February 2017 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, February 27, 2017

දක්‍ෂිණ අධිවේගි මාර්ගය යූඑන්පී අපේ වැඩක්

Monday, February 27, 2017
දක්‍ෂිණ අධිවේගි මාර්ගය යූඑන්පී අපේ වැඩක්
දක්‍ෂිණ අධිවේගී මාර්ගයට මුල් ගල් තබන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් බව ඇමති ගයන්ත කරුණාතාලක මහතා පවසයි.

දකුණේ ක‍්‍රියාත්මක යම් සක‍්‍රිය ව්‍යාපෘතියක් වේද ඒවා ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවලින් බවද ඇමතිවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.

සියලුම ආපන ශාලාවලට ජී.එම්.පී. සහතිකය අනිවාර්ය කරන්න

Monday, February 27, 2017
සියලුම ආපන ශාලාවලට ජී.එම්.පී. සහතිකය අනිවාර්ය කරන්න
ආපන ශාලාවල යහපත් නිෂ්පාදන පවතින බව තහවුරු කෙරෙන GMP සහතිකය සියලුම ආපන ශාලාවලට අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඉකුත් 2015 ජුනි 11දා, GMP සහතිකය අදාළ ආපනශාලාවලට ලබාදීම මගින් වඩාත් ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට ලබාදීමට අදාළ නීති සකසා ඇත. අදාළ නීතිය මෙම වසරේ ජනවාරි මස 01දා සිට ක්‍රියාත්මක විය යුතු නමුත් ප්‍රමිති ආයතනය දක්වන පරිදි මතෛක් GMP සහතික කිසිදු පාසල් ආපනශාලාවක් ලබා ගෙන නැතැයි එම ලිපියේ සඳහන් කර ඇත.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළට “ද ඉකොනොමිස්ට්” කියයි

Monday, February 27, 2017
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළට “ද ඉකොනොමිස්ට්” කියයි
සුප්‍රකට, “ද ඉකොනොමිස්ට්” ජාත්‍යන්තර ආර්ථික සඟරාව, මගින් 2016 වසරට අදාළව නිකුත් කරන ලද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය තුළ ශ්‍රී ලංකාවට, 66 වන ස්ථානය හිමිව තිබේ.

එය 2015 වසරට ස්ථාන තුනක් ඉහළ නැගීමක් වන අතර 2015 වසරේ මෙම දර්ශකය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 69වන ස්ථානයයි.
2015 වසර තුළ ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේදී සමස්ත ලකුණු 6.42ක් හිමිව තිබූ අතර 2016 වසරේදී මෙය ලකුණු 6.48 දක්වා ඉහළ ගොස් ඇත.

නීති සතිය අදින් ඇරඹේ

Monday, February 27, 2017
නීති සතිය අදින් ඇරඹේ
“යුක්තිය ඔබ වෙත“ යන්න තේමාව කර ගත් 2017 ජාතික නීති සතිය අද (27)  ආරම්භ වේ.

එය අද(27) සිට මාර්තු මස 05 වන දක්වා ක්‍රියාත්මක වන බව ජාතික නීති සතියේ කැඳවුම්කරු නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන්, බැංකු නිලධාරින්, කලාකරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පින් වැනි වෘත්තිකයින් නීතිමය කරුණු පිළිබඳ දැනුවත් කිරීම මෙම නීති සතියේ අරමුණ වී තිබේ.

Nokia 3310 අළුත් වුනේ මෙහෙමයි!

Monday, February 27, 2017
Nokia 3310 අළුත් වුනේ මෙහෙමයි!
ස්මාර්ට්ෆෝන් යුගයට පෙර ලොවපුරා ජනප්‍රිය වූ Nokia 3310 ජංගම දුරකතනය යළි එළිදැක්වීමට ඇති සූදානමක් පිළිබඳව පුවතක් අපි මීට පෙර වාර්තා කළෙමු.

නවීකරණයට බඳුන් වූ මෙම ජංගම දුරකතනය ඊයේ (26) බාසිලෝනා නගරයේදී පැවැත්වුනු මොබයිල් ලෝක සමුළුවේදී එළිදක්වා තිබේ.

ෆින්ලන්තයේ HMD Global සමාගමේ ලියාපදිංචිය යටතේ අලෙවි කිරීමට නියමිත මෙම ජංගම දුරකතනයේ බර ග්‍රෑම් 79.6ක් වන අතර එහි ඇත්තේ අඟල් 2.4ක තිරයකි.

නව අගවිනිසුරුගේ නම ව්‍යවස්ථාදායක මණ්ඩලයට

Monday, February 27, 2017
නව අගවිනිසුරුගේ නම ව්‍යවස්ථාදායක මණ්ඩලයට
නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත නිලධාරියාගේ නම අද (27) ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට එවීමට නියමිතය.

අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහතාගේ 65 වන උපන්දිනය පෙබරවාරි 29 දිනට දී ඇති අතර, ඔහු මාර්තු 01දා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

 ඒ අනුව අගවිනිසුරු ධුරය පුරප්පාඩු වේ.

Friday, February 24, 2017

මීගමුවෙන් නවසීලන්තයට යන්න හැදූ 18 ක් අල්ලයි

Friday, February 24, 2017
මීගමුවෙන් නවසීලන්තයට යන්න හැදූ 18 ක් අල්ලයි
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට තැත් කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගමුව ලෙල්ලම ප‍්‍රදේශයේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මඩකලපුව කලවංචිකුළම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ්.

කාලෝ ගෙදර යයි

Friday, February 24, 2017
කාලෝ ගෙදර යයි
රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද (24) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ, වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුවයි.

යතුරුපැදි හිස්වැසුම් ගැන මූලික කරුණු 10 ක් ගැසට් කරයි

Friday, February 24, 2017
යතුරුපැදි හිස්වැසුම් ගැන මූලික කරුණු 10 ක් ගැසට් කරයි
යතුරුපැදිකරුවන් සහ යතුරුපැදිවල ගමන් කරන්නන්, පැළදිය යුතු ආරක්ෂක හිස් වැසුම් සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයෙන් ආරක්ෂක හිස් වැසුමක තිබිය යුතු අවශ්‍යතා දක්වා ඇත.

හොංකොංහි ශ්‍රී ලාංකික සරණාගතයින්ට බියක් ?

Friday, February 24, 2017
හොංකොංහි ශ්‍රී ලාංකික සරණාගතයින්ට බියක් ?
ඇමෙරිකාවේ මහා පරිමාණ බුද්ධි අංශ මෙහෙයුම් ලෝකයට හෙළි කළ හිටපු ඔත්තු සේවා නිළධාරී එඩ්වඩ් ස්නොව්ඩන්ට හොංකොං හිදී නවාතැන් පහසුකම් ලබා දීම මුලික කර ගෙන තමන් පසුපස බුද්ධි අංශ ලුහුබඳින බව හොංකොංහි ශ්‍රී ලාංකේය සරණාගතයින් දෙදෙනෙකු බියෙන් පසු වන බව බී.බී.සී. පුවත් සේවය පවසයි.

එම පිරිසේ නිතීඥවරු පුවත් සේවයට පවසා ඇත්තේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොංකොං වෙත පැමිණ මොවුන් පිළිබඳ සොය ඇති බවට විශ්වාස කරන බවයි.

වනජීවි රාජකාරී සඳහා හමුදාව කැඳවීමේ සූදානමක්

Friday, February 24, 2017
වනජීවි රාජකාරී සඳහා හමුදාව කැඳවීමේ සූදානමක්
වන ජීවි නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික වනෝද්‍යාන රැසක කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඒ. එම්. පී. ජී. අත්තනායක සඳහන් කළේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් ජාතික වනෝද්‍යානවලට විදේශිකයින් පැමිණීම පවා සීමා වී ඇති බවයි. බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ මූල්‍ය වටිනාකම වෙත පමණක් බවත් සිය නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන්නේ වනජීවි සංරක්ෂණය වෙනුවෙන් බවත් පැවසුවා. 

කේරළ ගංජා කිලෝ 154ක් සමඟ 5ක් කොටු

Friday, February 24, 2017
කේරළ ගංජා කිලෝ 154ක් සමඟ 5ක් කොටු
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 154ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුමක දී කන්කසන්තුරේ මුහුදු  ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

අනතුරුව සිදු කළ දීර්ඝ මෙහෙයුමක දී ඊට අදාළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිව්ස් බංග්ලාදේශ සංචාරයට

Friday, February 24, 2017
මැතිව්ස් බංග්ලාදේශ සංචාරයට
පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස්ගේ තත්ත්වය සුවදායක පැත්තට හැරෙමින් පවතින අතර, ඔහුට ප්‍රතිකාර කරනු ලබන විශේෂඥ වෛද්‍ය කමිටුවේ විශේෂ පරීක්‍ෂාවකට පෙරේදා ඔහුව ලක්කර තිබිණි.

ඒ පිළිබඳව විමසූ විට එම වෛද්‍ය කමිටුවේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසුවේ දැන් ඇන්ජිලෝ මැතිව්ස්ගේ තත්ත්වය සතුටුදායක මට්ටමක පවතින බවත්, එළැඹෙන බංග්ලාදේශ ක්‍රිකට් සංචාරය මැදදී ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

Thursday, February 23, 2017

ලෙඩ්ඩුන්ගේ අයිතිවාසිකම් ගැනත් හිතනවා

Thursday, February 23, 2017
ලෙඩ්ඩුන්ගේ අයිතිවාසිකම් ගැනත් හිතනවා
රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේදී නව නීතිරීති ගෙන එන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංය, ලංකා වෛද්‍යවරුන්ගේ සංසඳය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ඒකාබද්ධව පවත්වන “මහජන සුවදන“ ජාත්‍යන්තර සෞඛ්‍ය  ප්‍රර්ශනයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මොරගහ කන්ද ඉහගෙන කන්න කට්ටියක් බැහැලා

Thursday, February 23, 2017
මොරගහ කන්ද ඉහගෙන කන්න කට්ටියක් බැහැලා
මොරගහ කන්ද වාරි ව්‍යාපෘතිය නිසා ඉවත්වූ ප්‍රදේශ රැසක වන සතුන් දඩයම හා ගස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට මාධ්‍ය වාර්තා පලවී තිබේ.

ජලයෙන් යටවන ප්‍රදේශවල පදිංචි වැසියන් ඉන් ඉවත්වී ඇති බැවින් පිටස්තර පුද්ගලයින් එම ප්‍රදේශවලට ඇතුළු වී විවිධ ජාවාරම් සිදුකරන බවද පැවසේ.

Wednesday, February 22, 2017

දිනෙන් දින ඇමරිකානු ඩොලරය ඉහළ යන්නේ ඇයි?

Wednesday, February 22, 2017
දිනෙන් දින ඇමරිකානු ඩොලරය ඉහළ යන්නේ ඇයි?
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ මේ වනවිට රුපියල් 153.44 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අගය අමෙරිකානු ඩොලරයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අගය ලෙසයි සැලකෙන්නේ.

හිටපු ජනපති දියණිය අභාවප්‍රාප්ත වෙයි

Wednesday, February 22, 2017
හිටපු ජනපති දියණිය අභාවප්‍රාප්ත වෙයි
හිටපු ජනාධිපති  ඩී.බී.විජේතුංගගේ දියණිය වන චිත්‍රාංගනී කුමාරි විජේතුංග අද අලුයම මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 61 වන වියේ පසු වූ ඇය හිටපු ජනාධිපති  ඩී.බී.විජේතුංගගේ එකම දියණියයි.

MS ගේ ගී ගැයූ MG වන්දි ගෙවයි

Wednesday, February 22, 2017
MS ගේ ගී ගැයූ MG වන්දි ගෙවයි
ප‍්‍රවීණ ගායක එම්.එස්. ප‍්‍රනාන්දුගේ ගීතයක් නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ සිද්ධියට අදාළව එම්.එස්. ප‍්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 3ක වන්දි මුදලක් ගෙවන ලෙසට නව පරපුරේ ගායක එම්.ජී. ධනුෂ්කට අද (22) නියෝග කෙරුණා.

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී එම්.ජී. ධනුෂ්ක ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට තමන් සූදානම් බවයි.

කබීර්ගෙන් මුදල් අමාත්‍යංශයට විරෝධය

Wednesday, February 22, 2017
කබීර්ගෙන් මුදල් අමාත්‍යංශයට විරෝධය
කැබිනට් මණ්ඩලය අනුමත කළ වන්දි මුදලට වඩා වැඩි වන්දියක් එයාර්කැප් නමැති සමාගමට ප්‍රදානය කිරීමේ මුදල් අමාත්‍යංශ තීරණයකට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂිම් විරෝධය පළ කරයි.

විෂය භාර ඇමතිවරයා වන තමන් ද නොතකා හැර එම සමාගමට ඩොලර් මිලියන 154ක වන්දියක් ලබා දීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති බව ඔහු ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කියා සිටියේය.

රනිල්ට ගහන්නේ මෛත්‍රීගේ කීමටදැයි සැකයක් ?

Wednesday, February 22, 2017
රනිල්ට ගහන්නේ මෛත්‍රීගේ කීමටදැයි සැකයක් ?
ශ්‍රීලනිපයේ ඇතැම් ඇමතිවරුන් තම පක්ෂයටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් දිගින් දිගටම පහර දෙන්නේ ජනාධිපතිවරයාගේ ද අනුදැනුම මත විය හැකි බවට බරපතල සැකයක් මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු පැවසිය.

තම අන්‍යතාවය හෙළිනොකරන ලෙස ඉල්ලා සිටි එම මන්ත්‍රීවරයා, කෙසේවුවද එවැනි ශ්‍රීලනිප අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කල බවද කීය.

Tuesday, February 21, 2017

වංචනික ක්‍රියා අපිට දන්වන්න – ඇමති රිෂාඩ් බදුර්දීන්

Tuesday, February 21, 2017
වංචනික ක්‍රියා අපිට දන්වන්න – ඇමති රිෂාඩ් බදුර්දීන්
සහල් තොග සඟවා තබා ගැනීම, රජය නියම කළ පාලන මිලට වඩා වැඩි මිලට විකිණීම සහ රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම ආදී වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1977 අංකයට දැනුම් දෙන ලෙස කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහත පවසයි.

එම දුරකථන අංකය පෙරවරු 7 සිට රාත්‍රී 10 දක්වා විවෘත බවත් ඔහු කීවේය.

වෙළෙඳුන් 52 කට වැඩ වරදියි

Tuesday, February 21, 2017
වෙළෙඳුන් 52 කට වැඩ වරදියි
පාලන මිලක් නියම කර තිබියදී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිනයේ සිදු කළ වැටලීම් 137ක් අතරින් වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යෙ රිෂාඩ් බදුයිදීන් මහතා කියා සිටියේ අහඹු ලෙස තෝරගාත් ස්ථානයන් හා සහල් වැඩිමිලට විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදුකරන බවයි.

ශ්‍රී ලංකන් ආදායම බිලියන 2.4කින් අඩුවෙයි

Tuesday, February 21, 2017
ශ්‍රී ලංකන් ආදායම බිලියන 2.4කින් අඩුවෙයි
මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ආදායම රු. බිලියන 2.4කින් අඩුවී ඇතැයි වාර්තා වේ.

අධික වියදම් කපා හැරීමට හා මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මීට කළින් පවසා තිබුණද, වසර 2015/2016 මූල්‍ය වර්ෂය තුළදී ඔවුන්ගේ ආදායම රු. බිලියන 129.48ක් දක්වා අඩු වී ඇතැයි එහි වාර්ෂික මූල්‍ය වර්තාවේ ඇතුළත් දත්ත වල දැක්වේ.

මහින්ද පාර්ශ්වය මැතිවරණයේ දී වෙනම සටනට

Tuesday, February 21, 2017
මහින්ද පාර්ශ්වය මැතිවරණයේ දී වෙනම සටනට
ඉදිරි ජාතික මැතිවරණයක දී කිසිදු ප්‍රධාන පක්ෂයක් සමඟ එක් නොවී තනිවම තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ නිවසේ දී පෙරේදා (19) පස්වරුවේ පැවති පොදුජන පෙරමුණේ අනුරාධපුර බටහිර හා මිහින්තලේ ආසන වල තරුණ බල බලමණ්ඩලය අමතමින් ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසිය.

රතන හිමි ගැන සොයන කමිටුව වැඩ අරඹයි

Tuesday, February 21, 2017
රතන හිමි ගැන සොයන කමිටුව වැඩ අරඹයි
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික හෙළ උරුමය විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව පිළිබඳ අද මාධ්‍ය හමුවකදී අනාවරණ වුණා.

ඒ ජාතික හෙළ උරුමයේ බත්තරමුල්ල කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

මහබැංකු අධිපති කොමිසම හමුවට

Tuesday, February 21, 2017
මහබැංකු අධිපති කොමිසම හමුවට
මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ, මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දිම සඳහායි.

නුවරඑලිය කන්දඇල සිට හෝටන්තැන්න ලෝකන්තය දක්වා මාර්ග දෙපස කැළි කසල ඉවත් කිරිම

Tuesday, February 21, 2017
නුවරඑලිය කන්දඇල සිට හෝටන්තැන්න ලෝකන්තය දක්වා මාර්ග දෙපස කැළි කසල ඉවත් කිරිම
නුවරඑලිය වැඩිම දේශිය සහා වීදේශිය සංචාරක පිරිසක් ලෙසින් සංචාරක ආකර්ශයක් ලබාගෙන තිබෙන කන්දඇල සිට ලෝකන්කය පිවිසෙන මාර්ගය දෙපස මහමග දමා යන කැලිකසළ  හේතු වෙින් ගැටලු රැසක් මතුවෙමින් තිබෙන බව එම ගමිවාසින් පවසයි;හෝටන්තැන්න සහා ලෝකාන්තය සංචාරයට පැමිණෙන විශාල සංචාරකයින්  පැමින ඔහුන් රැගෙන ඒන අහාර භාවිත කිරිමෙින් පසුව එම  කසල මහමග දෙපස විසිකර දමා (යෝගටි කප්; පාස්ටික් වතුර බොතල්;  බිම බෝතල්;පලස්ටික් භාඡන;පත්තර කොළ) යන අප දව්‍ය කිසිම තුමවෙිදයක් තොරව ඉවක්බවක් නොමැතිව අප දව්‍ය සදහා පරිසරය විම හේතුවෙින් ඒ සදහා 17වන දින සිදු කෙරනු ශුමදනයක් පටිටිපොල පොලිස් නිලධාරින්;

Monday, February 20, 2017

ආණ්ඩුව ගෙදර යවන්නේ කාන්තාවන්

Monday, February 20, 2017
ආණ්ඩුව ගෙදර යවන්නේ කාන්තාවන්
වර්තමාන ආණ්ඩුව පරාජයට පත්කරනු ලබන්නේ කාන්තාවන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවට එරෙහිව ලෝක කාන්තා දිනයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට

Monday, February 20, 2017
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට අද කැඳවා තිබුණා.

පසුගිය රජය සමයේ ඔහුගේ පෞද්ගලික ගිණුම් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට නාමල් රාජපක්ෂ කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

ෆුල්ෆේස් තහනමට එරෙහි අතුරු තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

Monday, February 20, 2017
ෆුල්ෆේස් තහනමට එරෙහි අතුරු තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි අතුරු තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. එය ලබන ජූලි මස 13වනදා දක්වා දීර්ඝ කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.

නිසි ප්‍රමිතියකින් යුත් හෙල්මට් භාවිතයට හැකිවන ලෙසට නව රෙගුලාසි සම්පාදනය කිරීම මෙතෙක් අවසන්  වී නැති බව නීතිපතිවරයා දැනුම් දුන්නා.

නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් - අනුර

Monday, February 20, 2017
නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් - අනුර
රටේ පාර්ලිමේන්තුවට එක් ඡන්ද ක‍්‍රමයක්ද, පළාත් සභාවට තවත් ඡන්ද ක‍්‍රමයක්ද, පළාත් පාලන ආයතනවලට තවත් ඡන්ද ක‍්‍රමයක්ද වශයෙන් ඡන්ද පැවැත්විය යුතු නැතැයි ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ(19) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එය විකාර සහගත දෙයක් බවත් එනිසා මෙම ඡන්ද ක‍්‍රමයේ විකෘති තත්වය ඡන්ද පැවැත්වීමට බාධාවක් වී තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ආණ්ඩුවේ වරදක් ගැන චන්ද්‍රිකා හෙළි කරයි

Monday, February 20, 2017
ආණ්ඩුවේ වරදක් ගැන චන්ද්‍රිකා හෙළි කරයි
වත්මන් ආර්ථිකයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමට ආණ්ඩුව අපොහොසත්වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ(19) නිට්ටඹුවේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

වැඩ කරනවා මදි කියා ජනතාව ආණ්ඩුව දෝෂාරෝපණය කරන බවත් එය සත්‍ය බව තමාද පිළිගන්නා බවත් හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

හොර වෛද්‍ය සංගමයක් ගැන රාජිතගෙන් CIDයට පැමිණිල්ලක්

Monday, February 20, 2017
හොර වෛද්‍ය සංගමයක් ගැන රාජිතගෙන් CIDයට පැමිණිල්ලක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යන ව්‍යාජ සංගමය පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ව්‍යාජ සංගමය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූම් මහතාගේ චරිතය ඝාතනය කිරීම සඳහා ප්‍රවෘත්ති නිවේදනය සහ පුවත් පත් වාර්තා නිකුත් කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

Saturday, February 18, 2017

හම්බන්තොට වරාය ගැන අධිකරණ නියෝගයක්

Saturday, February 18, 2017
හම්බන්තොට වරාය ගැන අධිකරණ නියෝගයක්
හම්බන්තොට වරාය චීන සමාගමකට ලබා දීමට විරුද්ධත්වය පළ කරමින් ගොණු කළ නඩුව අවසන් වන තෙක් ගිවිසුමකට එළඹීම නවත්වන ලෙස අධිකරණයේ නියෝගයක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඊයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරනු ලැබුවා.

විගනේෂ්වරන් රෝහල්ගත කෙරේ

Saturday, February 18, 2017
විගනේෂ්වරන් රෝහල්ගත කෙරේ
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි රෝහල් ආරංචි කියා සිටියේ.

Friday, February 17, 2017

මීගමුවේ සිට නවසීලන්තයට දුටු බෝට්ටු සිහිනය මගදී බොඳ වෙයි

Friday, February 17, 2017
මීගමුවේ සිට නවසීලන්තයට දුටු බෝට්ටු සිහිනය මගදී බොඳ වෙයි
නීති විරෝධි ලෙස බෝට්ටු මගිින් නවසීලන්තය බලා යාමට සූදානමින් සිටි සැකකරුවන් අට දෙනෙකු මීගමුව නීතිය බලගන්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කදිරාන ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් මීගමුව, මාරවිල, කල්මුණේ සහ මුනේතිව් යන ප‍්‍රදේශවල පදංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

"ආණ්ඩුව මුට්ටිය දාල බලනවා" - ඒකාබද්ධයෙන් චෝදනා

Friday, February 17, 2017
"ආණ්ඩුව මුට්ටිය දාල බලනවා" - ඒකාබද්ධයෙන් චෝදනා
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තවම කිසිවක් කෙටුම්පත්කර නොමැති බවට රජය විසින් කරනු ලබන ප්‍රකාශ අසත්‍ය බව ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරයි.

සියල්ල කෙටුම්පත්කර පවතිද්දී ජනතාවගෙන් මතුවූ විරෝධය හමුවේ ආණ්ඩුව 'රඟපෑමක' යෙදෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා 'බීබීසී'යට පැවසීය.

ඔස්ටේ‍්‍රලියා - ලංකා විස්‌සේ සටන අද

Friday, February 17, 2017
ඔස්ටේ‍්‍රලියා - ලංකා විස්‌සේ සටන අද
ලසිත් මාලිංගගේ පැමිණීමත් සමග පන්දු යෑවීමේ අංශය ශක්‌තිමත් කර ගත් ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායම අද (17 දා) ඔස්‌ටේ්‍රලියාව සමග තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගයට සහභාගි වේ. මෙල්බන් නුවරදී ආරම්භ වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

Thursday, February 16, 2017

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන්ට වැඩ වරදියි

Thursday, February 16, 2017
වැඩි මිලට සහල් විකුණන වෙළඳුන්ට වැඩ වරදියි
රට තුළ සහල් හිඟයකට හෝ වැඩි මිලට කිසිසේත් සහල් අලෙවි කිරීමට ඉඩ නොතබන බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසනවා.

වවුනියාවේදී මාධ්‍ය අමතමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම් දැඩි කරන බවයි.

මහින්දගේ තංගල්ලේ නිවෙස අසලට ගිය රාජිත පුදුම වෙයි

Thursday, February 16, 2017
මහින්දගේ තංගල්ලේ නිවෙස අසලට ගිය රාජිත පුදුම වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙස ඉදිරිපිට තිබෙන තංගල්ල රෝහලේ තත්ත්වය පිළිබඳ තමන් පුදුම වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය ආණ්ඩුව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළද කුඩා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කිසිදු තැකීමක් කර නොමැති බව මෙයින් ඔප්පු වන බව ස අමාත්‍යවරයා සඳහන් කළේය.

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Thursday, February 16, 2017
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ඉදිරිපැය 48 තුළදී දිවයින වටා මුහුදු ප්‍රදේශ වල තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවේදනය කරයි.

ඒ අනුව පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

තාජුඩීන් ඝාතන සිද්ධිය: හිටපු ස්ථානාධිපතිට ඇප

Thursday, February 16, 2017
තාජුඩීන් ඝාතන සිද්ධිය: හිටපු ස්ථානාධිපතිට ඇප
රගර් ක්‍රිඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ  හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාට මහා අධිකරණය විසින් ඇප නියම කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත හිටපු ස්ථානාධිපතිවරයා මුදා හැරීමට නියම කළ බව වාර්තා වෙයි.

විදුලි මාෆියාව යළි දැවැන්ත ටෙන්ඩර් වංචාවක

Thursday, February 16, 2017
විදුලි මාෆියාව යළි දැවැන්ත ටෙන්ඩර් වංචාවක
කැබිනට් මණ්ඩලයත් නොමග යවමින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා ඇතැයි 'දූෂණ විරෝධි පෙරමුණ' පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වූ බරපතලම චෝදනාව දුෂිතයින් ආරක්ෂා කිරීමය. ගල් අගුරු වංචාව හෙළිදරව් කල මෛත්‍රී ගුණරත්න මහතාට ජනාධිපතිවරයා විසින් නව තනතුරක් ලබා දී ඇත.

ඇමති විග්නේෂ්වරන්ට යුරෝපා සංගමය උතුරේදි දුන් ප්‍රතිඥාව

Thursday, February 16, 2017
ඇමති විග්නේෂ්වරන්ට යුරෝපා සංගමය උතුරේදි දුන් ප්‍රතිඥාව
එක්සත් ජාතීන්ගේ සංගමයත් යුරෝපා හවුලත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ප්‍රතිඥාවක් දී තිඛෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක උනා මැකෝලි සහ යුරෝපා සංගමයේ තානාපතිවරියක වන ටුලයි මාර්ග් උතුරේ සංචාරයක නිරත වෙමින් මෙම අදහස් පළ කළා.

Wednesday, February 15, 2017

බාහිර උපාධි කප්පාදු කළ යුතුයි

Wednesday, February 15, 2017
බාහිර උපාධි කප්පාදු කළ යුතුයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසකට විශාල ධනයක් උපයාගැනීමේ ජාවාරමක් බවට පත්ව ඇති බාහිර උපාධි ව්‍යාපාරය කප්පාදු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අවධාරණය කරයි.

ඒ මහතා  මේ බව අවධාරණය කර සිටියේ දූෂණ විරෝධි පෙරමුණ විසින් රාජගිරිය, වැලිකඩවත්ත පාරේ පිහිටි එම කාර්යාලයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට ඊයේ (14) එක්වෙමිනි.
හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ බාහිර උපාධි පාඨමාලා ඇති විශ්වවිද්‍යාල කිහිපයක් ශ්‍රී ලංකාවේ තිබුණද, ගුණාත්මකභාවයෙන් ඉතා පහළ සමත්වීම පහසු පාඨමාලා ඇති විශ්වවිද්‍යාල සඳහා වැඩි ඉල්ලුමක් ඇති බවයි.

චිත‍්‍රපට නළු බොනිෆස් ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Wednesday, February 15, 2017
චිත‍්‍රපට නළු බොනිෆස් ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
60 දශකයේ විත‍්‍රපට නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ බොනිෆස් ප‍්‍රනාන්දු මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 83 වැනි වියේ පසු වු ඒ මහතා පස්දරු පියෙකි.

1956 දී තිරගත වූ සිරිමලී චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කරමින් සිනමාවට පිවිසි ඒ මහතා චිත‍්‍රපට 35 ක පමණ රංගනයට එක්වී ඇත. සුහද දිවි පිදුම, සුවිනීත ලාලනී, ශිරානි,  සුදු සඳේ කළු වළා සහ සුදෝ සුදු ඉන් කිහිපයකි.

CID ශානි අබේසේකරට උසස්වීමක්

Wednesday, February 15, 2017
CID ශානි අබේසේකරට උසස්වීමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ශානි අබේසේකර මහතාට මෙම උසස් වීම ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පසුගිය වසරේ අගෝස්තු මස 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම ලබා දී ඇති බව සඳහන්වේ.

වඳ වී යන ජාතීන් අතර සිංහල ජනතාව පෙරමුණේ

Wednesday, February 15, 2017
වඳ වී යන ජාතීන් අතර සිංහල ජනතාව පෙරමුණේ
ලෝකයේ වඳ වී යන ජාතීන් අතර පෙරමුණේ ඉන්නේ සිංහල ජනතාවයි. අද සිංහල දරුවන්ගෙන් සියයට අසූවක්‌ම මෙලොව උපදින්නේ සීසර් කරලයි. මේ නිසා දරුවට අම්මා ගැන ආදරයක්‌ ඇතිවන්නේ නැහැ.

අන්තිමට දරුවො අම්මලාට පිහියෙන් ඇනල මරණ තත්ත්වයට පත්වී තිබෙනවා යෑයි අමරපුර නිකායේ චූලගන්ඨි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක වැලිතර අමරනන්ද අනුනාහිමියෝ පැවසූහ.

අහුන්ගල්ල මරදාන වලේකෝවිල පුලිනතලාරාම විහාරස්‌ථ ශ්‍රී අමරවංස දහම් පාසලේ සිසු සිසුවියන්ගේ මාපිය වන්දනාවකදී අනුශාසනාවක්‌ කරමින් හිමියෝ එසේ කීහ.

ඩුප්ලිකේට් බන්දු සමරසිංහ ඇතුළු 5කට නඩු

Wednesday, February 15, 2017
ඩුප්ලිකේට් බන්දු සමරසිංහ ඇතුළු 5කට නඩු
ප්‍රවීණ නළු බන්දු සමරසිංහ මහතාගේ රංගනය අනුකරණය කරමින් රංගනයේ යෙදූ ජනක කුමාර ඇතුළු ඔහු යොදා චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන් පස්දෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ නඩු පැවරීය.

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ චෝදනා 3ක් විත්තිකරුවන්ට එරෙහිව පොලිසිය ගොනු කර තිබේ.

Tuesday, February 14, 2017

මහින්ද යෝෂිත එක්ක හදිසියේ සිංගප්පූරු යයි

Tuesday, February 14, 2017
මහින්ද යෝෂිත එක්ක හදිසියේ සිංගප්පූරු යයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු අද (13) රාත්‍රීයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේ අරමුණ කුමක්දැයි පැහැදිලිව වාර්තා නොවෙයි.