November 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, November 29, 2016

ජනපති පොලිස්පතිට බැනවදී

Tuesday, November 29, 2016
ජනපති පොලිස්පතිට බැනවදී
විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිව දෝෂාරෝපණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෝටි ගණන් වංචාකළ පුද්ගලයින් නිදැල්ලේ සිටියදී පසුගිය මානූෂිය මෙහෙයුමේදී ක්‍රියාකාරීව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙලෙස සැලැකීම නොකළ යුත්තක් බව පවසමින් ජනපතිවරයා එහිදී පොලිස්පතිවරයාට දැඩිව දොස් නගා ඇත. 

Friday, November 25, 2016

උතුරු මැද මහ ඇමති ලක්ෂ 420ක සුපිරි රියක් ගෙන්වයි

Friday, November 25, 2016
උතුරු මැද මහ ඇමති ලක්ෂ 420ක සුපිරි රියක් ගෙන්වයි
ආණ්ඩු කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම් නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලියන 42ක්) වියදමින් වී - එයිට් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක් ඇණවුම්කර තිබෙන බව උතුරුමැද පළාත් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරුමැද පළාත් සභාවේ නිල කාලසීමාව අවසන් අදියරේ තිබියදී මෙතරම් විශාල මුදලක් වැයකර ජපානයේ නිෂ්පාදිත අධිසුඛෝපභෝගී ජීප් රථයක් මෙරටට ආනයනය කිරීමට පළාත් සභාවේ ඉහළ රජ්‍ය නිලධාරියෙකු පසුගියදා අනුමැතිය ලබාදෙමින් ඊට අත්සන් යොදා තිබෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

Wednesday, November 23, 2016

රවීගේ බද්දට අධිකරණ ක්ෂේත්‍රයේ විරෝධය!

Wednesday, November 23, 2016
රවීගේ බද්දට අධිකරණ ක්ෂේත්‍රයේ විරෝධය!
2017 වර්ෂය සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලට සෑම අධිකරණයකම නඩුවක් ගොනු කිරීමේදී මුදල් අය කිරීමට කර තිඛෙන යෝජනාවට අධිකරණ ක්ෂේත්‍රයෙන් බලවත් විරෝධයක් එල්ල වෙමින් ඇතැයි වාර්තා වේ.

ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමේ රුපියල් 15,000ක්ද අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමේදී රුපියල් 10,000ක්ද මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමේදී රුපියල් 5,000ක්ද අය කිරීමට මුදල් ඇමතිවරයා යෝජනා කර තිබේ.

Tuesday, November 22, 2016

'අසුන ගැන මට ගැටළුවක් නෑ' - කතානායක කියයි

Tuesday, November 22, 2016
'අසුන ගැන මට ගැටළුවක් නෑ' - කතානායක කියයි
කතානායක අසුනේ වෙනත් පුද්ගලයෙකු අසුන් ගැනීම තමන්ට ගැටළුවක් නොවන බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේදීය.

එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා ප්‍රශ්නයක් යොමු කරමින් කියා සිටියේ කතානායක අසුනේ පාර්ලිමේන්තු නිලධාරියෙකු අසුන් ගැනීම සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන එල්ල වී ඇති බවයි.

Saturday, November 19, 2016

ෂරියා නීතියට එරෙහි වූ මුස්ලිම් කතුන්ට මරණ තර්ජන

Saturday, November 19, 2016
ෂරියා නීතියට එරෙහි වූ මුස්ලිම් කතුන්ට මරණ තර්ජන
ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව අදහස් දැක්වූ උතුරු පළාතේ කාන්තා ක්‍රියාකාරි සංවිධාන කිහිපයක සාමාජිකාවන්ට මරණීය තර්ජන එල්ලවී තිඛෙනවා.

ඔවුන් එ් සම්බන්ධයෙන් උතුරේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ උතුරු පළාත් කාන්තා ක්‍රියාකාරිකයන්ගේ සංගමයේ සාමාජිකාවක් කියා සිටියේ ෂරියා නීතිය තුළින් මුස්ලිම්වරුන් දැඩි පෞරුෂත්වයක් ආරෝපණය කරගෙන සිටින බවයි.

Thursday, November 17, 2016

මහින්දගේ කාර්යාලයේදී අලුත් පක්ෂයේ මංගල මාධ්‍ය හමුව පවත්වයි (PHOTOS)

Thursday, November 17, 2016
මහින්දගේ කාර්යාලයේදී අලුත් පක්ෂයේ මංගල මාධ්‍ය හමුව පවත්වයි (PHOTOS)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මාධ්‍ය හමුව බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී අද (17) පැවැත්විණි.

එම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පක්ෂයේ ලේකම් නීතිඤ සාගර කාරියවසම්, පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක සංජීව එදිරිමාන්න සහ පක්‍ෂයේ පළමු සාමාජිකයා වන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගී විය.

Monday, November 14, 2016

රැකියා ඉල්ලන අය පක්ෂයේ වැඩට එපා - තරුණයන් ගැන චන්ද්‍රිකාගෙන් දෝස්මුරයක්

Monday, November 14, 2016
රැකියා ඉල්ලන අය පක්ෂයේ වැඩට එපා - තරුණයන් ගැන චන්ද්‍රිකාගෙන් දෝස්මුරයක්
වත්මන් තරුණ පරපුර අතිශයින් ආත්මාර්ථකාමී වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ නිට්ටඹුවේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමකට එක්වෙමිනි.

එම නිසා රැකියා බලාපොරොත්තුවෙන් පැමිණෙන පිරිස්වලට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතු භාර නොදෙන ලෙස ඇය ඉල්ලීමක් කළාය.

Monday, November 7, 2016

පිල් මාරුව ගැන අලුත් පක්ෂයෙන් නීතියක් - මුල්ම සාමාජිකත්වයට බැසිල්ගේ නමත්

Monday, November 07, 2016
පිල් මාරුව ගැන අලුත් පක්ෂයෙන් නීතියක් - මුල්ම සාමාජිකත්වයට බැසිල්ගේ නමත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්නා කිසිවෙකුටත්, වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත නොහැකි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවත්, එම කටයුතු සිදු කරන අතරතුර එකවර සාමාජිකයන් ලක්ෂ 10 ක් බඳවා ගැනීමට සැලසුම්කර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට සිටින විශාල පිරිසක් වෙනත් පක්ෂවල සාමාජිකයන් බවත් මෙම පිරිස් නව පක්ෂයේ සාමාජිකයන් බඳවා ගැනීම ආරම්භ කළ මොහොතේම සාමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Friday, November 4, 2016

'මම චීනේ මුදල් ඇමති නෙවෙයි' - චීන තානාපතිට ඇමති රවීගෙන් පිළිතුරක්

Friday, November 04, 2016
'මම චීනේ මුදල් ඇමති නෙවෙයි' - චීන තානාපතිට ඇමති රවීගෙන් පිළිතුරක්
තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති මිස චීනයේ මුදල් ඇමති නොවන බවත්, චීනයෙන් ශ්‍රී ලංකාව 2%කට වඩා පොලියකට ණය නොගත් බව කියන්නේ නම්, එරටින් මේ වනවිට ලබාගෙන ඇති ණයවලට 2% බැගින් පොලී ගෙවීමට සුදානම් බවත්,  මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ චීන තානාපති යී ෂියැංලියන්ග් මහතා පසුගියදා එල්ල කළ විවේචනයකට ප්‍රතිචාර දක්වමිනි.

Tuesday, November 1, 2016

අගමැතිට එරෙහිව විශ්වාස භංගයක්

Tuesday, November 01, 2016
අගමැතිට එරෙහිව විශ්වාස භංගයක්
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිලිගෙන 'ලිච්චවි ක්‍රමයට' ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන බව පිවිතුරු හෙල උරුමය පක්‍ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා එම ප්‍රකාශය කළේ ඊයේ (31 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුට පැමිණි මැති ඇමතිවරැන් කිහිප දෙනෙකුද බැදුම්කර සිද්ධියට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පල කර ඇති බවද ඔහු කියා සිටියේය.