October 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, October 29, 2016

අර්ජුන් රටයන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?

Saturday, October 29, 2016
අර්ජුන් රටයන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගතවීමට පෙර කොප්කමිටු සාමාජිකයකු වන උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය 27 වැනිදා පෙරවරුවේ අමාත්‍යවරයාගේ කොල්ලුපිටියේ සෙල්ෆිගාර්ඩ්න්හි පිහිටි නිවසට මහේන්ද්‍රන් මහතා ගොස් ඇති බව වාර්තා වේ.

Friday, October 28, 2016

හඳුනෙත්තිව රනිල්ට විශ්වාස ලු

Friday, October 28, 2016
හඳුනෙත්තිව රනිල්ට විශ්වාස ලු
පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරීම‘ කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පිළිබඳව තමාට විශ්වාසයක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිම්න්තු තේරීම් කාරක සභාවේ සභාපතිධුරය විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුට හිමිවූ පළමුවතාව මෙය බවද ඔහු කියා සිටී.

Wednesday, October 26, 2016

සන්සුන් වෙන්න යැයි විග්නේෂ්වරන් කියයි

Wednesday, October 26, 2016
සන්සුන් වෙන්න යැයි විග්නේෂ්වරන් කියයි
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා මියයාමේ සිදුවීම මුල් කරගනිමින් කලහකාරී ක්‍රියාවන්හි නිරත නොවන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා එම පළාතේ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

අදාළ සිසුන් දෙදෙනා මියයාම පිළිබඳ ඔවුන්ගේ ඥාතීන් වෙත ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන සී.වී විග්නේෂ්වරන් මහතා පෙන්වාදී ඇත්තේ එම සිදුවීම මුල් කරගනිමින් කලහකාරී ක්‍රියාවන්හි නිරත වුවහොත් ඉන් අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවනු ඇති බවයි.

Monday, October 24, 2016

2020 ජනපතිවරණය ගැන ගෝඨාභය කතා කරයි

Monday, October 24, 2016
2020 ජනපතිවරණය ගැන ගෝඨාභය කතා කරයි
●රටේ තොටේ දේශපාලනේ ගැන අවදියෙන් ද ඉන්නේ?
දේශපාලනයට ඍජුවම තාම සම්බන්ධවෙලා නැති නිසා එදිනෙදා සිද්ධවෙන දේවල් ටික තමයි දන්නේ
හැමෝම වගේ කියන දේ තමයි මේ අවුරුදු දෙක තුල රට හැම අතින්ම මන්දගාමියි කියලාපහුගිය රජය යටතේ හැම ක්ෂේත‍්‍රයකම කරපු කියපු දේවල් එක තැන නතරවෙලා වගේ තමයි පේන්නේ
ඒක මම විතරක් කියන කතාවක් නෙවෙයි රටේ ගොඩක් මිනිස්සු කියන කතාවක්’ එක්කෝ මේ රජයට නිසි වැඩ පිලිවෙලක් නෑ රට ඉදිරියට ගෙනියන්න
එහෙම නැතිනම් තිබුණු ආණ්ඩුව පරාජය කිරීම පමණයි මේ අයට තිබුණු එකම වැඩ පිලිවෙල
මට සම්බන්ධ විෂය පැත්තෙන් කතා කරනවා නම් ආරක්ෂාව පිලිබඳ ලොකු අර්බුදයක් මේ වන විට මතුවෙලා තියෙන්නේ’ රජයේ ප‍්‍රතිපත්තිමය ක‍්‍රියා පිලිවෙත නිසා හෝ මේ සම්බන්ධව දැනුවත්කමකින් මැදිහත්වෙලා නායකත්වය දෙන්න තරම් සුදුසු කෙනෙක් නැති නිසා හෝ රාජ්‍ය ආරක්ෂාව නම් නරක තැනකට ඇවිල්ලා කියන කාරණාව අපට පේනවා’ උතුරේ ආරක්ෂාව පිලිබඳ මේ රජය ගෙනියන වැඩපිලිවෙල කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න පුළුවන් එකක් නෙවෙයි සංවර්ධනය පැත්තෙන් බැලූවත් අපිට සතුටු වෙන්න පුළුවන්කමක් නෑ

Friday, October 21, 2016

නොරොච්චෝලේ කොමිස් ඕස්ට්‍රේලියාවෙන් මතුවේ

Friday, October 21, 2016
නොරොච්චෝලේ කොමිස් ඕස්ට්‍රේලියාවෙන් මතුවේ
නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීමේදී බරපතල වංචා දූෂණ රැසක් සිදුව තිබෙන බවට කරුණු දක්වමින්,  ඒ පිළිබඳව හා ඊට සම්බන්ධ බල ශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩු මහතා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID)  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ල බාරදීමෙන් පසු මාධ්‍ය ඇමතු නාමල් රාජපක්ෂ මහතා, මේ දිනවල ජනතාව අපහසුතාවයට පත්කරමින් සිදුවන විදුලි කප්පාදුව සිදුව ඇත්තේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳවැටීම නිසා බවත්, නොරොච්චෝලේ විදුලි බලාගාරය බිඳ වැටීමට හේතුව පිළිබඳවත් මෙසේ කියා සිටියේය.

Tuesday, October 18, 2016

ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ Samsung Note7 සම්පූර්ණයෙන් තහනම්

Tuesday, October 18, 2016
ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ Samsung Note7 සම්පූර්ණයෙන් තහනම්
ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකථන ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන් හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

මෙම තහනම පනවා ඇත්තේ මෙම උපාංග විදුලි බලය හා සම්බන්ධ වීමේ දී වාර්තා වූ පිපිරීම් සිද්ධීන් කිහිපයක් පදනම් කරගනිමින්.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගුවන් සමාගමේ ප්‍රධානම ප්‍රමුඛතාවය වන හෙයින් ගුවන් මගීන්ට මෙම උපාංග ගුවනේ රැගෙන යාම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස උපදෙස් ලබාදී ඇති අතර මේ සඳහා ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ සහාය ද ගුවන් මගීන්ට ලබාදී තිබෙනවා.

Saturday, October 15, 2016

මෛත්‍රී-මහින්ද එක්කිරීමට වජිර හිමිගෙන් මෙහෙයුමක්

Saturday, October 15, 2016
මෛත්‍රී-මහින්ද එක්කිරීමට වජිර හිමිගෙන් මෙහෙයුමක්
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පොදු අරමුණකින් යුතු ප්‍රතිපත්තිමය එකඟතාවක් සිදු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු බලමණ්ඩලයේ හිටපු සභාපති සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර හිමියෝ පවසති.

එසේ නොවන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතාවත්, රටත් විනාශ වන බව උන් වහන්සේ පවසති.

Wednesday, October 12, 2016

'යහපාලන ආණ්‌ඩුවේ වංචා දූෂණ සෙවිය යුතුයි' - චම්පික

Wednesday, October 12, 2016
'යහපාලන ආණ්‌ඩුවේ වංචා දූෂණ සෙවිය යුතුයි' - චම්පික
යහපාලන ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට විරුද්ධව වංචා දූෂණ චෝදනා තිබේනම් එයද විභාග කළ යුතු බව මහ නගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පෙරේදා (10 දා) මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදකිමින් අනතුරුව මාධ්‍යය වෙත අදහස්‌ දක්‌වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එබව සඳහන් කළේය.

Tuesday, October 11, 2016

යහපාලන හොර අල්ලන්න බැසිල්‍ ගෙන් Top 10 මෙහෙයුමක්

Tuesday, October 11, 2016
යහපාලන හොර අල්ලන්න බැසිල්‍ ගෙන් Top 10 මෙහෙයුමක්
යහපාලන ජාතික රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සිදු කරන්නේ යැයි කියන මහපරිමාණ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබද තොරතුරු රටට ජනතාවට හෙළිදරව් කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

TOP 10 ලෙස නම්කරනු ලැබ තිබෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවය.

මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවක සේවිකාවන් මාර්ගයෙන් මේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබද තොරතුරු  ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

Monday, October 3, 2016

මෛත්‍රී -විග්නේෂ්වරන් -සම්බන්ධන් එකම වේදිකාවක

Monday, October 03, 2016
මෛත්‍රී -විග්නේෂ්වරන් -සම්බන්ධන් එකම වේදිකාවක
සාමය හා සංහිදියාව වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනයේ පැවැති 42වන ජාතික ක්‍රිඩා උළෙලට විශේෂ ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය.

එම අවස්ථාවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්.හරීස් යන අය සහභාගී විය.

Saturday, October 1, 2016

දළඳා මාළිගාවට විහාරාධිපති හිමිනමක් – විරෝධය මැද ඇමති විජයදාස කෙටුම්පතත් රැගෙන මල්වතු මහා නාහිමි හමුවට

Saturday, October 01, 2016
දළඳා මාළිගාවට විහාරාධිපති හිමිනමක් – විරෝධය මැද ඇමති විජයදාස කෙටුම්පතත් රැගෙන මල්වතු මහා නාහිමි හමුවට
යෝජිත විහාර දේවාලගම් පනත් කෙටුම්පත හරහා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට විහාරාධිපති හිමිනමක් පත් කිරීමේ සූදානමක් පවතින බව ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව දැනට පවතින ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි.මෙය කිසිවෙකුගේ බූදලයක් පන්සලක් නොවිය යුතු බවත් පොදු දේපලක් ලෙස රජය විසින් පවත්වාගෙන යායුතු බවත් උන්වහන්සේ පැවසුවා කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.