December 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, December 31, 2016

වර්ජනයක් නිසා අද දුම්රිය බම්බු ගේට්ටු අවදානම්

Saturday, December 31, 2016
වර්ජනයක් නිසා අද දුම්රිය බම්බු ගේට්ටු අවදානම්
වැටුප් ගැටළු මුල් කරගෙන මේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය  හෙට උදෑසන 6 දක්වා පැය 24ක කාලයක් ක්‍රියාත්මක බව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමය පවසනවා.

දැනට ලැබෙන රුපියල් 7500ක දීමනාව රුපියල් 5000කින් වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මීට පෙර ද අවස්ථා කිහිපයකදී වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා.

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඇරඹේ!

Saturday, December 31, 2016
වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඇරඹේ!
වොක්ස්වැගන් හා අවුඩි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට  ලබන ජනවාරි 03දා මුල්ගල තැබිමට නියමිතය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියථ ලබුයාය, මහනුගවත්ත ප්‍රදේශයේදී ප.ව. 3.30ට මෝටර් රථ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබන බව වාර්තාවේ

අයාලේ යන සුනඛයන් පාලනය පළාත් සභාවලට පවරයි

Saturday, December 31, 2016
අයාලේ යන සුනඛයන් පාලනය පළාත් සභාවලට පවරයි
අයාලේ යන සුනඛයන් පාලනය කිරීමේ වැඩසටහන පළාත් සභාවලට පැවැරීමට තීරණය කර ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන සහ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කරන ලද අයාලේ යන සුනඛයන් පාලනය කිරීමේ වැඩසටහන පළාත් සභාවට පවරන බව පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය 28වනදා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර තිබේ.

Friday, December 30, 2016

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් – තොරතුරු මෙන්න

Friday, December 30, 2016
ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් – තොරතුරු මෙන්න
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩාම අතර පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 206ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

ලකුණු 488ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ට අද දිනයේදී දැවී යාමත් සමග ඔවුන්ට මෙම ජයග්‍රහණය හිමි වුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට හා දෙවැනි ඉනිමට පිළිවෙළින් ලකුනු 286ක් හා 406ක් රැස්කලා.

බේකරි නිෂ්පාදන මිල ඉහලට

Friday, December 30, 2016
බේකරි නිෂ්පාදන මිල ඉහලට
බේකරි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන සීනි හා ෆාම්තෙල් මිල මෑතකදී විශාල වශයෙන් ඉහළ යාමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තරම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කරන්නේ මේ තත්වය මත පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ඇති බවත් තම සංගමයට එය පාලනය කල නොහැකි බවත්ය.

හිටපු අගමැතිගේ අවසන් කටයුතු හෙට සිදු කෙරෙයි

Friday, December 30, 2016
හිටපු අගමැතිගේ අවසන් කටයුතු හෙට සිදු කෙරෙයි
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හොරණ නගර සභා පිටියේදී සිදු කෙරෙයි.

මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය හොරණෙ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

සරදියල් දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවතට !

Friday, December 30, 2016
සරදියල් දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවතට !
බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කෙරුණු වීර කැප්පෙටිපොළ මහ දිසාවේ ඇතුළු 19 දෙනෙකු එම ලේඛනයෙන් ඉවත් කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් එලෙස දේශද්‍රෝහීන් ලෙස නම්කර ඇති සෙසු ලාංකීය 'වීරවරයන්' ද එම ලේඛනයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

උතුවන්කන්දේ සරදියල් ඇතුළු විශාල පිරිසක් මේවනවිටත් මෙලෙස රාජ ද්‍රෝහීන් ලයිස්තුට ඇතුළත්ය.

කන්තලේදී සැමියා බිරිඳට ගිනි තබයි

Friday, December 30, 2016
කන්තලේදී සැමියා බිරිඳට ගිනි තබයි
කන්තලේ, තඹලගමුව ප්‍රදේශයේදී සැමියා විසින් බිරිදට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වේ.

ඊයේ(29) රාත්‍රියේ තඹලගමුව, යාය 10 ප්‍රදේශයේදී මෙම ගිනි තැබීම සිදුව ඇති බව පොලිසිය පැවසී ය.

ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ 53 හැවිරිදි බිරිද මේ වනවිට බරපතල තත්ත්වයෙන් කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

උතුරෙන් දකුණට තවත් තහනමක්

Friday, December 30, 2016
උතුරෙන් දකුණට තවත් තහනමක්
දකුණේ සිට උතුරට බෝතල් කළ රා රැගෙන ඒම සහ විකිණීම තහනම් කරමින් උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිඛෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී. අයින්කරේනසන් විසින්.

රා මැදීම කාලයක් තිස්සේ උතුරේ ද සිදු කෙරෙන බවත්, එහෙත් දකුණේ සිට රැගෙන එන බෝතල් කළ රා නිසා එම ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන බවත් ඔහු පෙන්වා දී තිඛෙනවා.

ඉන්දුනීසියාවේ නැගෙනහිරින් භුමිකම්පාවක් සිදු වෙයි…

Friday, December 30, 2016
ඉන්දුනීසියාවේ නැගෙනහිරින් භුමිකම්පාවක් සිදු වෙයි…
ඉන්දුනීසියාවේ නැගෙනහිරින් වන බාලි ප්‍රදේශයේ භුමිකම්පාවක් සිදුව තිබේ.

භුමිකම්පාවේ ප්‍රභලත්වය රික්ච්ටර් පරිමාණ 6.2 අගයක් ගත් බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන වාර්තා කලේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ භුමිකම්පාවෙන් සිදුවූ හානිය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදයට එරෙහිව ගුරුවරු නඩු යාමට සැරසෙති

Friday, December 30, 2016
උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදයට එරෙහිව ගුරුවරු නඩු යාමට සැරසෙති
2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වීම නිසා ඊට පෙනී සිටි අයදුම්කරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.

ප්‍රතිඵල ප්‍රමාදවීම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් මුහුණදෙන අගතීන් වෙනුවෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වුව ද තමන් කටයුතු කරන බවයි මහින්ද ජයසිංහ මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.

Thursday, December 29, 2016

මිල ඉහළ දැමුවොත් දැඩි ක්‍රියාමාර්ග

Thursday, December 29, 2016
මිල ඉහළ දැමුවොත් දැඩි ක්‍රියාමාර්ග
ලොතරැයිපතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ දැමුවහොත් ලොතරැයි අලෙවිය 40%කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී යා හැකි බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.

මේ හරහා දැනට රජයට ලැබෙන රුපියල් බිලියන 40ක ආදායම පහත වැටෙන බවත්, මීට අමතරව අලෙවි නියෝජිතයන්ගේ ආදායම විශාල ලෙස පහත වැටෙන බවද එම සංගමයේ ලේකම් බී. එස්.එස්. මදරසිංහ මහතා අද (29දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

සෙල්ලකතරගම බල්ලන් සල්ලන් කළ කිඹුලා

Thursday, December 29, 2016
සෙල්ලකතරගම බල්ලන් සල්ලන් කළ කිඹුලා
කතරගම මැණික් ග‍ඟේ නිතර සැරිසරන දැවැන්ත කිඹුලකු පෙරේදා (27) රාත්‍රි සෙල්ල කතරගම මාර්ගයේ සැරි සරමින් සිටිය දී ප්‍රදේශ වාසීන් විසින් දැක වන ජිවි නිලධාරින්ට දැනුම් දිමෙන් පසුව අල්ලා ගනු ලැබීය.

අඩි 11 ක් තරම් දිග වු මෙම කිඹුලා පැමිණ ඇත්තේ නිවාස තුල හා මාර්ගයේ සිටින බල්ලන් අල්ලා ගොදුරු කර ගැනීම පිණිස බව ප්‍රදේශ වාසිහු පවසති. දින කීපයක සිට විටින් විට නිවාසවල සිටි බල්ලන් අතුරුදහන් වු බව ප‍්‍රදේශ වාසීන් පවසති.

සෙල්ල කතරගම මාර්ගයේ සිටිය දී පෙරේදා රාත්‍රි මෙම කිඹුලා අල්ලා ගත් වන ජිවි නිළධාරින් කිඹුලා යාල වන උද්‍යානය වෙත රැගෙන ගොස් තිබේ.

සූදානම් වන්න - 2017 දී නියඟය අනිවාර්යයි

Thursday, December 29, 2016
සූදානම් වන්න - 2017 දී නියඟය අනිවාර්යයි
2017 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවට බලපාන බව පැ‍වසෙන නියඟය පැමිණීම අනිවාර්ය බවත්, වර්ෂාව ඇතිවන්නේ නම් එය වාසනාවක් බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (28දා) පැවැති වැඩමුළුවකදී ඔහු මේ බව පැවසීය. එසේම නියඟය හරහා වී වගාවට මෙන්ම එළවළු වගාවට බලපෑම් එල්ලවනු ඇති බවත්, එයට පිළියමක් වශයෙන් ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීමට පවා සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසුවේ එම නියඟයට මුහුණදීම සඳහා සාමූහිකව සූදානම් විය යුතු බවයි.

ශ්‍රී ලංකාවට ලකුණු 488 ක ඉලක්කයක්

Thursday, December 29, 2016
ශ්‍රී ලංකාවට ලකුණු 488 ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකාව සමග පෝට් එලිසබෙත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුළු 6 ක් දැවී ලකුනු 406 ක්  ලබා සිටින අවස්ථාවේදී සිය ඉනිම අත්හිටුවීය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 488 ක ඉලක්කයක් හිමි විය. දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම වෙනුවෙන් ස්ටීවන් කුක් ලකුණු 117ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 69 ක්ද නායක ෆෆ් ඩු ප්ලෙසි නොදැවී ලකුණු 67 ක් ද රැස් කලේය.

වරාය විකිණීමට එරෙහිව කළුකොඩි විරෝධතා සතියක්

Thursday, December 29, 2016
වරාය විකිණීමට එරෙහිව කළුකොඩි විරෝධතා සතියක්
හම්බන්තොට වරාය විකුණා දැමීමට ගත් තීරණයට විරෝධය පා ජනවාරි 02 වැනිදා සිට කළුකොඩි ඔසවා තැබීමේ ව්‍යාපාරයක් දියත් කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.

සෑම වරායක් තුළම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ආයතන තුළ හා වාහනවල කළුකොඩි ඔසවා තබා විරෝධය දක්වන බවත්, කළුකොඩි පැලඳ රාජකාරි කටයුතු කරන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

රුපියලේ අගය ඉහළ පහළ යාම ආනයනකරුවන්ට පීඩනයක්

Thursday, December 29, 2016
රුපියලේ අගය ඉහළ පහළ යාම ආනයනකරුවන්ට පීඩනයක්
ශ‍්‍රී ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මේ වන විට රුපියල් 151 යි ශත 69 ක් දක්වා අඩු වී තිබෙනවා.

ඉකුත් දිනවල මෙම අගය පැවතියේ රුපියල් 152 ද ඉක්මවායි. කෙසේ වෙතත් රුපියල තවමත් ස්ථාවර වී නොමැති බව ආර්ථික විශ්ලේෂකයෙකු වන අසන්ත සිරිමාන්න පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති ඊට බලපා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අද කාගෙන් ඇහුවත් කියන්නෙ මහින්දට දුන්නයි කියලයි

Thursday, December 29, 2016
අද කාගෙන් ඇහුවත් කියන්නෙ මහින්දට දුන්නයි කියලයි
අද වන විට ජනතාවට යහපාලනය එපා වී ඇති බවත් දැන් යහපාලනයට ඡන්දය දුන් කෙනෙකු පවා හොයා ගැනීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පැවසුවා.

ඊයේ (28) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් සාකච්ඡාව සඳහා එක් වුයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහයි.

ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..

Thursday, December 29, 2016
ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..
ගරු කටයුතු ඥානසාර හිමියන් වෙත, මෙම ලිපිය කියවන විට ඔබවහන්සේ යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතුයැයි, පිදීමට සුදුසු එකම තැනැත්තා වන අල්ලාහ් තආලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරමින් මෙම ලිපිය ලියමි.

මෑතක දී ඔබවහන්සේගේ මාධ්‍ය සාකච්ඡාවක් නැරඹුයෙමි. එහි ඔබවහන්සේ කළ ප‍්‍රකාශයන්, මට මෙවැන්නක් ලිවීමට පෙළඹ වූ බව කිව යුතුය. එම අවස්ථාවේ දී ඔබවහන්සේ ශී‍්‍ර පාද කන්ද ගැන සඳහන් කරමින් මෙම විශ්වයත්, විශ්වයේ වාසීන්වත් මැවූ අල්ලාහ් තආලාහ් සමච්චලයට භාජනය කරමින් අදහස් ප‍්‍රකාශ කළෙහුය. අල්ලාහ් සුළුදිය දැමූ කන්ද නිසාවෙන් මුස්ලිම්වරුන් එම කන්ද තමන් සතු කරගන්නට වෙර දරන බව කීවෙහුය. එපමණක් නොව අල්ලාහ් කවුද? ඔහුට මුහුණක්වත් නෑ යනුවෙන් ද සමච්චල් කළෙහුය.

ලංකාවේ කාන්තාවන්ටත් 'ඔසප් නිවාඩුවක්'?

Thursday, December 29, 2016
ලංකාවේ කාන්තාවන්ටත් 'ඔසප් නිවාඩුවක්'?
ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතුයැයි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතුයැයි තමන් පුද්ගලිකව විශ්වාස කරන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

චීනයේ පළාත් ගණනාවක් තුළ දැනටමත් ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාවේත් ක්‍රියාවට නැගිය හැකි දැයි කළ විමසීමකදී ඇය මේ බව සඳහන් කර තිබේ.

Wednesday, December 28, 2016

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 205ට අවසන්වුණු හැටි - (video)

Wednesday, December 28, 2016
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 205ට අවසන්වුණු හැටි - (video)
දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 205 කට සීමාවුනා.

පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 43 ක් රැස් කලා.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 39 යි. දිනේෂ් චන්දිමාල් 28 යි. රංගන හේරත් ලකුණු 24 ක් ලබාගත්තා. 

විමල් වීරවංශ FCIDයට

Wednesday, December 28, 2016
විමල් වීරවංශ FCIDයට
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටයි.

මේ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරු සරත් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇතුළු 5 දෙනෙකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද ගෙනුකර තිබෙනවා.

දෙසැම්බර් 30 ශෝක දිනයක් කරයි

Wednesday, December 28, 2016
දෙසැම්බර් 30 ශෝක දිනයක් කරයි
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන  රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන්  දෙසැම්බර් 30 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර  ඇත.

කෙසේ වුවද ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී අද පෙවරුවේ පැවැති මාධ්‍ය  හමුවකදී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ ලබන 31 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

තැලුණ සැමන් ටින් අලුත් කර විකුණලා

Wednesday, December 28, 2016
තැලුණ සැමන් ටින් අලුත් කර විකුණලා
ටින් මාලු මිලදී ගැනිමේදී එහි ලේබලය සහ ටින් එකෙහි නිමාව පිළිබඳ සැලකිලිමත්වෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තැළුණු සැමන් ටින්වලට නව ලේබල් අලවා අලෙවිකරන ජාවාරමක් හෙළි කරගැනීමට එම අධිකාරියේ නිලධාරීන් සමත් වී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කරයි.

එළවළු මිල වැඩිවන ලකුණු

Wednesday, December 28, 2016
එළවළු මිල වැඩිවන ලකුණු
මේ දිනවල වෙළඳපොලේ මිල පහළ ගොස් ඇති ඇතැම් එළවලු වර්ගයන්හි මිල ඉදිරි සති දෙක තුනේ සිට ඉහළ යා  හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යු.ආර්.දයා නන්දසිරි මහතා පවසයි.

පසුගිය කාලයේ පැවති වියලි කාලගුණික තත්වයත් සමග ජල සම්පාදන ක්‍රම මගින් ගොවීන් වැඩි වශයෙන් එළවලු හා අතිරේක බෝග වගාවන් කෙරෙහි උනන්දුවිම නිසා වෙළදපොලට වැඩි වශයෙන් එළවලු තොග ලැබීම නිසා මිල පහළ ගිය බවත් එම තත්වය මග හැරී මේ වනවිට එළවලු වගා අවසන්වීම නිසා වර්ග කීපයක් හැරුණු කොට බොහෝ එළවලු වර්ගයන් ලැබෙන තොග අඩුවීම හේතුවෙන් මිල ඊයේ සිට ඉහළ යමින් පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.

රජයේ සංස්ථා මාස 8ට කෝටි 8000කට වැඩියෙන් ණය ගනී

Wednesday, December 28, 2016
රජයේ සංස්ථා මාස 8ට කෝටි 8000කට වැඩියෙන් ණය ගනී
2016 වසරේ ගෙවීගිය මුල් මාස 8ක කාලය තුළ රාජ්‍ය සංස්ථා වානිජ බැංකුවලින් රුපියල් කෝටි 8150ක ණය මුදලක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම ණයවලින් වැඩිම ණය මුදල් ලබා ගත් සංස්ථා හතර වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා පොහොර සමාගම, කොළඹ වානිජ පොහොර සමාගම සහ ශ්‍රී ලංකා නැව් සමාගම යන ආයතන වේ.

Tuesday, December 27, 2016

පන්දු යවන්නෙකුගේ ලොකුම සතුට සුරංග ලක්මාල් පළමුවරට එලිසෙබෙත් පිටියේදී අත්විඳීයි

Tuesday, December 27, 2016
පන්දු යවන්නෙකුගේ ලොකුම සතුට සුරංග ලක්මාල් පළමුවරට එලිසෙබෙත් පිටියේදී අත්විඳීයි
සිය ටෙස්ට් දිවියේ ඉනිමකදී කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව සටහන් කිරීමට මීට සුලු මොහොතකට පෙර වේගපන්දු යව ක්‍රීඩක සුරංග ලක්මාල් සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කන්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදීයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන්  සියලු දෙනා දැවී ලකුණු 286ක් ලබාගත්තා

ශ‍්‍රීලනිපයෙන් ඒකාබද්ධ විපක්ෂයට එන පිරිසක් ගැන හෙළිදරව්වක්

Tuesday, December 27, 2016
ශ‍්‍රීලනිපයෙන් ඒකාබද්ධ විපක්ෂයට එන පිරිසක් ගැන හෙළිදරව්වක්
ආණ්ඩුවට එරෙහි පුළුල් පෙරමුණක් ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පැවසුවේ පාර්ශ්ව ගණනාවක් ඒ සඳහා එක්වීමට කැමැත්තෙන් සිටින බවයි.

මල් පොහොට්ටුව ලකුණෙන් මෑතකදී පිහිටුවාගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට ද ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව මන්ත‍්‍රීවරයා සඳහන් කළා

බැඳුම්කර සිද්ධියේ වගඋත්තරකරුවන් රකින්න ආණ්ඩුවට ඉඩදෙන්නේ නැහැ

Tuesday, December 27, 2016
බැඳුම්කර සිද්ධියේ වගඋත්තරකරුවන් රකින්න ආණ්ඩුවට ඉඩදෙන්නේ නැහැ
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාවට අදාළ වාර්තාව සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සාකච්ඡාව පක්ෂ නායකයන් කැඳවා හෝ දිනයක් වෙලාවක් වෙන්කර ගත යුතු යැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.


ඔහු පවසන්නේ බැඳුම්කර වංචාවෙන් රටට සිදුවූ බිලියන ගණනක පාඩුව අදාළ වගකිව යුතු පාර්ශ්වයෙන් අයකර ගැනීමටත්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙවැනි ගනුදෙනු ඉදිරියේදී ඇති නොවීමට අදාළ ආයතන කටයුතු කරවීමටත් ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවයි.

ඉදිරියේදී බිහිවන අමුතු ගම්මානය

Tuesday, December 27, 2016
ඉදිරියේදී බිහිවන අමුතු ගම්මානය
ජනපති පදවි ප්‍රාප්තිය දෙවර්ෂ පුර්ණය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සතුටු ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙහිදී ගම්මානවල ප්‍රජා නායකයින් බලගන්වා ප්‍රජාවගේ ද සහයෝගය, සහභාගීත්වය සහ ප්‍රජා බලගැන්වීම තුළින් සතුටු ගම්මාන බිහි කිරිමට නියමිතයි.

2017 වසර පුරා මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වෙයි.

උමාඔයේ ජනතාවට වන්දි නොගෙවීමට එරෙහිව විරෝධතා රැලියක්

Tuesday, December 27, 2016
උමාඔයේ ජනතාවට වන්දි නොගෙවීමට එරෙහිව විරෝධතා රැලියක්
බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමටත් එහි වෙසෙන ජනතාවටත් ඔවුන්ගේ සමාජීය, ආර්ථික කටයුතුවලටත් විශාල බලපෑමක් හා හානියක් සිදුවී ඇතත් මෙතෙක් එම ජනතාවට නිසි ලෙස වන්දි ගෙවීමට ආණ්ඩුව කටයුතු නොකිරීමට එරෙහිව ලබන 29වනදා දැවැන්ත පාගමණක් හා විරෝධතා රැලියක් සංවිධානය කර ඇති බව උමාඹය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මැතිවරණ නීති වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනයට පියවර

Tuesday, December 27, 2016
මැතිවරණ නීති වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනයට පියවර
පවතින මැතිවරණ නීති වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවත් එ සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට නියමිත බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සෘජු අවධානය යොමුව ඇති බව ද දේශප්‍රිය මහතා කීවේය.

වාහන ලියාපදිංචිය වෙනස් වූයේ මෙහෙමයි ?

Tuesday, December 27, 2016
වාහන ලියාපදිංචිය වෙනස් වූයේ මෙහෙමයි ?
පසුගිය නොවැම්බර් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අයවැයට පෙර වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම ඊට හේතුවයි.

විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ හයිබි‍ඩ් මෝටර් රථ නොවැම්බර් මාසයේදී ලියාපදිංචිය ඉහළ ගොස් තිබෙනවා.

2017 දී ජාතියේ ඉරණම තීන්දුවෙන හැටි ! (Video)

Tuesday, December 27, 2016
2017 දී ජාතියේ ඉරණම තීන්දුවෙන හැටි ! (Video)

පොදුජන පෙරමුණේ මහ සමුළුව ජනවාරියේ

Tuesday, December 27, 2016
පොදුජන පෙරමුණේ මහ සමුළුව ජනවාරියේ
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ප්‍රථම මහා සමුළුව ජනවාරි මාසය තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

සිකුරාදා (23) පස්වරුවේ නෙළුම් මාවත මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹ තිබේ.ජනවාරි මාසය වන විට පක්ෂය සඳහා නව සාමාජිකයින් දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගැනීමේ කටයුතු අවසන් වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

Wednesday, December 21, 2016

හිටපු එල් ටී ටී සාමාජිකයින් නිසා වව්නියාවේ වැසියන් මරණ බයේ

Wednesday, December 21, 2016
හිටපු එල් ටී ටී සාමාජිකයින් නිසා වව්නියාවේ වැසියන් මරණ බයේ
හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ ලදිවයිනලට ඊයේ (20දා) පැවැසුහ.

පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

Sunday, December 18, 2016

සිගරැට් වෙනුවට බීඩි බීම දෙගුණයකින් වැඩිවේ.. දුම්බීම වලකාලීමේ රජයේ ප්‍රතිපත්තියට ලොකු තර්ජනයක්…

Sunday, December 18, 2016
සිගරැට් වෙනුවට බීඩි බීම දෙගුණයකින් වැඩිවේ.. දුම්බීම වලකාලීමේ රජයේ ප්‍රතිපත්තියට ලොකු තර්ජනයක්…
අසීමිත ලෙස රජය විසින් සිගරැට් මිල ඉහළ දැමීම හේතුවෙන් යාපනයේ විශ්ව විද්‍යාලය අවට බීඩී බීම දෙගුණයකින් වැඩි වී ඇති බව යාපනයේ කඩ හිමියකු වන ශිවන් ස්ටෝස් අයිතිකරු එස්. පත්මනාදන් මහතා පවසයි.

රජය දුම්බීම අධෛර්මත් කිරීමට මෙන්ම ඒ හරහා සෞඛ්‍යය වන හානිය අඩු කිරීමට මෑතකදී සිගරැට් මිල අසීමිත ලෙස ඉහළ දැමුවද ඉන් රජය බලාපොරොත්තු වුනේ දුම්බීම අඩු කිරීමට වුවත් සිගරැට් බීමට පුරුදු වී සිටි විශ්ව විද්‍යාලය සිසුන් ඒ වෙනුවට මිල අඩු බීඩි බීමට පටන් ගෙන ඇති බව යාපනයේ අවට ප්‍රදේශය වලින් ද වාර්තා වී ඇත.

සියඹලාපිටියගෙ පිල ලංවිම ඉංජිනේරුවන්ට පන්න පන්නා ගහලා

Sunday, December 18, 2016
සියඹලාපිටියගෙ පිල ලංවිම ඉංජිනේරුවන්ට පන්න පන්නා ගහලා
ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය සංවිධානය කරන "ලංවිම බැඞ්මින්ටන් 2016” තරඟාවලිය පසුගිය 17වනදා මලලසේකර මාවතේ, මර්කන්ටයිල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එහිදී තරගාවලිය ආරම්භ කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ලංවිම සභාපති අනුර විජේපාල මහතාගේ යුගල කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු යුගල කණ්ඩායම අතර ද තරඟය පැවැත්විණි.

ගංජා කිලෝ 80ක් සමග සැකකරුවෙකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට

Sunday, December 18, 2016
ගංජා කිලෝ 80ක් සමග සැකකරුවෙකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට
ගංජා කිලෝග‍්‍රෑම් 80ක් සමග පුද්ගලයෙකු ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ අනූ හත කණුව ප‍්‍රදේශයේදී අද (18) අත්අඩංගුවට ගැනුනා.

සැකකරු ගංජා තොගය උර 06ක බහා වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්පස් හැවිරිදි සූරියවැව ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්.

ජෙහාන් ඩැනියෙල් ශ්‍රී ලංකාව ඔසවා තබයි

Sunday, December 18, 2016
ජෙහාන් ඩැනියෙල් ශ්‍රී ලංකාව ඔසවා තබයි
ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට දුන් ශී‍්‍ර ලංකා යොවුන් පිල පන්දුවාර 48 යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 207 රැස් කිරීමට සමත් වුණා.

ශී‍්‍ර ලංකා යොවුන් පිලේ මුල් කඩුලු 6, ලකුණු 97ක් තුළ බිඳ හෙළීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.

Wednesday, December 14, 2016

ප්‍රබල ඇමතියෙක් මහින්දානන්ද ඉදිරියේ පින්සෙන්ඩුවේ

Wednesday, December 14, 2016
ප්‍රබල ඇමතියෙක් මහින්දානන්ද ඉදිරියේ පින්සෙන්ඩුවේ
කිසිම වංචාවකට හෝ දුෂණයකට තමන් සම්බන්ධ නැති බැවින් තමාගේ නම 'යහපාලන ටොප් ටෙන් - හොරු' ලැයිස්තුවට ඇතුලත් නොකරන්නැයි ඉල්ලමින් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට මේදිනවල දිගින් දිගටම දුරකනත ඇමතුම් ලබාදෙන බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශයට පත්කරන 'යහපාලන ටොප් ටෙන් -හොරු' ලෙස නම් කර ඇති ලයිස්තුවේ මීලග අංකය වන අංක 04 හිමිව ඇති ඇමතිවරයා මෙසේ පින්සෙන්ඩු වන්නේ යයිද වාර්තා වෙයි.

පොලිස් අණ නොතකා ඩිපෙන්ඩරයෙන් ඉගිල්ලුනු මන්ත්‍රී දියණිය මෙන්න

Wednesday, December 14, 2016
පොලිස් අණ නොතකා ඩිපෙන්ඩරයෙන් ඉගිල්ලුනු මන්ත්‍රී දියණිය මෙන්න
මහනුවර මහා මාර්ගය ඔස්සේ පසුගිය 11දා මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අණද නොතකා ඩිපෙන්ඩර් රථය නොනවත්වා ධාවනය කළ තරුණියක් නීතියේ රැහැනට හසුකර ගැනීම පොලිස් නිලධාරීහූ සමත් වෙති.

ඇය තවත් තරුණියන් කිහිප දෙනෙකු සමඟ කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් මහනුවර සිට කොළඹට පැමිණෙමින් සිට ඇති අතර නිට්ටඹුව ප්‍රදේශයේදී එක්තරා වංගුවකුදී සුදු ඉරි දෙකක් සටහන් වී ඇති ස්ථානයකින් ඉරිකපාගෙන වාහනයක් ඉස්සර කර තිබේ.

Friday, December 2, 2016

කුමාර් ගුණරත්නම්ට නිදහස

Friday, December 02, 2016
කුමාර් ගුණරත්නම්ට නිදහස
වසරක සිර දඬුවමකට යටත්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා අද (02) නිදහස් කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට කෑගල්ලේ කුමාර් ගුණරත්නම්ගේ මවගේ නිවසේදී ඔහු ගිය වසරේදී අත්අඩංගුවට පත්විණි.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියා පුරවැසියෙකි. ඔහු මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි අතර ඔහු කවුදැයි නොදන්නා බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ප්‍රසිද්ධියේ පැවසී ය.