March 2017 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, March 29, 2017

ගණිතය නිසා පෙති බිවූ සිසුවියන් රෝහලට

Wednesday, March 29, 2017
ගණිතය නිසා පෙති බිවූ සිසුවියන් රෝහලට
ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය අසමත් වූ ගම්පොළ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුවියන් ‍තිදෙනෙකු අධික ලෙස  ඖෂධ භාවිතා කිරීමෙන් ගම්පොළ රෝහලට ඇතුලත් ‍කොට ඇත.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන් තිදෙනා ගෙන් දෙදෙනෙකු එක් පාසලක වන අතර මොවුන් තිදෙනා එකිනෙක හඳුනන අය නොවෙති.

මින් එක් සිසුවියක් පැනඩෝල් පෙති 40 ක් පමණ බී ඇති බවත් තවත් සිසුවියක් ආස්වාසයක (ඉන්හේලර්) සඳහා භාවිතා කරන ‍ඖෂධ කරල් අධික ලෙස පානය කිරීමෙන් මෙසේ රෝගී වී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කැබිනට් වෙනසට එජාපය ලෑස්තියි!

Wednesday, March 29, 2017
කැබිනට් වෙනසට එජාපය ලෑස්තියි!
ඉදිරි මාස කිහිපය තුළ අමාත්‍ය මණ්ඩල තනතුරුවල සංශෝධනයක් ඇතිවන බැවින් ඒ වෙනුවෙන් තමන් මේ දිනවල කුඹුරු කොටන්න පුරුදුවෙන බව එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා පවසයි.

මහ ලේකම්වරයා මේ බව පැවසූයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Tuesday, March 28, 2017

මහනුවර වළාකුළු බැම්ම විනාශයට ද?

Tuesday, March 28, 2017
මහනුවර වළාකුළු බැම්ම විනාශයට ද?
ශ‍්‍රි වික‍්‍රමසිංහ රාජසිංහ රජු විසින් දේවේන්ද්‍ර මූලාචාර්ය වරයාගේ නිර්මාණයකට අනුව  ඉදිකළ මහනුවර ඵෙතිහාසික වැවේ වළාකුළු  බැම්ම තැනින් තැන පුපුරා ගොස් තිබේ.

මහනුවර යුගයේ 1807 වර්ෂයේදි ඉදිකළ ලොව විශ්මිත නිර්මාණයක් ලෙස හදුන්වන මෙම වාළාකුළු බැම්ම ශ‍්‍රී දළදා මාලිගාවට මෙන්ම මහනුවර වැවටද විශේෂ අනන්‍ය අලංකාරයක් ලබාදෙයි.

මෙම වැව් බැම්ම පුපුරා යාම පිළිබඳව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ මහනුවර නගරයේ ගමන් කරන අධික බර වාහන මෙම වළාකුළු බැම්ම පුපුරා යාමට එක් හේතුවක් බවයි.

ෆැන්ටා, ස්ප්‍රයිට් විස යැයි අධිකරණ තීන්දුවක්

Tuesday, March 28, 2017
ෆැන්ටා, ස්ප්‍රයිට් විස යැයි අධිකරණ තීන්දුවක්
කොකා කෝලා සමාගමට අයත් බීම වර්ග විෂ සහිත විය හැකි බවට නයිජීරියානු උසාවියක් තීන්දු කර ඇතැයි ෆොක්ස් මාධ්‍ය ජාලය වාර්තා කරයි.

මෙම බීම වල ඇති අධික බෙන්සොයික් ඇසිඩ් ප්‍රමාණ හා  sunset additives විටමින් සී සමග මුසු වූ විට පාරිභෝගිකයන් ගේ සෞඛ්‍යයට බලපාන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි

Tuesday, March 28, 2017
පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි
පොලිස් නිශ්කාෂණ වාර්තාව (police Clearance report) අන්තර්ජාලය ඔස්සේ (Online) ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසේ.

විශේෂයන්ම ඇතැම් රටවල් සදහා විදේශගත වීමට බලාපොරොත්තු වන සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4-5ත් අතර කාලයකදී ලබා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

පොල් රුපියල් 80ට

Tuesday, March 28, 2017
පොල් රුපියල් 80ට
උත්සව සමය ළඟ  එන බැවින් බඩු මිල වැඩි නොවී පවත්වා ගැනිමට ආණ්ඩුව දැන් සිටම කටයුතු කළ  යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

වෙළඳපොළේ ප‍්‍රමාණවත් තරම් සැපයුමක් නොමැතිව ඇතැම් ද්‍රව්‍යවලට පාලන මිලක් නියම කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර නෙත් නිවුස් කළ වෙළඳ පොළ අධ්‍යයනයකදී පෙනී ගියේ විශේෂයෙන්ම පොල් මිල ඉකුත් සතිය තුළ තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි. 

ලංගමයේ නඩුවකට හිටපු ජනපති මහින්දගෙන් විරෝධතා

Tuesday, March 28, 2017
ලංගමයේ නඩුවකට හිටපු ජනපති මහින්දගෙන් විරෝධතා
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් පවරන ලද නඩුවකට එහි වග උත්තරකරුවන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන අය අද මූලික විරෝධතා ගොනු කළා.

එම නඩුව පවරා ඇත්තේ කොළම වානිජ මහාධිකරණයේයි.

ඉකුත් ජනාධිපතිවරණය සමයේදී ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් ශ්‍රී ලංගම  බස් රථ වෙනුවෙන් නියමිත ගෙවීම් සිදු නොකළ බවට වගඋත්තරකරුවන් චෝදනා නගා තිඛෙනවා.

Monday, March 27, 2017

ඇමැති ආරක්ෂක අංශයේ වැඩ නැති 200කට මාරුවීම්

Monday, March 27, 2017
ඇමැති ආරක්ෂක අංශයේ වැඩ නැති 200කට මාරුවීම්
ඇමැති ආරක්ෂක අංශ (MSD) සංචිතයේ නිසි රාජකාරියක් නොමැතිව කාලය ගතකරන නිලධාරීන් පන්සියයක පමණ දෙනාගෙන් 200දෙනකු අප්‍රේල් මස මුල සිට විවිධ පොලිස් ස්ථානවලට ‍ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

ඉදිරියේ දී තවත් එවැනිම නිලධාරීන් 100කට පමණ ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු සිදුවෙමින් පවතින බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුවන් තොටුපළේ නවීකරණ කටයුතු අවසන්

Monday, March 27, 2017
ගුවන් තොටුපළේ නවීකරණ කටයුතු අවසන්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ධාවන පථයේ නවීකරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් බවත් සැලසුම් කළ පරිදි අප්‍රේල් 06 වැනිදා සිට ධාවන පථය දිවා කාලයේත් විවෘතව තබන බවත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ගුවන් ධාවන පථයේ විද්‍යුත් සංඥා පද්ධතියේ සහ බැහැරුම් පථයේ ටැක්සි වේ කම්කරු කටයුතු පමණක් මේ දිනවල සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි - ගම්මන්පිල

Monday, March 27, 2017
ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි - ගම්මන්පිල
බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගත් අයුරින් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ද අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙල උරුමය ප්‍රකාශ කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කිසිදු රණවිරුවකුට දඬුවම් කරන්නේ නෑ - චන්ද්‍රිකා

Monday, March 27, 2017
කිසිදු රණවිරුවකුට දඬුවම් කරන්නේ නෑ - චන්ද්‍රිකා
ත්‍රස්තවාදයෙන් රට බේරාගත් කිසිදු 'රණවිරුවෙකු' නීතිය හමුවට ගෙන විත් දඩුවම් නොකරන බවත් යුද්ධය මුවාවෙන් නිරපරාදේ දෙමළ ජනතාව මරා දැමූ අයට එරෙහිව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යාපනයේදී පැවසුවාය.

එමෙන්ම යුද්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තම පිරිස් කෙසේ අතුරුදහන් වූවාදැයි විමසන බවත් ඔවුන් කිසිදු අවස්ථාවක ඊට සම්බන්ධ අයට දඩුවම් කළයුතු යැයි සඳහන් නොකළ බවත් කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි

Monday, March 27, 2017
දුම්රිය එන්ජින් රියදුරන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි
අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග අද දහවල් පැවති සාකච්ඡාවේදී තම ගැටලූවලට විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා එකඟ  වූ බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට

Monday, March 27, 2017
සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට
2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට(28)නිකුත් කෙරෙනවා.

විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ පළමුව ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරෙන බවයි.


කොළඹ දිස්ත‍්‍රික්කයේ පාසල්වල විදුහල්පතිවරුන්ට හෙට දිනයේදි විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රතිඵල ලේඛන ලබා ගත හැකියි.

Saturday, March 25, 2017

නුවරඑළියේ ගෙගරි වැවෙහි කාන්තාවගේ මළ සිරැරක්

Saturday, March 25, 2017
නුවරඑළියේ ගෙගරි වැවෙහි කාන්තාවගේ මළ සිරැරක්
අද උදැසන නුවරඑළියේ ගෙගරි වැවෙහි   තිබූ මළ සිරැරක් සොයා ගෙන තිබුණු අතර  ඇය වැවට පැන දිවි නාසා ගන්නට ඇති බවට සැක කරන අතර වයස අවු 16 ක  පාසල් ශිෂ්‍යවක් බව සොයා ගෙන ඇත.

නුවරඑළියේ මගස්තොට පදිංචි තරුනියක්  බවත් රාත්‍රියේ දී වැවට පනින්නට අති බව  ආරංචි මාර්ග වලින් සොයා ගෙන තිබෙන අතර නුවරඑළිය මහෙස්ත්‍රාත් පරික්ෂණය සදහා නුවරඑළිය පොලිසිය එක්ව සිරුර ගොඩ ගෙන ඉදරි පරික්ෂණ සදහා නුවරඑළිය මහ රොහලට  රැගෙන යනු ලබුවා

පාර්ලිමේන්තුවට කෞතුකාගාරයක්

Saturday, March 25, 2017
පාර්ලිමේන්තුවට කෞතුකාගාරයක්
1972ට පෙර ක්‍රියාත්මක වූ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් මණ්ඩලයේ සෙංකෝලය ඇතුළු පාර්ලිමේන්තුවසතුව පවතින ඓතිහාසික වටිනාකමකින් යුක්ත කෞතුක භාණ්ඩ සුරක්ෂිතව තැන්පත් කර තැබිම සඳහා පාර්ලිමේන්තු කෞතුකාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ලක්බිම ඉරිදා සංග්‍රහයට පැවැසීය.

ලංකාවේ අවුරුද්දකට කුකුළන් කෝටි 13ක් මරා දමනවා

Saturday, March 25, 2017
ලංකාවේ අවුරුද්දකට කුකුළන් කෝටි 13ක් මරා දමනවා
ශ්‍රී ලංකාවාසීන්ගේ ආහාරය සඳහා මස් ලබා ගනු පිණිස වසරකදී කුකුළන් දහතුන් කෝටි විසි ලක්ෂයක් ඝාතනය කෙරේ.කුකුළන්ට අමතරව ගවයන් එක්ලක්ෂ හැටහත් දහසක්ද එළුවන් පනස් දහසක්ද මස් පිණිස ඝාතනය කෙරේ.
ශ්‍රී ලංකාවේ මස් පිණිස මරා දමන එම සතුනට අතිරේක වශයෙන් 2016 වසරේදී එළු මස් මෙටි්‍රක්ටොන් 297ක්, බැටළු මස් මෙ.ටො. 131ක් හා හරක් මස් මෙ.ටො. 85ක් විදේශ රටවලින් ආනයනය කරයි. ශ්‍රී ලංකාවට මස් ආනයනය කරන ප්‍රධාන රටවල් දෙක ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයයි.

විරැකියාව සියයට 4 දක්වා අඩුවෙයි

Saturday, March 25, 2017
විරැකියාව සියයට 4 දක්වා අඩුවෙයි
ශ්‍රී ලංකාවේ වර්තමාන විරැකියා ප්‍රතිශතය 4% දක්වා අඩු වී ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එක් දහස් නවසිය අසූ හත- අසූ නවය වසර වල ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රතිශතය වූ 33% මේ වන විට 4% දක්වා පහළ ගොස් තිබීම සතුටට කරුණක් බවත් පවසන ඇමතිවරයා මෙම රැකියා විරහිත පිරිසට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වී ජීවිතයට වටිනාකමක් මෙන්ම ආදායම් මාර්ගයක් විවර කර ගෙන අනාගතය සරු කර ගැනීමට එකතු වන ලෙසද ආරාධනා කරයි.

නාලන්දා විදුහල්පති වහාම ඉවත් කරයි

Saturday, March 25, 2017
නාලන්දා විදුහල්පති වහාම ඉවත් කරයි
කොළඹ නාලාන්ද විද්‍යාලයයේ විදුහල්පති ජේ.එච්.එන්.ඩබ්ලිව් රංජිත් ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කළ බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පවසයි.

පාසලේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් පැවැත්වූ අතර එහි වාර්තාව විමර්ශන ඒකකය මගින් අධ්‍යාපන ලේකම්වරයා වෙත බාර දී තිබිණි. එම හේතුව සහ තවත් හේතු ගණනාවක් නිසා ජයසුන්දර මහතා නාලාන්දා විද්‍යාලයෙන් ඉවත් කළ බව අමාත්‍යංශය සඳහන් කරයි.

විල්පත්තුවේ ආරක්ෂාවට තවත් යෝජනාවක්

Saturday, March 25, 2017
විල්පත්තුවේ ආරක්ෂාවට තවත් යෝජනාවක්
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එක්කර තනි සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන් ප්‍රසාදය පළ කරනවා.

ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ මොස්කව් නුවර දී ඊයේ අත්සන් තැබුවා.

Friday, March 24, 2017

ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා

Friday, March 24, 2017
ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා
ඒ වෙනුවෙන් සංවිධාන කෙරණු ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අසලින් අද (24) පෙරවරුවේ ආරම්භ වුණා.

‘‘එක්වෙමු - ක්ෂය රෝගය දුරලමු’’යන්න මෙවර එහි තේමාවයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන්.

2014 වසරට සාපේක්ෂව 2020 වසර වනවිට ශ‍්‍රී ලංකාවේ ක්ෂය රෝග ප‍්‍රවණතාව සියයට දහයකින් අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් සකස්කර තිබෙනවා.

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි

Friday, March 24, 2017
මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි
ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු සමඟ ගණුදෙනු කරන පොලී අනුපාතික ඉහළ නංවා තිබේ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී  ලංකා මහ බැංකුවේ සන්නිවේදන ඒකකය පවසයි.

ඒ අනුව ස්ථාවර තැන්පත් පොලී අනුපාතිකය සියයට 7.25 දක්වා ද, ස්ථාවර ණය පොලී අනුපාතිකය සියයට 8.75 දක්වා ද ඒකක 25කින් ඉහළ නංවා තිබේ.

Thursday, March 23, 2017

පොළිය ඉහළ යාමේ පෙර නිමිති

Thursday, March 23, 2017
පොළිය ඉහළ යාමේ පෙර නිමිති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් 2017 පෙබරවාරි 21 සිට මාර්තු 07 දක්වා කාලය තුළ සිදුකළ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් කියා පැවසූවේ, උද්ධමන පීඩනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කර, උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නොවන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවය.  ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දිරිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස කටයුතු කර තිබෙනවා.

කොළඹ බාලිකා පාසල්වලට පොලිස්‌ ආරක්‌ෂාව

Thursday, March 23, 2017
කොළඹ බාලිකා පාසල්වලට පොලිස්‌ ආරක්‌ෂාව
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි සියලුම බාලිකා පාසල්වලට ඊයේ (23 දා) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්‌ ආරක්‌ෂාව සැපයීමට පොලිස්‌ මූලස්‌ථානය පියවර ගෙන ඇත.

ක්‍රිකට්‌ තරග හේතුවෙන් පාසල් සිසුන් බාලිකා විදුහල්වලට කඩා පැනීමේ ප්‍රවනතාවක්‌ ඇතිවී තිබෙන බවත් එය වළක්‌වා ගැනීම සඳහා එම පාසල්වලට හා ආසන්න ප්‍රදේශවලට පොලිස්‌ නිලධාරීන් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි කටයුතුවල යොදවන බවත් පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

සුනඛයන් අයාලේ යැව්වොත් 25000ක් දඩ

Thursday, March 23, 2017
සුනඛයන් අයාලේ යැව්වොත් 25000ක් දඩ
සුනඛයන් අයාලේ යෑමට ඉඩ හරින හිමිකරුවන් වෙත අධිකරණය මගින් නියම කළ හැකි දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට හෝ ලබාදිය හැකි සිරදඬුවම වසර 02 දක්වා ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ සඳහා සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමටත් නියමිතය. අයාලේ යන සුනඛයන් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන හෙයින් රජය මෙම තීරණය ගෙන තිබේ.

උඩුවේ හිමිට ඇප

Thursday, March 23, 2017
උඩුවේ හිමිට ඇප
අධික ශබ්දයක් සහිත ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළේයැයි චෝදනා ලැබූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසින්. හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

ශ්‍රී ලංකාව ආයෙත් වරදක් කළා

Thursday, March 23, 2017
ශ්‍රී ලංකාව ආයෙත් වරදක් කළා
2015 වසරේ පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාව සිදු කළ වරද මෙවර සමුළුවේදී ද ඒ ආකාරයෙන්ම සිදු කර ඇතැයි හිටපු රාජ්‍යතාන්ත‍්‍ර නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සංහිදියා යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීම සඳහා වසර දෙකක කාලයක් ලබා දීමේ තීරණයට එකඟතාව පළ කිරීම ලක් රජය ගත් වැරදි තීරණයක් වන බවයි.

රජය ගත් තීරණය වෙනස් කළ යුතුයි

Thursday, March 23, 2017
රජය ගත් තීරණය වෙනස් කළ යුතුයි
ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් සම අනුග‍්‍රහය දැක්වීමට ලක් රජය ගත් තීරණය වෙනස් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බොරැල්ලේ පැවති ජන හමුවක දී ඔහු මේ බව කියා සිටියා.

එහිදී සඳහන් කෙරුණේ "විදෙස් විනිසුරුවරුන් රටට පැමිණෙනවාට විරුද්ධ බව වේදිකාවේ හෝ පාර්ලිමේන්තුවේ පුන පුනා කීමෙන් පළක් නැහැ. කියන්න ඕනේ ජීනිවා ගිහිනුයි.

නිදහසේ යන ගවයන් අල්ලා ගාල් කිරීම පිළිබඳව ජනතාවගේ ප‍්‍රශංසාව

Thursday, March 23, 2017
නිදහසේ යන ගවයන් අල්ලා ගාල් කිරීම පිළිබඳව ජනතාවගේ ප‍්‍රශංසාව
·අල්ලා ගන්නා ලද ගවයින් ඇඹිලිපිටිය කොවුල්ආර ප‍්‍රදේශයේ අක්කර 100 කින් පමණ සමන්විත, ගව අනාථාගාරයට

·ගාල් කරන ගවයන්ගේ ආරක්‍ෂාව  ඕමල්පේ හිමි භාරගනී.


නිදැල්ලේ යන ගවයන් අල්ලා ගාල් කිරීමට රාජ්‍ය හා පළාත් පාලන ආයතන එක්ව ගත් පියවරට ජනතාවගේ ප‍්‍රශංසාව හිමි වී ඇත.


අධික නාගරික කරණය හා නේවාසික ප‍්‍රදේශ වර්ධනය, කර්මාන්ත ශාලා ඉදිවීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ ඇති  වීඇති තදබදය දිනෙන් දින ඉහළ යමින් පවතී. එම තත්වය තුළ ගහකොළ හා පරිසරය හීන වී යමින් තිබේ. මිනිසා මිනිසාගේ සංවර්ධනය උදෙසා කටයුතු කරමින් සිටින අතරතුර ඔවුන්ගේ අවධානයෙන් ගිලිහුන පිරිසක් ද ඇත. එනම් සත්ව ප‍්‍රජාවයි.

ජනපති මෛත්‍රී නාදුනන සොල්දාදුවන්ට උපහාර දක්වයි

Thursday, March 23, 2017
ජනපති මෛත්‍රී නාදුනන සොල්දාදුවන්ට උපහාර දක්වයි
දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන "නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය" වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදි කර තිබේ.

Wednesday, March 22, 2017

මරික්කාර් ඉල්ලා අස්වෙනවලු

Wednesday, March 22, 2017
මරික්කාර් ඉල්ලා අස්වෙනවලු
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දට නිසි විසදුම් ලබා දෙන්නේ නැතිනම් තමන් මේ ආණ්ඩුවේ දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට පවා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින්.

සමයං ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, March 22, 2017
සමයං ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
බන්ධනාගාර බස් රථයකට කළුතරදී ඉකුත්දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු සෙල්ලකතරගම ප‍්‍රදේශයේ සැගව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධ අයෙකු බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.

මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරමින් සිටිනවා.

විමල් දිවා ආහාරයත් ප්‍රතික්ෂේප කරයි

Wednesday, March 22, 2017
විමල් දිවා ආහාරයත් ප්‍රතික්ෂේප කරයි
උපවාසයක යෙදී සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද (22) දහවල් ආහාරයද ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

බන්ධනාගාර ආරංචි පැවසුවේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කළ බවයි.

මන්ත‍්‍රීවරයා අද උපවාසය ආරම්භ කළේ උදෑසන ආහාරයද ප‍්‍රතික්‍ෂේප කරමින්. තමන්ට ඇප ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස උපවාසයේ යෙදී සිටිනවා.

Tuesday, March 21, 2017

විදුලි රැහැන් ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම තහනම්

Tuesday, March 21, 2017
විදුලි රැහැන් ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම තහනම්
විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම දුරක් හා පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසි ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබේ.

සම්ප්‍රේෂණ හෝ බෙදාහැරීමේ සාපේක්ෂව බෙදාහරින රැහැනේ වෝල්ටීයතාවය අනුව තැබිය යුතු අවම පරතරය විදුලිබල ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි 36 හා 37 වන නිවේදනය යටතේ දන්වා ඇති අතර රැහැනේ වෝල්ටීයතාව වෝල්ට් 1000ට වැඩි ඒ රැහැනක සිට ගොඩනැගිල්ලක් දක්වා අවම පරතරය සිරස්ව මීටර් 2.4 ක් තිරස්ව දුර මීටර් 1.5ක් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බාල දැලකට හසුවේ

Tuesday, March 21, 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් බාල දැලකට හසුවේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන ගණනාවක පාඩුවක් සිදු කරමින් ජාත්‍යන්තර ක්‍රීඩාංගන නවය ද ඇතුළුව අනෙකුත් ක්‍රීඩාංගන සඳහා බාල ප්‍රමිතියෙන් යුත් ක්‍රිකට් පුහුණු දැල් සැපයීමේ ජාවාරමක සුලමුළ හෙළි වේ.

බාල ප්‍රමිතියෙන් යුත් පුහුණු දැල් සැපයුම්කරු වහාම ක්‍රියාත්මක වන පරිදි අසාදු ලේඛණගත කර තිබේ.

නිසි ප්‍රමිතියෙන් යුත් පුහුණු දැල් සැපයීම සිදු කරන තෙක් කිසිදු ගෙවීමක් නොකිරීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.

රේගුව ඇල්ලු සිගරට් කන්ටේනරයක් මුදාහරින්නැයි බලපෑම්

Tuesday, March 21, 2017
රේගුව ඇල්ලු සිගරට් කන්ටේනරයක් මුදාහරින්නැයි බලපෑම්
ඉතාලියේ සිට ගෙන්වන ලද දුම්වැටි හා මත්පැන් ඇතුළත් කන්ටේනරයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙස රේගුවේ ඉහළ බලධාරීයෙකුගෙන් පහල නිලධාරීන්ට බලපෑම් එල්ලවෙමින් පවතින බව රේගු ආරංචි මාර්ග පවසයි.

පෑලියගොඩ NNR අංගණයේ දැනට පවත්නා අඩි 40ක් දිග මෙම කන්ටේනරය රේගුවේ අතිරේක අධ්‍යක්ෂවරයෙකුගේ බෑණාට අයත් සමාගමකින් ගෙන්වා ඇති බව සඳහන්ය.

එල්ල වු චෝදනා ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

Tuesday, March 21, 2017
එල්ල වු චෝදනා ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි
ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමා වෙත එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (20) දිනයේ දී හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉහත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දක්වා තිබුණි. එම කරුණු දැක්වීම පදනම් කර ගනිමින් ඇතැම් විදෙස් මාධ්‍ය මෙම සිදුවීමට එවක ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂා මහතා ද සම්බන්ධ බවට පුවත් පළ කර තිබිණි.

ජනපතිට පිටකොන්දක් තිබේ නම් කළ යුතු දේ ජී.එල් කියයි

Tuesday, March 21, 2017
ජනපතිට පිටකොන්දක් තිබේ නම් කළ යුතු දේ ජී.එල් කියයි
ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියෙන් 6 වන වගන්තිය ඉවත් කිරීමට පිටකොන්දක් තිබේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුතු යැයි මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද (21) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මානව හිමිකම් කවුන්සලයේ මහකොමසාරිස්වරයා විසින් හෙට (22) දිනයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සලයට වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ලංකාව පිළිබඳ අවසන් තීරණය සිකුරාදා දිනයේ දී ලබා දීමට නියමිත බව ද ජී.එල්.පීරිස් මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ රටට නොකළේ මොනවාදැයි බැසිල් අසයි

Tuesday, March 21, 2017
මහින්ද රාජපක්ෂ රටට නොකළේ මොනවාදැයි බැසිල් අසයි
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රටට නොකළේ මොනවාදැයි තමන් ප්‍රශ්න කරන බව හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනපතිවරයා යුද්ධය ජයගත්තා පමණක් නොව වරාය,ගුවන්තොටුපල හා අධිවේගී මාර්ග හැදු බව ද ඒ මහතා කියයි.

“එදා අප රජය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ගැන අද එෆ්.සී.අයි.ඩීයට අපිව ගෙන්නලා ප්‍රශ්න කරනවා.ඒ ගොඩනැගිලි විවෘත කරනකොට කවුද හැදුවේ කියලා සටහනක් නෑ. එදා අපි ගොවියට පොහොර ටික දුන්නා අද පොළොන්නරුවේ ගොවියට පවා පොහොර නෑහැ. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි

විමල්ගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේපයි

Tuesday, March 21, 2017
විමල්ගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේපයි
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම  කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තමාට ඇප ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව  විමල් වරවංශ මන්ත්‍රීවරයා විසින් කොළඹ මහාධිකරණයට ඇප අයඳුම්පතක් ඉදිරිපත් කර තිබේ.

නව ව්‍යවස්ථාව මහා සම්මතයෙන් සම්මත විය යුතුයි

Tuesday, March 21, 2017
නව ව්‍යවස්ථාව මහා සම්මතයෙන් සම්මත විය යුතුයි
·  වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි.

·   රට ගොඩනැගීමට නම් අහස්මාළිගා තැනීමෙන්, මේ මනෝරාජික සිහින කතන්දර වලින් අපි අත්මිදිය යුතුයි.


ව්‍යවස්ථාවක් කියන්නේ රටේ ප‍්‍රධාන නීතිය, ඒ ව්‍යවස්ථාව මෙවර හදනවා නම් ඒක මහා සම්මතයෙන් සෑදිය යුතුයි. සියළුම දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් සෑදිය යුතුයි. ශ‍්‍රී ලංකා එකේ අදහස විතරයි, යූ.එන්.පී. ඒකේ අදහස විතරයි කියලා බැහැ. සෑම කෙනාගේම අදහස් එකට එකතු කරපු සාමූහික ප‍්‍රයත්නයක් විය යුතුයි, එය මහා සම්මතයක් විය යුතුයි. එසේ නොවන සෑම ව්‍යවස්ථාවක්ම ජනතාවට එරෙහි ව්‍යවස්ථාවක් හැටියට ප‍්‍රකාශ කළ යුතු යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

නුවරඑලිය ගොවීන් සහ ව්‍යාපාරිකයින් ගැටලු රාශියකට මුහුණ දෙයි

Tuesday, March 21, 2017
නුවරඑලිය ගොවීන් සහ ව්‍යාපාරිකයින් ගැටලු රාශියකට මුහුණ දෙයි
නුවරඑලිය ඒකාබද්ධ වෙළද සංවිධානය සංගමයේ රැස්විමක් 20 වහ දින නුවරඑලිය මහඡන පුස්තකාලයෙ වික්ටෝරියා හූවණෘගාරයේදි පැවැත්වුණි අතර පුධාන ආරාධිතයෙන් වංශයන් නුවරඑලිය කඥපොල විහාරයේ නායක තැන්පත් දබගොල්ලේ සේනාන්ද හිමියන් ඇතූලත් අනෙකූත් ආගමික නායකයින් සහා නුවරඑලිය ආර්ථාක මධස්ථානයේ නිලධාරින්ද සහාභාගි විය.

මෙම රැස්විමෙිදි නුවරඑලිය දිස්තුික්යේ තුල ගොවි නියෝඡිතන්  40ක් පත්කර ගත්තේය මෙහිදි වාර්තමානයේ නුවරඑලිය ගොවියන්ට ඇතිවි ඇති පුශ්න කිපයක් සබන්ධාවට ලක් විය.

Monday, March 20, 2017

ලංකාවට එරෙහි වූ වයිකෝ අත්අඩංගුවට

Monday, March 20, 2017
ලංකාවට එරෙහි වූ වයිකෝ අත්අඩංගුවට
ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ මහ‍ලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට ‍පොලීසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා තවත් කාලය ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පළකරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ ඒකාධිපති ගමන අපි නතර කරන්න ඕනි

Monday, March 20, 2017
මේ ඒකාධිපති ගමන අපි නතර කරන්න ඕනි
රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන මේ තීරණාත්මක පැයේ ඊට එරෙහිව රටම පෙළගැස්විය හැකි ජාතික නායකයා දින 70ක් තිස්සේ සිරගතකොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පෙන්වා දෙයි.
  
 අද(20) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විමල් වීරවංශ මහතා යළි දින 14කට රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

මහනුවර මැයිරැලියට නොඑන රාජපක්ෂලා දොට්ට

Monday, March 20, 2017
මහනුවර මැයිරැලියට නොඑන රාජපක්ෂලා දොට්ට
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තම පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙවර මැයි දින පෙළපාලියට සහභාගී නොවුවහොත් ඔවුන් වහාම පක්ෂයෙන් නෙරපා දැමීම යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයා සමග පසුගිය අඟහරුවාදා පැවති ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ රැස්වීමේදී එම යෝජනාව ඉදිරිපත්ව ඇති අතර එය පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත්කර එහි අනුමැතිය ලබාගැනීමට තීන්දු කර ඇත. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

දිනේෂ්ට අල්ලස් චෝදනාවක් CID විමර්ශන ඇරඹේ

Monday, March 20, 2017
දිනේෂ්ට අල්ලස් චෝදනාවක් CID විමර්ශන ඇරඹේ
අනවසර මහල් නිවාස හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අල්ලස් ලබාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිලි කිහිපයක් මත රහස් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

අප වෙත වාර්තා වී ඇති ආකාරයට  දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලිවල සඳහන් වන්නේ මන්ත්‍රීවරයා  නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී  හඳුන්වා දුන් පනත් සංශෝධනයක් උපයෝගී කරගනිමින් මෙම අල්ලස් ලබා ගැනීම සිදුකර ඇති බවය.

Saturday, March 18, 2017

පිලිකාවට බෙහෙත් පේරාදෙනි සරසවියෙන් සොයාගනී

Saturday, March 18, 2017
පිලිකාවට බෙහෙත් පේරාදෙනි සරසවියෙන් සොයාගනී
පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් කරවිල ඇට භාවිතයෙන් සාර්ථකව පිළිකා මර්දනය කළ හැකි බව සොයාගෙන තිබේ.

කරවිල ඇටවලට පිලිකා ෙසෙල විනාශ කල හැකි බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ඇතුළු ඵීරිසක් විසින් කරනු ලැබූ මෙම පර්යේෂණයෙන් හෙලිව ඇත.

මෙම ඖෂධය පිළිකා රෝගීන් පිරිසකට ලබා දී ඇති අතර එහිදී මෙම ඖෂධය සාර්ථක බව පිළිගෙන ඇත.

රාජපක්ෂලාට ඇමරිකාව අත්හරින්න වෙයි ?

Saturday, March 18, 2017
රාජපක්ෂලාට ඇමරිකාව අත්හරින්න වෙයි ?
ශ්‍රී ලංකාව තුළ දේශපාලන කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට අදහස් ඇත්නම් රාජපක්ෂ සොහොයුරන් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට හා බැසිල් රාජපක්ෂ මහතාට ඔවුන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සිදු වන බව වාර්තා වේ.

ඊට හේතුව වන්නේ දහනව වන සංශෝධනය සම්මත කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයනේ පත්වීමට සුදුසුකම් අහිමිවීමය.

පළාත් සභා ඡන්දයේදී එජාපය වාසිය අතට ගනී

Saturday, March 18, 2017
පළාත් සභා ඡන්දයේදී එජාපය වාසිය අතට ගනී
උතුරු මැද, නැගෙනහිර හා සබරගමු පළාත් සභාවල නිල කාලය මෙම වසරේ සැප්තැම්බර් මසදී අවසන් වීමට නියමිත හෙයින් මෙම පළාත් සභාවන් සඳහාද ඡන්ද පැවැත්වීමටද රජයට සිදුවී තිබේ.

මේ පිළිබඳව රජයේ මතය වී ඇත්තේ පළාත් සභා කිහිපයක් සඳහා වෙන් වෙන්ව ඡන්ද පැවැත්වීම මුදල් නාස්තියක් වන බවයි. ඒ අනුව පළාත් සභා මැතිවරණය රට පුරා එකවර පැවැත්විමට රජයේ අරමුණ වී ඇතැයි වාර්තා වේ.

මහින්දට වෙනත් රටක පුරවැසිභාවයක් නැතිලු

Saturday, March 18, 2017
මහින්දට වෙනත් රටක පුරවැසිභාවයක් නැතිලු
තමන්ට ස්විට්සර්ලන්තයේ හෝ වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීණි ගීතා කුමාරසිංහ කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය ඉකුත්දා සඳහන් කළේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයාට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයක් ඇති බවයි.

ජේලර්ලාටත් STF පුහුණුව

Saturday, March 18, 2017
ජේලර්ලාටත් STF පුහුණුව
බරපතළ ගණයේ අපරාධකරුවන් බන්ධනාගාරවල සිට අධිකරණ වෙත රැගෙන යෑමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ පුහුණුව ලත් බන්ධනාගාර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පසුගියදා පොලිස්පතිවරයා හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම ඒකකය පිහිටුවීමට අදහස් කර ඇත. මේ සඳහා දැනට දිවයින පුරා බන්ධනාගාරවල රාජකාරි කරන සුදුසුකම් සහිත නිලධාරීන් මෙන්ම අලුතින් බඳවාගන්නා නව නියාමකවරුන් ද යොදාගන්නා බව මේ පිළිබඳ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කීවේය.