 ට යාපනය පේදූරුතුඩුව පාරේ සංගිලියන් පුංගා උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වෘත්තීය සමිති 160ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

Friday, April 28, 2017
වෘත්තීය සමිති 160ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයකට සැරසෙයි!
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ලබන මැයි මස 03 සහ 05  අතර දිනකදී මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය පෙන්වා දෙයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ(27) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

නාට්ටාමිවරු 1500 කට ජිවිත රක්ෂණාවරණක්

Friday, April 28, 2017
නාට්ටාමිවරු 1500 කට ජිවිත රක්ෂණාවරණක්
· ප්‍රථම වරට ජාතික හෙළ උරුමය  මැයි රැලියක් 

· කම්කරු  ජනතාවගේ දූදරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙලක්.


· රටේ ජාතික පුනරුදය උදෙසා ක්‍රියා කල ජාතිමාමකයින් ඇගයීමක්


දාඩිය මහන්සිය වපුරන වැඩකරන ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් සුරැකීම  මෙන් ම විශේෂයෙන් කොළඔ පිට කොටුව ආශ්‍රිතව වැඩකරන නාට්ටාමි ජනතාව හා කැලි කසල සමග දෛනිකව ගැටෙන කම්කරුවන් සමග එකට අත්වැල් බැද ජාතික හෙළ උරුමය සංවිධානය කරන මැයි රැළිය මෙවර පිටකොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව මහා නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා  මේ බව සදහන් කර  සිටියේ, ඊයේ (27) දා ජාතික හෙළ උරුමය මගින් පවත්වන මැයි  රැලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වූ  අවස්ථාවට  සහභාගී වෙමිනි.

සුගතදාස දෙවන ටෙන්ඩරයේත් අවුලක්

Friday, April 28, 2017
සුගතදාස දෙවන ටෙන්ඩරයේත් අවුලක්
ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කළ නිර්දේශයට එකඟවෙමින් සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමේ ටෙන්ඩරය නැවත කැඳවන ලෙස කැබිනට් මණ්ඩලය කළ දැනුම්දීමට අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ටෙන්ඩර් කමිටුව එම ටෙන්ඩරය යළි කැඳවීමේදිත් බහුතර ටෙන්ඩර්කරුවන් පිරිසකට අගතියක් සිදුවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර ටෙන්ඩර් කැඳවීමේ දී පළමු අවස්ථාවේ නොතිබූ කොන්දේසි කිහිපයක් පනවා ඇතැයි ද, ඉන් ටෙන්ඩර්කරුවන් වැඩි පිරිසකට අයැදුම් කිරීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ද ටෙන්ඩර්කරුවන් රැසක් චෝදනා එල්ල කරති. ටෙන්ඩර්කරුවන් වැඩි පිරිසකට අයැදුම් කිරීමේ අවස්ථාව ලබාදීමට ප්‍රසම්පාදන මණ්ඩලය උපදෙස් ලබාදී තිබුණ ද අලුතින් කොන්දේසි පනවා එම අවස්ථාව අහිමි කිරීම සදාචාරාත්මක නොවන බව ද ඇතැමුන් මැසිවිලි නගති.

තිස්ස ආරාධනයක් ලැබෙනතුරු බලා සිටී

Friday, April 28, 2017
තිස්ස ආරාධනයක් ලැබෙනතුරු බලා සිටී
එක්සත් ජාතික පක්ෂය හා යලි එක්වන ලෙසට තමාට නිල ආරධනයක් ලැබුනහොත් ඒ පිලිබදව සලකා බැලිමට සුදානම් බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

මහනුවර වටපුලූව ශ්‍රී බෝධිමලූ විහාරස්ථානයට ඊයේ (27) ඔහු පැමිණි අවස්ථාවේ දි මේ බව සදහන් කලා.

Thursday, April 27, 2017

අඬ අඬ රේස් පැද්ද ඩිලන්ත දෙවැනි තැනට

Thursday, April 27, 2017
අඬ අඬ රේස් පැද්ද ඩිලන්ත දෙවැනි තැනට
ලැම්බෝගිනි මෝටර් රථ තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති තරගයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව දෙවැනි තැනට පත්ව තිබේ.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔහුට මේ තරගයට සහය දැක්වීමට පැමිණ ඔහු වෙනුවෙන් ඔල්වරසන් දීම ගැන සතුටු කඳුළු වගුරවමින් මේ තරගයට එක්වූ බව ඩිලන්ත තරගය අවසන්වීමෙන් පසුව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත.

දැඩි උණුසුම නිසා තැඹිලි මිළ ඉහලට

Thursday, April 27, 2017
දැඩි උණුසුම නිසා තැඹිලි මිළ ඉහලට
මේ දින වල තැඹිලි ගෙඩියක මිල රුපියල් සීයක් වී ඇතැයි තැඹිලි වෙළෙන්දෝ සඳහන් කරයි.

පවතින දැඩි උණුසුම් තත්ත්වය හමුවේ තැඹිලි භාවිතය ද ඉහලගොස් ඇති බව වාර්තාවෙයි.

ඊයේ (25) දිනය වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 60 ත් 65 අතර පැවැති බව වෙළෙන්දෝ සඳහන් කරයි.

ඇමරිකාව පීඩනය වැඩිකරයි

Thursday, April 27, 2017
ඇමරිකාව පීඩනය වැඩිකරයි
උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා   දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය පෙන්වමින් උතුරු කොරියාව හමුදාව 85ක් ගෙවීමේ සතුට සමරද්දි ඇමෙරිකාව දකුණු කොරියාව වෙත සබ්මැරීනයක් එවීය.

ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා 100කට වැඩි සංඛ්‍යාවක් රැගෙන යා හැකි ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුඑස්එස් කාල් වින්සන් නෞකාව මේ වනවිට කොරියානු අර්ධද්වීපය වෙත ළඟා වෙමින් තිබේ

සෙල්ලම් බඩු 450,000 ක් විනාශ කරයි

Thursday, April 27, 2017
සෙල්ලම් බඩු 450,000 ක් විනාශ කරයි
ආනයනකරුවන් හයදෙනෙකු විසින් චීනයෙන් හා ඉන්දියාවෙන් නීතිවිරෝධීව මෙරටට  ගෙන් වු  ව්‍යාජ සෙල්ලම් බඩු,ඔරලෝසු උණුවතුර බෝතල් හා  ඉයර් ෆොන්  450,000  ක තොගයක්  ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී  අත්අඩංගුවට  ගත් බව රේගු සමාජ  ආරක්ෂණ ඒකකය කියයි.

ඊයේ  (26) යෙදී  තිබෙන ජාත්‍යන්තර  බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන්  සමාජයට  අහිතකර  මෙම ව්‍යාජ  භාණ්ඩ  තොගය විනාශ කිරිමට  පියවර  ගත් බව රේගු මාධ්‍ය  ප්‍රකාශක රේගු  අධ්‍යක්ෂ ධර්මසේන කහදව මහතා  පවසයි.

අද ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වෙනස් වෙයි

Thursday, April 27, 2017
අද ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වෙනස් වෙයි
ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් අද(27) දිනයේ ගුවන් කාලසටහනේ ‍වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කිරීම හේතුවෙන් අද දිනයේ සිය ගුවන් සීමාව වසා දැමීමට සැලසුම් කර තිබේ.

එම නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

Wednesday, April 26, 2017

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුව කැදවයි

Wednesday, April 26, 2017
ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුව කැදවයි
ලබන සිකුරාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව හදිසියේ රැස් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඒ,  කැලිකසල බැහැර කිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළ අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප‍්‍රකාශයට පත්කළ බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම සදහායි.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

පැණි බීම නිසා ආඝාතය හා ඩිමෙන්ෂියාව ඉහළට

Wednesday, April 26, 2017
පැණි බීම නිසා ආඝාතය හා ඩිමෙන්ෂියාව ඉහළට
කෘත්‍රීම රස ගැන්වූ පැණි බීම වර්ග දිනපතා පානය කරන අය කල්ගතවත්ම ආඝාතය (ස්‌ට්‍රොaක්‌) හා "ඩිමෙන්ෂියා" යන රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි බව ඇමරිකා එක්‌සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

බොස්‌ටන් විශ්වවිද්‍යාලය හා ජාතික හෘද, පෙණහළු හා රුධිර මධ්‍යස්‌ථානය ඒකාබද්ධව සිදු කර ඇති මෙම අධ්‍යයනයේදී වයස අවුරුදු 45 ට වැඩි 2888 දෙනකු ආඝාතය රෝගය සම්බන්ධවද වයස අවුරුදු 60 ට වැඩි 1484 දෙනෙකු ඩිමෙන්ෂියා රෝගය සම්බන්ධවද අධ්‍යයනයට ලක්‌ කර තිබේ.

සාලාවේ විපතට පත්වූවෝ වන්දි ඉල්ලා නඩු මගට

Wednesday, April 26, 2017
සාලාවේ විපතට පත්වූවෝ වන්දි ඉල්ලා නඩු මගට
සාලාව අවි ගබඩාව පිපිsරීමෙන් හානියට පත් දේපළවලට රජය මෙතෙක්‌ වන්දි ගෙවා නැති බවත් විපතට පත් සියලු දෙනාට සාධාරණ වන්දියක්‌ ගෙවන ලෙසත් ඉල්ලා අධිකරණයේ නඩු පැවැරීමට තීරණය කළ බව කොස්‌ගම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා ඊයේ (25 දා) පැවැසීය.

නඩු පැවැරීම සඳහා දැනටමත් නීතිඥයන් සමඟ සාකච්ඡා කර පියවර ගෙන තිබෙන බව පවසන ඒ මහතා සති දෙකක්‌ තුළ නඩු පැවැරීම සිදු කරන බව පැවැසීය.

ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයි

Wednesday, April 26, 2017
ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කි‍්‍රයාකලාපයන් හේතුවෙන් ඔහුගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් ජාත්‍යන්තර මණ්ඩපයකදී දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී කි‍්‍රස්ටින් ලගාඞ් සහභාගි වූ සාකච්ඡාවකදී ඇය මෙම තත්ත්වයට මුහුණපෑවා.

සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයි

Wednesday, April 26, 2017
සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයි
දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය ආශ්‍රිතවද මේ වනවිට දැඩි උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

ඒ අනුව ඊයේ පස්වරුව වන විට නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය ප්‍රදේශයේ මෙලෙස රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් වාර්තා වී ඇත්තේ වසර 20 ක පමණ කාලයකට පසුවයි.

බැසිල්ට තිරුකුමාර්ට අධිචෝදනා

Wednesday, April 26, 2017
බැසිල්ට තිරුකුමාර්ට අධිචෝදනා
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්‌කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී දෙමහල් නවීන පන්නයේ නිවෙස සම්බන්ධව එම දෙදෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නොතිසි නිකුත් කරන දිනයට මහාධිකරණයේ පෙනී සිටින ලෙස එම වගඋත්තරකරුවන්ට පූගොඩ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඊයේ (25 වැනිදා) නියෝග කළාය.

Tuesday, April 25, 2017

කෝලිකුට්ටු කැනේ රත්කෙසෙල්

Tuesday, April 25, 2017
කෝලිකුට්ටු කැනේ රත්කෙසෙල්
සොබාදහමේ නානාවිධ හාස්කම් දක්නට ඇත්ත ඇසින් නොදැක කනින් අසා විශ්වාස කිරීම තරමක් අසීරු සිද්ධියකි.

සාමාන්‍යයෙන් කෝලිකුට්ටු කෙසෙල් පැළයක හටගන්නේ ඊට ආවේණික ජානවලින් සැදුම්ලත් කෙසෙල් කැනක් පමණක් වුවත් මෙම කෙසෙල් කැනේ එක රත් කෙසෙල් ඇවරියක් හැදී තිබීම කාගේත් විමතියට හේතුවී තිබේ.

අලි සෆාරි හිමියෝ උද්ඝෝෂණයකට සූදානම් වෙයි

Tuesday, April 25, 2017
අලි සෆාරි හිමියෝ උද්ඝෝෂණයකට සූදානම් වෙයි
සත්ව හිංසාව වැළක්වීම සදහා අලි පිටේ ගමන් කරන සෆාරි ක්‍රමය නැවතීම හෝ ඊට දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබීමත් සමග ලංකාවේ අලි සෆාරි කර්මාන්තයේ නියැලෙන ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව එම සංවිධාන චෝදනා කරති.

අලි සෆාරි මෙරට ආරම්භ කර ඇත්තේ මිට වසර 28 කට පමණ පෙර හබරණ නගරයෙනි. එක විදෙශිකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අයකරමින් හබරණ සිගිරිය, කණ්ඩලම, පින්නවල ආදී ප්‍රදේශවල දැනට අලි සෆාරි ක්‍රියාත්මක වෙති.

විග්නේෂ්වරන් හර්තාලයකට සැරසෙයි

Tuesday, April 25, 2017
විග්නේෂ්වරන් හර්තාලයකට සැරසෙයි
උතුරු නැගෙනහිර පළාත්හි යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මේ වන විට ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයන්ට වත්මන් රජයෙන් විසඳුමක් නොලැබීම නිසා එලඹෙන 27 වැනි දා ඔවුන්ට සහය වීමක් වශයෙන් උතුරු නැගෙනහිර පළාත්හි පූරණ හර්තාලයක් සිදු කිරීමට දෙමළ ජනතා සභාව පියවර ගෙන ඇත.

උතුරු මහඇමති සී.වී.විග්නේස්වරන් සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව විසින් මෙම හර්තාලය සංවිධානය කරන ලද අතර මේ වන විටත් උතුරු නැගෙනහිර පිහිටි සියලු වෙළඳසැල් හා පෞද්ගලික ආයතනයන් වෙතට හර්තාලයට සහය වන මෙන් දැනුම් දී ඇත.

ශ‍්‍රීලනිප ඇමතිලාගෙන් ලක්‍ෂ 50 බැගින් ඉල්ලති

Tuesday, April 25, 2017
ශ‍්‍රීලනිප ඇමතිලාගෙන් ලක්‍ෂ 50 බැගින් ඉල්ලති
ගැටඹේ පිටයේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මැයි දිනය වෙනුවෙන් වන වියදම් පියවා ගැනීම සදහා ආණ්ඩුවේ සිටින එක් ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 50 බැගින් ලබා දෙන ලෙස දන්වා තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් දැනටමත් කොළඹ හා සබරගමුවේ ඇමතිවරුන් දෙදෙනෙකුම ප‍්‍රසිද්ධියේ විරෝධය පල කරමින් ඇත.

සමන්තබද්‍ර හිමිගෙන් ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ප‍්‍රචණ්ඩ ප්‍රහාරයක්

Tuesday, April 25, 2017
සමන්තබද්‍ර හිමිගෙන් ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ප‍්‍රචණ්ඩ ප්‍රහාරයක්
දෙහිවල නැදිමල සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට දැඩි විරෝධය පල කරන බවත් කතෝලික විභාවනය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මේ වසරේ පළමු මැතිවරණය ජනමත විචාරණයයි

Tuesday, April 25, 2017
මේ වසරේ පළමු මැතිවරණය ජනමත විචාරණයයි
යහපාලන රජය 2017 වසරේ මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාව සදහා එම ජනමත විචාරණය පවත්වන බවයි.

Monday, April 24, 2017

අසාද් සාලි ජාතිවාදීයි.. ඔහු නිසා බරපතල තත්වයක් ඇති විය හැකියි..

Monday, April 24, 2017
අසාද් සාලි ජාතිවාදීයි.. ඔහු නිසා බරපතල තත්වයක් ඇති විය හැකියි..
ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලිගේ හැසිරීම ජාතික සමගියට බරපතල ගැටලූවක් වී ඇතැයි රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ විල්පත්තු සිදුවීම මුල් කර ගනිමින් ඔහු විසින් සිදුකරන ජාතිවාදී ප‍්‍රකාශ නිසා බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බවයි.

තෙල් සංස්ථා වැඩ වර්ජනය අවසන්. තෙල් බෙදීම යලි අරඹේ

Monday, April 24, 2017
තෙල් සංස්ථා වැඩ වර්ජනය අවසන්. තෙල් බෙදීම යලි අරඹේ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසු වර්ජනය අතහැර දැමීමට ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ තීරණය කර තිබෙනවා.
ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට

Monday, April 24, 2017
ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට
දැනට දියාගෝ ගාර්ෂියා හි ස්ථානගතව සිටින ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ලංකාවේ ඩෙල්ෆ් දූපත් සමූහයේ ස්ථානගත කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම නුදුරේදීම එක්සත් ජනපදය විසින් සිදු කරනු ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ එක්සත් ජනපදය මෙරට සමඟ 2007 වසරේ අත්සන් කළ The Acquisition and Cross – Services Agreement (ACSA) ගිවිසුම මත පදනම්ව ඇමරිකානු 5 වන නෞකා සේනාංකය සඳහා ඩෙල්ෆ් දූපත ඉල්ලා සිටීම සිදුවනු ඇති බවය.

වැඩි කලක් ජීවත්වන්න බයිසිකල් පදින්න

Monday, April 24, 2017
වැඩි කලක් ජීවත්වන්න බයිසිකල් පදින්න
පිළිකා සහ හෘද රෝග අවදානම දුරු කිරීම සඳහා සහ වැඩිකාලයක් ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා පාපැදි පැදීම හේතුවන බව ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තිබේ.

පාපැදි පැදීම මඟින් පිළිකා සහ හෘද රෝග අවදානම සියයට හතළිස් නවයකින් අඩුවන බව එම පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

පර්යේෂණය සඳහා වසර පහක් පුරා පුද්ගලයන් දෙලක්ෂ හැට හතර දහස් තුන්සිය තිස්හත් (264,337) දෙනකු සහභාගිකරවා ගෙන ඇත. බස්රථ, පෞද්ගලික රථවාහන භාවිතයෙන් සහ පාගමනින් ගමන් බිමන් සහ සේවා ස්ථාන වෙත ගමන් කරන පුද්ගලයන්ද එම පුද්ගලයන් අතර වන බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

පූජිත් පොලිසිය නිල්පාට කරන්න යයි

Monday, April 24, 2017
පූජිත් පොලිසිය නිල්පාට කරන්න යයි
පොලිස් නිල ඇඳුම නිල් වර්ණ ගැන්වීමේ බලාපොරොත්තුවක් පවතින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.කටුමැටි ගසා තනා තිබූ නිවෙසක් වර්ෂාවට හසුව කැඩී යෑම හා සැමියාගේ මරණය නිසා අවතැන් වූ මවකට සහ ඇගේ දියණිය වෙනුවෙන් ඇල්ල ප්‍රජා පොලිස් ඒකකය විසින් ඉදිකළ නව නිවෙසක් ඔවුන්ට භාරදීමේ උත්සවයකට එක් වෙමින් පොලිස්පතිවරයා මේ බව පවසා තිබේ. බොහෝ රටවල මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ වර්ණය ලෙසද තද නිල් පැහැය භාවිත කරන බවද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙහිදී පවසා ඇත.

රජය සිය දිවි හානි කර ගැනීමක

Monday, April 24, 2017
රජය සිය දිවි හානි කර ගැනීමක
මහජනතාව බියගන්නවා බලපෑම් කර කුණු කසළ ප්‍රශ්නය විසඳීමට යැමෙන් රජය සිය දිවි හානි කර ගැනීමක්‌ සිදුකරගන්නා බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රකාශ කළහ.

එහිදී කාදිනල්තුමා මෙසේ ද පැවසූහ.

ජාඇල ඒකලට කුණු දාන්න හැදුවා. ඒකට අපි විරෝධය පළ කළා. ඒ ප්‍රශ්නය නතර කළා. දැන් ආයෙත් මේ කුණු ප්‍රශ්න ඇතිවුණා. මුතුරාජවෙලට කුණු කසළ දැමීමට යැමෙන් සිදුවෙන්නේ ජලය අපවිත්‍ර වීමයි. පරිසරයත් විනාශ වෙනවා. රජයටත් මේ පිළිබඳව සාධාරණ ප්‍රශ්න තිබිය හැකියි.

පාසල් දරුවන්ටත් සමාජ රෝග

Monday, April 24, 2017
පාසල් දරුවන්ටත් සමාජ රෝග
සමාජ රෝග වැලඳී කුරුණෑගල ශික්‍ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන අය අතර, සුළු වශයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින නිසා ඉදිරි කාලයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සමාජ රෝග පැතිරයෑමේ අවදානමක් මතුවී ඇතැයි එම රෝහලෙහි ලිංගාශ්‍රීත රෝග මර්දන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිහාල් එදිරිසිංහ මහතා පැවැසීය.

මේ නිසා මවුපියන් තරුණ වියෙහි පසුවන තම දරුවන් ගැන සහ ගුරුභවතුන් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැනද මීට වඩා වැඩි අවධානයක් යොමු නොකළහොත් තත්ත්වය මීට වඩා වෙනස් විය හැකි යැයිද ඒ මහතා කීය.

මරික්කාර් අරලියගහ මැදුර වටලයි

Monday, April 24, 2017
මරික්කාර් අරලියගහ මැදුර වටලයි
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූ පිරිසක් රැගෙන කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අරලියගහ මැදුරට ගොස් ඇත.

මීතොටමුල්ල ඛේදවාචකයෙන් දේපල පූර්ණ හානි, අර්ධ හානි, අවදානමට ලක්විය හැකි සහ කුලී නිවාස වල ජනතාව 150 ක අධික පිරිසක් මරික්කාර් මහතා විසින් එසේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුවට පැමිණ වීමට කටයුතු කර තිබේ.

Saturday, April 22, 2017

උද්ධමනය තවත් උඩ යයි

Saturday, April 22, 2017
උද්ධමනය තවත් උඩ යයි
මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට අටයි දශම 06ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා.

එය, මෙම වසරේ පෙබරවාරි මාසයේ උද්ධමනයට සාපේක්ෂව සියයට බින්දුවයි දශම බින්දුවයි 04ක ඉහළ යාමක්.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙම වසරේ පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට අටයි දශම 02ක් වූ බවයි ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කරදියාන කුණු කන්දත් පිපිරෙයි ?

Saturday, April 22, 2017
කරදියාන කුණු කන්දත් පිපිරෙයි ?
මේවන විට පිළියන්දල කරදියාන කසල අංගනයට දිනකට බැහැරවන කැළි කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 871ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.

දිනකට කොළඹ මහනගර සභාවේ කුණු මෙට්‍රික් ටොන් 350 ක් හෙළීමට අධිකරණය අවසරදීමත් සමඟ මේ තත්ත්වය ඇතිව ඇතැයි පැවසේ.

මීට පෙර පළාත් පාලන ආයතන හතක කැළි කසල මෙට්‍රික් ටොන් 541ක් දිකට කරදියාන කසල අංගනයට බැහැර කර තිබේ.

ත‍්‍රිකුණාමලේ තෙල් සේවකයින් වැඩ වර්ජනයක

Saturday, April 22, 2017
ත‍්‍රිකුණාමලේ තෙල් සේවකයින් වැඩ වර්ජනයක
ඉන්දියාවට ත‍්‍රිකුණාමල තෙල් ටැංකි පවරා දීමට විරෝධය පල කරමින් ඛනිජ තෙල් සංස්ථා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් 24 දා සිට වැඩ වර්ජනයක් කැදවා ඇත.

මේ හේතුවෙන් රටපුරා ඉන්ධන බෙදා හැරීම අඩාල වී ඉන්ධන හිගයක් ඇතිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

අඟුණකොලපැලැස්සට බන්ධනාගාරය එපා

Saturday, April 22, 2017
අඟුණකොලපැලැස්සට බන්ධනාගාරය එපා
අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඉදි කර ඇති බන්ධනාගාරය එම දිස්ත්‍රීක්කයෙන් ඉවත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා රජයෙන් ඉල්ලා සිටි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ බන්ධනාගාරය එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් අපරාධකරුවන් ද දිස්ත්‍රීක්කය තුළ ව්‍යාප්ත විය හැකි බවයි.

ජනාධිපති කාර්යාල නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව අත්හිටුවයි

Saturday, April 22, 2017
ජනාධිපති කාර්යාල නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව අත්හිටුවයි
පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ (ඇපෑල් උසාවියේ) සභාපති ධුරය සඳහා ජනාධිපති කාර්යාලය විසින් නිර්දේශ කරන ලද නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය විසින් අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මියගේ නම සභාපති ධුරය සඳහා යෝජනා කර ඇත.

ඩෙංගු කීටයන් හමුවන රජයේ ආයතනවලට නඩු

Saturday, April 22, 2017
ඩෙංගු කීටයන් හමුවන රජයේ ආයතනවලට නඩු
ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පාසල්වලට සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 ඉදිකිරීම් කලාපවල මදුරු කීටයින් හමුවුවහොත් බලපත්‍රය මාසයක කාලයක් අවලංගු කරන බව අමාත්‍යවරයා පවසයි.

 ධීවර වරායන් හි අත්හැර දැමූ යාත්‍රා සියල්ල විනාශ කර දැමීමට ද තීරණය කර ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ක්‍රියා සිටියේය.

Friday, April 21, 2017

චීනයේ ප්‍රථම ප්‍රවාහන අභ්‍යවකාශ යානය අභ්‍යවකාශයට

Friday, April 21, 2017
චීනයේ ප්‍රථම ප්‍රවාහන අභ්‍යවකාශ යානය අභ්‍යවකාශයට
චීනය සිය ප්‍රථම ප්‍රවාහන අභ්‍යවකාශ යානය ඊයේ (20) රාත්‍රියේදී අභ්‍යවකාශ ගත කිරීම සිදුවිය.

2020 වසරේදී චීන අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමේ වැඩපිළිවෙළෙහි සුවිශේෂී සංධිස්ථානයක් ලෙස ඔවුහු මෙය හුවා දක්වති.

Tianzhou-1 ලෙස නම් කෙරුණු මෙම අභ්‍යවකාශ යානය, දකුණුදිග චීනයේ, හයිනාන් පළාතේ, වෙන්චැන්ග් අභ්‍යවකාශ ගුවන්ගත කිරීම් මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කෙරුණු බව පැවසෙයි.

බුද්ධිකට මහින්ද රාජපක්ෂ වැහිලා

Friday, April 21, 2017
බුද්ධිකට මහින්ද රාජපක්ෂ වැහිලා

ශ්‍රී ලංකා හැලෙන්න හේතුව අනුර හෙළිකරයි

Friday, April 21, 2017
ශ්‍රී ලංකා හැලෙන්න හේතුව අනුර හෙළිකරයි
මෙවර මැයි දින බැනරයෙන් “ශ්‍රී ලංකා” හැලුවේ ජනපතිගේ ඉල්ලීමකට බව ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

“රට නඟන වැඩ කරන ශ්‍රම බලය සුරකිමු” යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන මැයි රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට “නිදහස් පක්ෂ” යන නාමය පමණක් භාවිත කිරීමට හේතුව විමසූ විට ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

යුද්ධයක් ඉවර කරපු කෙනෙකුට කුණු ගොඩක් ඉවත් කරන්න බැරිද?

Friday, April 21, 2017
යුද්ධයක් ඉවර කරපු කෙනෙකුට කුණු ගොඩක් ඉවත් කරන්න බැරිද?
මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බොරුවක් කීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

මීතොටමුල්ල කසල කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය රජය තින්දු තීරණ රැසක් ගෙන තිබූ බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනුයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ.

ලංකාව වැඩියෙන් ‘රිස්ක්’ ගන්න ඕන

Friday, April 21, 2017
ලංකාව වැඩියෙන් ‘රිස්ක්’ ගන්න ඕන
ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ආකාරය වෙනස් කරගත යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

අනෙකුත් රටවල් හා කරට කර සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිතීමේ රාමුව වෙනස් කරගත යුතු බවත්, වැඩි අවදානමක් (risk) ගැනීමට සූදානම් විය යුතු බවත් ඔහු සඳහන් කරයි.