January 2017 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, January 30, 2017

රජයේ නියම කරපු මිලට වෙළඳ පොළේ බඩු නෑ

Monday, January 30, 2017
රජයේ නියම කරපු මිලට වෙළඳ පොළේ බඩු නෑ
රජය නියම කර ඇති උපරිම මිල ගණන්වලට එම භාණ්‌ඩ වෙළෙඳ පොළේ අලෙවි වන්නේ නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

කලින් නියම කළ උපරිම මිල පවා වෙළෙඳ පොළ තුළ ක්‍රියාත්මකව නොතිබියදී නැවතත් උපරිම මිල ගැසට්‌ කිරීම විහිළුවක්‌ බවද එම ව්‍යාපාරය පවසයි.

හොර කන්ටේනර් අටක් මුදා හරින්න ඇමති අනුමැතිය

Monday, January 30, 2017
හොර කන්ටේනර් අටක් මුදා හරින්න ඇමති අනුමැතිය
නීති අර්බුද මධ්‍යයේ ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් ඇතුළත් කන්ටේනර් අටක් මුදාහරින්නැයි මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

කන්ටේනර් මුදා හැරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය මේ සතිය ආරම්භයේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත යවා ඇතැයි ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාවරයා සභාපතීත්වය දරන කැබිනට් අනු කමිටුවක් විසින් අදාළ නිදහස් කිරීම අනුමත කර ඇතැයිද තවදුරටත් වාර්තා වේ.

තලතා මන්ත්‍රී ධූරයෙන් අස්වෙන්න යයි

Monday, January 30, 2017
තලතා මන්ත්‍රී ධූරයෙන් අස්වෙන්න යයි
2015 වසරේ ජනවාරි 8 දාට පසුව එක්සත් ජාතික පාක්ෂිකයින් නීති විරෝධීව කටයුතු කර ඇත්නම් තමන් මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ අදහස් පළකළේ පසුගියදා (27) රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

‘”2015 ජනවාරි 8 වෙනිදයින් පස්සේ එක යුඑන්පි කාරයෙක් හරි අහිංසක මිනිහෙක්ගේ ඉඩම් කොල්ලකාලා තියෙනවා නම්, අනවසරයෙන් පතල් හාරලා තියෙනවා නම් මේ මන්ත්‍රිකමෙන් මම හෙට අයින් වෙන්න ලෑස්තියි. අපි නීතිය ක්‍රියාත්මක කරන්නයි බැඳිලා ඉන්නේ.

රංජන්ගේ කතාවට ජනපති මැදිහත් වේ !

Monday, January 30, 2017
රංජන්ගේ කතාවට ජනපති මැදිහත් වේ !
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය  හා ඊට එරෙහිව රජයේ නිලධාරීන්ගෙන් මතුව ඇති විරෝධතාවය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත්, මේවනවිට කොමසාරිස්වරිය හා නියෝජ්‍ය අමාත්‍යවරයා කැඳවලා විශේෂ පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත්  ගම්පහ දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසිය.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කල විමසීමකදීය.

Saturday, January 28, 2017

පාසල් දරුවන් අතර මුඛ පිළිකා පැතිරීමේ අවධානමක්

Saturday, January 28, 2017
පාසල් දරුවන් අතර මුඛ පිළිකා පැතිරීමේ අවධානමක්
පාසල් සිසුන් අතර මුඛ පිළිකා පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහලේ විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කර පවසනවා. වෙළෙඳ පොළේ ඇති සකස් කරන ලද පුවක් කෑමට පාසල් සිසුන් පෙළඹීම මෙම තත්වයට හේතුවී ඇති බවයි විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර පෙන්වා දෙන්නේ.

පාසල් සිසුන් අතර මත්පැන් පානය සහ දුම්පානය ඉහළ යාමද මෙම තත්වයට තවත් හේතුවක් බව විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.

ආනයනික සහල් බදු පහත දමයි

Saturday, January 28, 2017
ආනයනික සහල් බදු පහත දමයි
ආනයනික සහල් කිලෝවක්‌ සඳහා දැනට පවතින රුපියල් 15 ක විශේෂ වෙළෙඳ බද්ද ඊයේ (27 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 දක්‌වා අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මෙම බදු පහත දැමීමට තීරණය කර තිබේ.

ටොයොටා සමාගමෙන් ලංකාවට අඩුම මිළට වාහනයක්

Saturday, January 28, 2017
ටොයොටා සමාගමෙන් ලංකාවට අඩුම මිළට වාහනයක්
ශ්‍රී  ලංකාව තුළ පළමු වරට 1000cc කාණ්ඩයේ ටොයොටා රථයක් හඳුන්වා දී තිබෙනවා.මෙම රථය ‘wigo” නම් වනවා.
මෙරට සාමාන්‍ය ජනතාවගේ නිවසේ පාවිච්චිය සහ තරුණ විධායක නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා මෙම රථය හඳුන්වා දී තිබෙනවා.

ඉතා පහසු මිලකට මෙය වෙළඳපොළට නිකුත් කර ඇති අතර සුවපහසු මෙන්ම පහසු මිළට ලබාගත හැකිමෙම කාණ්ඩයේ රථ සඳහා මෙරට වෙළඳපොළ තුළවිශාල ඉල්ලූමක් පවතින බවයි ටොයොටා ලංකා (පුද්.)සමාගම පවසන්නේ.

පත්තර කුණු බක්කියටම වැටෙයි !

Saturday, January 28, 2017
පත්තර කුණු බක්කියටම වැටෙයි !
පත්තරවලින් ආහාර එතීම සම්බන්ධ නීති අකුරට ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ තීරණයට එළඹීමට විශේෂ හේතුවක් වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය අමාතයංශ ඉල්ලීම් සලකා නිසා බවද පැවසේ.

කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වජිර දසනායක මහත‍ා පවසන්නේ 1980 අංක 26 දරන ආහාර පනත අනුව මුද්‍රිත කොළවල ආහාර ද්‍රව්‍ය එතීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

Friday, January 27, 2017

ආණ්ඩුවේ හා ඒකාබද්ධයේ දෙපළක් පස් ජාවාරමක - රන්ජන් හෙළිකරයි - (video)

Friday, January 27, 2017
ආණ්ඩුවේ හා ඒකාබද්ධයේ දෙපළක් පස් ජාවාරමක - රන්ජන් හෙළිකරයි - (video)
සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය අකරගම ප්‍රදේශයේ පස් කැපීමේ ක්‍රමවේදය පිළිබඳව සොයා බැලීමට ඊයේ (26) අකරගම ප්‍රදේශයට පැමිණියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රදේශයේ පස් කැපීම සඳහා බලපත් ලැබී ඇත්තේ අක්කරයක් තුළ මීටරයක ප්‍රමාණයක් ගැඹුරට පස්කැපීමට වුවද මේ වන විට එය අඩි 30 කට වඩා ගැඹුරට කපා ඇති බවයි.

“උතුරේ වී කළුකඩ මුදලාලිලාට දෙන්න එපා“ – රිෂාඩ්

Friday, January 27, 2017
“උතුරේ වී කළුකඩ මුදලාලිලාට දෙන්න එපා“ – රිෂාඩ්
උතුරේ ගොවීන් තවදුරටත් තම වී අස්වැන්න කළු කඩ මුදලාලිලාට විකුණන්න අවශ්‍ය නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ඊයේ (26) මන්නාරමේ දී පැවසිය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම නානාට්ටාන් හි සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කළ හැකි වී ගබඩාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ග්‍රාමීය සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ලෙස ඉදිකරන ලද මෙම වී ගබඩාව සඳහා රජය රුපියල් කෝටි 26ක මුදලක් වියදම් කර තිබිණි.  මුදල් ඇමති රවී කරුණානායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

රුපියල් 50 ලොතරැයියක්

Friday, January 27, 2017
රුපියල් 50 ලොතරැයියක්
ඉදිරියේ දී රුපියල් පනහක වටිනාකමකින් යුත් නව ලොතරැයි පතක් හදුන්වා දෙන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ මන්නාරම ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින්.

ජනතාවට වැඩි දිනුම් අවස්ථා ගණනක් උදාකරදීම මෙහි අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Thursday, January 26, 2017

ලෙබනන් ගිය කාන්තාවක් ගැන තොරතුරු සොයයි

Thursday, January 26, 2017
ලෙබනන් ගිය කාන්තාවක් ගැන තොරතුරු සොයයි
ලෙබනන් රටේ රැකියාවට ගොස් අතුරුදන් වූ එම්. පන්චවර්නම් නැමැති කාන්තාව පිළිබඳ තොරතුරු සොයාබැලීම සඳහා අවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ලෙබනන් තානාපති කාර්යාලයට ඇය සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය බවයි කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඇය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

Thursday, January 26, 2017
පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල පුවත්පත් වන “ජනබල“ පුවත්පත  අද (26) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම නාරාහෙන්පිට අභයාරාමයේදී සිදුවිය.

ක්‍රිකට් ලොක්කන් කිහිපදෙනෙක් අස්වෙන්න යයි

Thursday, January 26, 2017
ක්‍රිකට් ලොක්කන් කිහිපදෙනෙක් අස්වෙන්න යයි
තරග පාවාදීමක් සිදුව ඇති බවට චෝදනා එල්ලව ඇති පළමු පෙළ  ක්‍රිකට් තරගාවලියේ “බී” කාණ්ඩයේ පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර ක්‍රීඩා සමාජය (Kalutara Physical Cultural Ciub) අතර තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිලධාරීන් සම්බන්ධ බවද මේවන විට හෙළිව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ බව හෙළිවීමත් සමඟ වරදට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිල දරන පිරිසක්  ඉවත්වීමට සූදානම්වන බවද  වාර්තා වේ.

සත්වසරකදී අඩුම තේ අපනයන 2016 දී

Thursday, January 26, 2017
සත්වසරකදී අඩුම තේ අපනයන 2016 දී
වසර 2016 දී ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන ලද තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 288.7 ක් බව වාර්තා වේ.

මෙය 2015 වසරේ දී අපනයනය කරන ලද මුළු තේ ප්‍රමාණය වන කිලෝග්‍රෑම් මිලියන 306.9 හා සැසඳීමේ දී 5.93% ක අඩුවීමකි.

මේ අතර Asia Siyaka Commodities Plc විසින් එළිදක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ 2009 වසරෙන් පසු මෙරට තේ අපනයන, කිලෝග්‍රෑම් මිලියන 300 සීමාවෙන් මෙපිට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි.

බැඳුම්කර TV හා රේඩියෝ අවුලක !

Thursday, January 26, 2017
බැඳුම්කර TV හා රේඩියෝ අවුලක !
දැනට පවතින ගුවන් විදුලි නාලිකා කිහිපයක් හා රූපවාහිනී නාලිකාවක් මහ බැංකු බැඳුම්කර හරහා උපයාගත් මුදල් යොදවා මිලදී ගැනීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ජනපතිවරයාට නොදන්වා දැනට පවතින කිසිදු නාලිකාවක අයිතිය වෙනත් සමාගමකට හෝ පුද්ගලයකුට පැවරීම සිදු නොකරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී ඇතැයි එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවතින්නේ ජනාධිපතිවරයා යටතේය.

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

Thursday, January 26, 2017
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්
ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ලබන 07 වනදා දක්වා අද (26) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.

උද්ඝෝෂණවලට සහභාගී වීම තහනම් කරමින් ඔහුට මීට පෙර ඇප කොන්දේසියක් පනවා තිබුණා.

Wednesday, January 25, 2017

කරූ නීතිපතිගෙන් කෝප් කෙරුවාව අහයි

Wednesday, January 25, 2017
කරූ නීතිපතිගෙන් කෝප් කෙරුවාව අහයි
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව නීතිපතිට යොමු කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද දින (25 ) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මීට ඉහතදී, මෙම සභා ගර්භයේදී විවාද කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට කලින් කල ඉදිරිපත් කරන ලද වාර්තා ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමුකළ අවස්ථා දැනගැනීමට නොමැති නමුත් එලෙස කිරීම යහපත් පූර්වාදර්ශයක් වනු නොඅනුමාන යයි ඔහු එහිදී කියා සිටියේය.

ජනපති ගිය හෙළිකොප්ටරය හදිස්සියේ මගින් හරවයි

Wednesday, January 25, 2017
ජනපති ගිය හෙළිකොප්ටරය හදිස්සියේ මගින් හරවයි
මුලතිව්හි පැවැත්වීමට නියමිතව තිබු මුල්යාවලෛ විද්‍යානන්ද විදුහලේ විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම හා යුද්ධයෙන් අවතැන්වූ ජනතාවට ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයට සහභාගී වීමට මුලතිව් බලා ගුවනින් ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ගමන අතරමඟදී අත්හැර දමා නැවත කාර්යාලයට පැමිණ ඇතැයි වාර්තා වේ.

අද ( 25) උදෑසන 10.00ට ඒ මහතා මුලතිව් වෙත යාමට මෙසේ ගොස් ඇති අතර කාලගුණය අයහපත්වීම නිසා එම ගමන අත්හැර දමා ඇති බව ජනාධිපති කාර්යාලය කියා සිටියේය.

නුගේගොඩ රැලියට එන්න එපා

Wednesday, January 25, 2017
නුගේගොඩ රැලියට එන්න එපා
ඒකාබද්ධ විපක්ෂය 27 වැනිදා නුගේගොඩදී පවත්වන 'පෙරැළියක ඇරැඹුම' ජන රැලියට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් එම රැස්වීමට නොපැමිණෙන ලෙස තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

එම රැස්වීමට සහභාගි වන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දරුවන් පවා සිරගත කරන බවට දැනටමත් ඇතැම් ඇමැතිවරු තර්ජනය කොට ඇති නිසා දරුවන් ගැන සිතා එලෙස සහභාගි නොවන ලෙස ඉල්ලා සිටින බවද හිටපු ජනාධිපතිවරයා කීය.

උපවාස කළ සිල් මාතාව රෝහල් ගත කරලා!

Wednesday, January 25, 2017
උපවාස කළ සිල් මාතාව රෝහල් ගත කරලා!
සිය අනන්‍යතාව හෙළි නොකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ දස සිල් මාතාව අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පෙරේදා (23දා) මධ්‍යම රාත්‍රියට ආසන්නව මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මාරාන්තික උපවාසයක් ආරම්භ කළ දස සිල් මාතාව එය ක්‍රියාත්මක කර ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ සම්බන්ධතාවක් මත බවට පොලිසියට කරුණු වාර්තා වී ඇත.

දූෂණය අතින් ලංකාව තවත් වලපල්ලට?

Wednesday, January 25, 2017
දූෂණය අතින් ලංකාව තවත් වලපල්ලට?
වසර 2016 දී ශ්‍රී ලංකාව තුළ දූෂිතබව තවදුරටත් වැඩිවී ඇති බවට අද (25) දිනයේදී නිකුත් වූ ජාත්‍යන්තර වාර්තාවකින් පෙන්නුම් කෙරේ.

වසර 2016 සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කර ඇති ලෝක දූෂණ සංජනන දර්ශකය (CPI Index) තුළ ලොව රටවල් 176ක් අතුරින් ශ්‍රී ලංකාවට 95 වැනි ස්ථානය හිමිව තිබේ.

වසර 2015 වාර්තාවේදී 83 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවේ මේ අයුරින් ස්ථාන 12 කින් දර්ශකයේ පහතට ගොස් ඇත.

මැතිව්ස්ගේ තැන ගන්න තුන් කොන් සටනක්

Wednesday, January 25, 2017
මැතිව්ස්ගේ තැන ගන්න තුන් කොන් සටනක්
දකුණු අප්‍රිකාව සමග අද පැවැත්වීමට නියමිත අවසන් සහ තීරණාත්මක පන්දු වාර 20-20 තරගයට සහභාගි වන ශ්‍රී ලංකා පිලට ක්‍රිඩකයන් තිදෙනෙක් එක් කිරීමට ක්‍රිකට් ආයනයේ ප්‍රධානීන් සටනක නිරත වී  ඇති බව වාර්තාවේ.

මෙසේ  ක්‍රිඩකයන් තිදෙනෙක් එක් කරන්නේ පිය පදවියේ ලැබීමට ආසන්නයේ සිටීම නිසා ලංකාවට පැමිණි නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පුරප්පාඩුව සදහාය.

ඒ අනුව සුරංග ලක්මාල්, සජිත් පතිරණ හා ජෙෆිරි වැන්ඩසේ අද තරගය සදහා ශ්‍රී ලංකා පිලට එක් කිරීමට උත්සාහ කරමින් සිටින ක්‍රීඩකයෝ වෙති.

ISIS ත්‍රස්ත සංවිධානයේ අලුත්ම මාරක අවිය මෙන්න - (photos)

Wednesday, January 25, 2017
ISIS ත්‍රස්ත සංවිධානයේ අලුත්ම මාරක අවිය මෙන්න - (photos)
ISIS සංවිධානය විසින් නිකුත් කළ අලුත්ම පූර්ව ප්‍රචාරක වීඩියෝ පටයක ඔවුන්ගේ නවතම මාරක අවිය පිළිබඳවද වීඩියෝ දර්ශණ ඇතුලත් කොට ඇත. ඒ ගුවනින් බෝම්බ හෙලන නවීන Drone යාත්‍රාවකි. ඇමෙරිකාව විසින් යුධ කටයුතු සඳහා යොදාගන්නා MQ-9 ප්‍රේඩේටර් ගුවන් යානය අනුකරණය කරමින් ISIS සංවිධානය එයට බොහෝ සමානකම් සහිතව මෙම යානය නිපදවා තිබේ.

ISIS සංවිධානය මෙයට පෙර ගුවන් දර්ශණ ලබාගැනීම සඳහා Drone යාත්‍රා භාවිතාකොට තිබුනත් බෝම්බ හෙලීම සඳහා ISIS සංවිධානය Drone යාත්‍රා භාවිතා කළ පළමු අවස්තාව මෙයවේ.

සිගන්නන් හටත් දඩ මුදලක්?

Wednesday, January 25, 2017
සිගන්නන් හටත් දඩ මුදලක්?
බස් රථවල සිඟමන් යැදීම දිනෙන් දිනම ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා අද වනවිට බස් රථවලට ඇතුළු වී දසදහසකට අධික පිරිසක් සිඟමන් යදින බවට හෙළි වී ඇති බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

බස්රථ තුළ සිඟමන් යැදීම සපුරා තහනම් බවට මෝටර් රථ ආඥා පනතේ සඳහන් කර තිබුණද, එම වරද සිදුකරන පුද්ගලයාට ලබාදෙන දඬුවම පිළිබඳ සඳහන් කර නැතැයිද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

'මට දැන් හොරු කල්ලියක් එක්ක ඉන්න වෙලා' - ජනපති

Wednesday, January 25, 2017
'මට දැන් හොරු කල්ලියක් එක්ක ඉන්න වෙලා' - ජනපති
රාජකීය හොර පවුලකට එරෙහිව පසුගිය ආණ්ඩුවෙන් එලියට පැමිණි තමාට, දැන් හොරු කල්ලියක් සමග එකට සිටීමට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින් කිහිප දෙනෙනෙකු අමතමින් ජනාධිපතිවරයා ඊයේ (24) එබව සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු විසින් විගනකාධිපතිවරයට තර්ජනය කිරීමේ පුවතක් වාර්තාවීමත් සමගය.

ගේ මගේ! හදන්න සල්ලි ලැබුණ හැටි දන්නෑ! - ශෂී වීරවංශ

Wednesday, January 25, 2017
ගේ මගේ! හදන්න සල්ලි ලැබුණ හැටි දන්නෑ! - ශෂී වීරවංශ
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය ‍අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසනවා.

මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි.

Monday, January 23, 2017

තරගයේ වීරයා වූ මැතිව්ස් අද දිවයිනට

Monday, January 23, 2017
තරගයේ වීරයා වූ මැතිව්ස් අද දිවයිනට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්‍රියේදි දකුණු අප්‍රිකාවේ සිට යළි සිය රටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (22) ජොහැන්නස්බර්ග් නුවර පැවැති තරගයේදි මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්විය.

ක්‍රිකට් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා නායකයාට සති දෙකක් හෝ තුනක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව වාර්තාවෙයි

ෆවුසිගේ නඩුවට දින නියම වෙයි

Monday, January 23, 2017
ෆවුසිගේ නඩුවට දින නියම වෙයි
ආපදා කළමනාකරණ අමාත්‍යංශයට අයත් වාහනයක් පුද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් රජයට රුපියල් දස ලක්ෂයකට අධික අලාභයක් සිදු කළ බවට චෝදනා මත හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාට එරෙහි නඩුවක් අද(23දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ෆවුසි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් වී නැත.

GSP+ නැති වුනාට රටට පාඩු නෑ – මහින්ද

Monday, January 23, 2017
GSP+ නැති වුනාට රටට පාඩු නෑ – මහින්ද
ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ලබා ගැනීම සඳහා යුරෝපා කොමිසම ඉදිරිපත් කළ සියලු කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ද ආණ්ඩුව එකඟතාව පල කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ දී ඊයේ (22) පැවති ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුවට එක්වෙමින්.

විමල් එකකින් නිදහස් වෙයි

Monday, January 23, 2017
විමල් එකකින් නිදහස් වෙයි
විමල් වීරවංශ මහතාට එරෙහිව හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් පවරා තිබූ අපහාස නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ අතර අවසානයේ තීන්දු වූයේ විමල් වීරවංශ මහතා නිවැරදිකරු බවයි.

අනතුරුව එම තීන්දුවට එරෙහිව අදාල හමුදා නිලධාරියා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනයෙන් ද පසුගියදා විමල් වීරවංශ මහතා ජයග්‍රහණයකර තිබේ.

ව්‍යවස්ථාව වෙනස්කරන්න අණ්ඩුවට අවසර නෑ

Monday, January 23, 2017
ව්‍යවස්ථාව වෙනස්කරන්න අණ්ඩුවට අවසර නෑ
2015 ජනවාරි 08 වන දින රටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනතාව විසින් ජන වරමක් ලබා නොදුන් බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ඒකීය රට බෙදා වෙන් කරන්නට , ෆෙඩරල් ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්නට අවසර නොමැති බව ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිත සමුළුව ආමන්ත්‍රණය කරමිනි.

Saturday, January 21, 2017

මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ඇකඩමියක්!

Saturday, January 21, 2017
මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර ඇකඩමියක්!
ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක් ආරම්භ කිරීමේ සැළසුම සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මාධ්‍යවේදීන් හා මාධ්‍ය මර්දනය පිළිබඳ පැවති කලුපැල්ලම ඉවත් කිරීමට යහපාලන රජයට හැකිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනමාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව පැවසීය.

ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා

Saturday, January 21, 2017
ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා
තරුණ පරපුරට සහ දරුවන්ට අනාගතය බාර කරමින්, අලුත් චින්තනයක්‌ දේශපාලනයට පිවිසීමට ඉඩ හසර වෙන් කිරීම වෙනුවෙන් තමා ඉක්‌මනින්ම දේශපාලනයෙන් සමුගන්නා බව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

රටේ අනාගත නායකත්වය බාරදිය යුත්තේ දරුවන් සහ තරුණ පරපුරට කියමින් ඇතැම් දේශපාලකයන් පැවසුවත්, එම දේශපාලකයන් කිසි දිනක තම අසුන හැර නොයන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතාවයක් – ඇමති පිළිගනී

Saturday, January 21, 2017
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතාවයක් – ඇමති පිළිගනී
ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් සිදු වෙමින් පවතින බව තමන් පිළිගන්නා බවත්, එකී අක්‍රමිකතාවයන් කඩිනමින් විමර්ශනයට ලක් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පැවති ආණ්ඩුව සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ මහා පරිමාණ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීම් හා විමර්ශනයන් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

පෞරාණික වස්තු පිළිබඳ වැඩි කතාබහක් ප්‍රබල සාමාජ නායකයකුට දැඩි අපල කාලයක්

Saturday, January 21, 2017
පෞරාණික වස්තු පිළිබඳ වැඩි කතාබහක් ප්‍රබල සාමාජ නායකයකුට දැඩි අපල කාලයක්
ග්‍රහ ලෝව සෙනසුරු 2017 ජනවාරි මස 26 වන දින ගුරුට අයත් ධනු රාශියට පිවිසේ. මෙම අවස්ථාවේ කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ලග්නයේ ශ=ක්‍ර, කේතු දෙවැන්නේ කුජ හත්වැන්නේ රාහු අටවැන්නේ ගුරු, එකොළොස්වැන්නේ ශනි හා බුධද, දොළොස්වැන්නේ රවි හා චන්ද්‍රයාද ගමන් කරයි. දුකට අධිපති සෙනසුරු ග්‍රහයා ධනු රාශිගත වීම රටක් වශයෙන් ගත් කළ ඉතා සුභදායක කාලයක් උදාවීමක් ලෙස පවසන්න පුළුවන්. සෙනසුරු එක රාශියක අවුරුදු 2 1/2 ක ආසන්න කාලයක් රැදි සිටි. එම අවුරුදු 2 1/2 තුළ එම රාශියට අදාල බලය විහිදුවයි. ඇත්තටම සෙනසුරු මාරුවකදි අප බය විය යුතු ද කියලා ඔබට සිතෙනවා ඇති. සමහර රාශි සඳහා සෙනසුරු ගමන් කිරීමේදි නම් අප කල්පනාකාරි හා සුපරීක‍ෂාකාරීව එම කාලය ගත කල යුතුය. මෙය සෙනසුරු ඒරාෂ්ඨක ගෙවන පිරිසට ද විශාල බලපෑමක් කිරීමට හැකියාව තිඛෙනවා. නමුත් මෙම සෙනසුරු මාරුව සුභදායක වශයෙන් සිදු වනවා කියලා කියන්න පුළුවන්.

Friday, January 20, 2017

ශ්‍රී ලංකන් විකුණන්න මිල නියම වෙයි

Friday, January 20, 2017
ශ්‍රී ලංකන් විකුණන්න මිල නියම වෙයි
තමන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 5.5 ක මුදලක් යෝජනා කරන බව පීස් එයාර් ගුවන් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති ගාමිණී වෙත්තසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ මත්තල ගුවන්තොටුපොළේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 2.2 ක මුදලක් ආයෝජනයට සූදානම් බවයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ගාමිණී හර්මන් වෙත්තසිංහ මහතා සඳහන් කර සිටියේ

පෙම්වතිය බියට පත්කරන්න පාසල් ප්‍රේමවන්තයා පන්ති කාමරයේදී කරපු දේ

Friday, January 20, 2017
පෙම්වතිය බියට පත්කරන්න පාසල් ප්‍රේමවන්තයා පන්ති කාමරයේදී කරපු දේ
සිය පෙම්වතිය බිය ගැන්වීම සදහා ගෙළ වැළලා ගැනීමට උත්සාහ කළ දඹුල්ල ප්‍රදේශයේ ප්‍රධාන රජයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකු ගෙළ සිරවී තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

සිය පෙම්වතිය සමඟ ඇතිවු ආරවුලක් හේතුවෙන් ඔහු මෙලෙස ගෙළ වැලලා ගැනීමට උත්සාහ කර ඇති බව සඳහන්.

පන්ති කාමරයේ තිබූ බාල්කයේ එල්ලීමට ඔහු උත්සාහ දරා ඇති අතර, අනෙක් සිසුන් විසින් සිසුවා බේරාගනු ලැබූයේ ඔහුගේ ගෙළ සිරවීම හේතුවෙන්.

චාමර කපුගෙදරගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

Friday, January 20, 2017
චාමර කපුගෙදරගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි
ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදරගේ පියාණන් වන ලලිත් කපුගෙදර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද උදෑසනයි ඔහු අභාවප්ප්‍රාප්ත වී තිබෙන්නේ.

චාමර කපුගෙදරගේ පියාගේ අවසන් කටයුතු සිදුකරන දිනය මෙතක් දැනුම් දී නැහැ.

ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනපති ධුරය භාරගැනීමට සූදානමින්

Friday, January 20, 2017
ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනපති ධුරය භාරගැනීමට සූදානමින්
ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීම සඳහා තේරීපත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ පිරිස සමග වොෂිංටනය වෙත ළඟා වී තිබේ.

ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය හෙවත් ඇමෙරිකානු ෆෙඩරල් රජයේ නීති සම්පාදක ශාඛාව ලෙස සැලකෙන ඇමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී අද (20දා) නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනපති ලෙස මයික් පෙන්ස් දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව යා හැකි රටවල් මෙන්න

Friday, January 20, 2017
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව යා හැකි රටවල් මෙන්න
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් විසා නොමැතිව ගමන් කළ හැකි රටවල් කිහිපයක් තියෙනවා. වීසා රහිතව ගමන් කළ හැකි රටවල් පහතින්....

බහමාස් – වීසා අනවශ්‍යයි – මාස 3
බාර්බඩෝස් – වීසා අනවශ්‍යයි – මාස 6
බොලීවියාව – Visa on arrival – දින 90
බුරුන්ඩි – Visa on arrival – දින 30

අද තරගයේ සැළසුම් මැතිව්ස් හෙළි කරයි

Friday, January 20, 2017
අද තරගයේ සැළසුම් මැතිව්ස් හෙළි කරයි
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (20) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.30ට දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැත්වේ.

දෙපිල අතර මේ දක්වා විස්සයි-20 තරග 6ක් පවත්වා ඇති නමුත් දෙපිල අතර අප්‍රිකාවේදී පැවැත්වෙන පළමු විස්සයි-20 තරගාවලිය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

කෙසේ වුවත් අද තරගය පිළිබඳව ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මැතිව්ස් පැවැසුවේ ටෙස්ට් තරගාවලියට වඩා මෙම තණතීරුව ලංකාවට යහපත් බවය.

ලක්ෂ දෙකේ බස් දඩයක් ළගදීම

Friday, January 20, 2017
ලක්ෂ දෙකේ බස් දඩයක් ළගදීම
මාර්ග බලපත්‍ර රහිතව බස් ධාවනය කිරීමේ වරදට දඬුවම වන රුපියල් 10,000ක් වූ දඩය රුපියල් ලක්‍ෂ 2ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත්, එම නීතිය හෙට අනිද්දාම සම්මත කරගන්නා බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පෞද්ගලික බස්රථ නියාමනයේදී උතුරු පළාත් සභාව එක්තරා ආකාරයක නීති කඩන ස්වරූපයක් දක්නට ලැබෙන බවත්, අන්තර් පළාත් බස්රථ ධාවනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබානොගෙන බස් ධාවනය තහනම් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සරත් කුමාර ගුණරත්නට ඇප

Friday, January 20, 2017
සරත් කුමාර ගුණරත්නට ඇප
හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නට අද ඇප නියම කෙරුණා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර හමුවට ඔහු අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබාදුන් රුපියල් ලක්ෂ 112 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය ජනවාරි 2 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

Thursday, January 19, 2017

තාජුඩීන්ව ලුහුබැඳි වාහනය ගැන විමර්ශන

Thursday, January 19, 2017
තාජුඩීන්ව ලුහුබැඳි වාහනය ගැන විමර්ශන
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සිදු වූ රාත‍්‍රියේ ඔහු ගමන්ගත් වාහනය ලූහුබැඳ ගිය බව කියන මෝටර් රථය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් සී ඞී පටය කොළඹ විශ්ව විද්‍යාලයට යවා වැඩිදුර විස්තර සහිත වාර්තාවක් ලබාගැනීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අද (19)අවසර ලබාදුන්නා.

ඒ, අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.

සූත්‍රිකා විදුලි බල්බ තහනම් - LED බල්බ නොමිලේ

Thursday, January 19, 2017
සූත්‍රිකා විදුලි බල්බ තහනම් - LED බල්බ නොමිලේ
විදුලිබල පාරිභෝගිකයන්ගෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන සාමාන්‍ය විදුලි බල්බය නිසා විදුලිය 95%ක් විදුලිය අපතේ යන බව විදුලිබල අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය. ‍

මේනිසා විදුලිබල මණ්ඩලය හරහා විදුලිය අඩුවෙන් භාවිත වන එල්.ඊ.ඩී. බල්බ් නොමිලේ ලබාදෙන බවද හෙතෙම පවසා සිටියේය.

මහඇමතිවරු සමග මහින්ද විශේෂ සාකච්ඡාවකට සූදානම්

Thursday, January 19, 2017
මහඇමතිවරු සමග මහින්ද විශේෂ සාකච්ඡාවකට සූදානම්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ඇති පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරු සියල්ලන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන ඉරිදා පෙරවරුවේ 8.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

පළාත් ප්‍රධාන අමාත්‍යවරු විසින් කරුනු ලැබූ ඉල්ලීමක් පරිදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ.

රියදුරු බලපත්‍රයට සංශෝධනයක්

Thursday, January 19, 2017
රියදුරු බලපත්‍රයට සංශෝධනයක්
අවයව සහ පටක බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමට රියැදුරන්ගේ කැමැත්ත ලබාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ පටක, අත්‍යවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා හැකියාව ලබා දෙමින්, සිය අවයව හා පටක පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත ලබා දීමට රියැදුරන්ට හැකි වන පරිදි රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අයදුම්පත්‍ර සං‍ශෝධනය කිරීමට නියමිතයි.

ලංකා ඊ නිවුස් කර්තෘට නොතීසි

Thursday, January 19, 2017
ලංකා ඊ නිවුස් කර්තෘට නොතීසි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද(19) නොතීසි නිකුත් කළේය.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ කළ ඇතැම් පුවත් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නීතීඥවරයෙකු වන මධුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම් 14 අද කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී දුන්නේය.

පොලිසිය අඳුරු වාහන ගැන සොයයි

Thursday, January 19, 2017
පොලිසිය අඳුරු වාහන ගැන සොයයි
මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිරරෙදි මගින් ආවරණය කර ධාවනය කිරීම හේතුවෙන් අනතුරු ඉහළගොස් ඇති බවත්,  ඒ අනුව තිර රෙදි ආවරණ හා දෙපස  අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.

ඒ අනුව අද (19) සිට 31 දක්වා පොලිස් ස්ථාන මට්ටමින් රථ වාහන මෙහෙයුමක් දියත් කර අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන සඳහා රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.