September 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Friday, September 30, 2016

ගෝඨාගේ නඩුවට මහින්ද අධිකරණයට

Friday, September 30, 2016
ගෝඨාගේ නඩුවට මහින්ද අධිකරණයට
ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් බිලියන 11.4 ක මුදලක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනෙක් අද(30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ.

ඔවුන්ට අද අධිකරණයේ පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.

Wednesday, September 28, 2016

මාධ්‍ය කෙතරම් යහපත්ද යන්න ජනතාව තීන්දු කරයි

Wednesday, September 28, 2016
මාධ්‍ය කෙතරම් යහපත්ද යන්න ජනතාව තීන්දු කරයි
අධ්‍යාත්මික සංවර්ධනය තුළින් යහපත් සමාජයක් ගොඩ නැගීමේදී තමන් විසින් කළයුතුදෑ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බොහෝ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද මෙය අමතක වන බවයි. තොරතුරු දැන ගැනීමේ පනත පිළිබද ජාත්‍යන්තර සමුළුවට කොළඹදී අද (28) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

Tuesday, September 27, 2016

ජනාධිපති එයි : විදෙස් සංචාරවලට තහංචියක්

Tuesday, September 27, 2016
ජනාධිපති එයි : විදෙස් සංචාරවලට තහංචියක්
2017 වසරේ සිට කිසියම් පළාත් සභාවක මැති ඇමතිවරුන් අධ්‍යයන චාරිකා සඳහා විදේශගත වීමේදී අනිවාර්යයෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එමෙන්ම, මේ වසරේ ඉදිරි කාලසීමාව සඳහාද අධ්‍යයන චාරිකා සඳහා යම් පළාත් සභාවක නියෝජිත පිරිසක් එක් වන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතු වන බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

“නියෝජ්‍ය ඇමතිවරයෙක් ළඟදීම අත්අඩංගුවට”

Tuesday, September 27, 2016
“නියෝජ්‍ය ඇමතිවරයෙක් ළඟදීම අත්අඩංගුවට”
වත්මන් යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු නුදුරු දිනකදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂය මූලස්තානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Monday, September 26, 2016

වසර 2000 කට පෙර මෙරට සිංහල ජනතාව හිටියේ නෑ.. හිටියේ දෙමළ ජනතාව පමණයි.. විග්නේෂ්වරන්

Monday, September 26, 2016
වසර 2000 කට පෙර මෙරට සිංහල ජනතාව හිටියේ නෑ.. හිටියේ දෙමළ ජනතාව පමණයි.. විග්නේෂ්වරන්
‘වසර 2000කට පෙර සිටම උතුරු නැගෙනහිර පලාත්වල දෙමළ ජනතාව වාසය කර තිබෙනවා. එවිට මෙරටේ සි0හල ජනතාවක් සිටියේ නැහැ. මේ රටට සිංහල භාෂාව පැමිණියේ ක්‍රී.පු. හයවන සියවසින් පසුවයි. දෙමළ ජනතාව සිංහල ජනතාව විදියට වෙනස් වී වසර සීයක් පමණ ජීවත්වීම නිසයි උතුරු නැගෙනහිර පලාත්වල සිංහල බලපෑම් සිදුවෙලා තියෙන්නේ’ යැයි උතුරු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් පවසා ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ නැගිටීම හෙවත් ‘එළුග තමිල්’ නමින් යාපනයේ පෙරේදා පැවති හර්තාල්යේ අවසානයේ යාපනයේ මුත්තුවේලි ක්‍රිඩාංගනයේ පැමිණ විශාල දෙමළ ජනතාව අමතමිනි.

'ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියයි' -ෆොන්සේකා කියයි

Monday, September 26, 2016
'ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියයි' -ෆොන්සේකා කියයි
එල්.ටි.ටි.ඊ. නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ට ප්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ බ්‍රිගේඞ්යර් රවිප්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති  ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එය සිදු වූයේ තමන්ගේ උපදෙස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

Saturday, September 24, 2016

චම්පිකගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

Saturday, September 24, 2016
චම්පිකගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
පුද්ගලික ඝාතන සිදු කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට අණ දුන් පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර අණ ක්‍රියාත්මක කළ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිර කර තැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

'බිබිසි සංදේශය' සමග සාකච්ඡාවකට එක් වෙමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ කැපවීම් අතුගා දමා පුද්ගලික ඝාතන සිදුවීම් ඉස්මතු කිරීම වැරදි ක්‍රියාවක් බවයි.

Friday, September 23, 2016

බැසිල්ගේ ලක්‍ෂ 2003ක ඉඩම : රාජසන්තක කිරීම කල් යයි

Friday, September 23, 2016
බැසිල්ගේ ලක්‍ෂ 2003ක ඉඩම : රාජසන්තක කිරීම කල් යයි
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සතුව තිබුනා යයි පැවසෙන ගම්පහ මල්වාන ඉඩම හා නිවාස රාජසන්තක කරන ලෙස ඉල්ලා ඊයේ  පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස සුදානම්ව සිටිය ද ඊට අවස්ථාවක් නොලැබිණ.

ඊයේ (22) පූගොඩ දිසා විනිසුරු සංජීව සෝමරත්න මහතා හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්‌ථාවේ පූගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන් පතිරණ මහතා නිවාඩු වාර්තාකර තිබු හෙයින් එම නඩුව ඔක්‌තෝබර් මස 04 වැනිදා පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ කැඳවන ලෙසට නියම කළේය.

ඇමරිකා ගිය එජාප ඇමතිවරුන්ට බාල්දියක්

Friday, September 23, 2016
ඇමරිකා ගිය එජාප ඇමතිවරුන්ට බාල්දියක්
තමාට හෝ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට හෝ එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතාට පූර්ව දැනුම්දීමක් සිදු නොකොට ජනාධිපතිවරයා සමග ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ දිනවල නොකඩවා පාර්ලිමේන්තුව තුල රැඳී සිටින්නැයි සභානායක කාර්යාලය විසින් එජාප මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කල අවස්ථාවේදී මෙසේ එජාප මැති ඇමතිවරුන් 10 දෙනෙකු පමණ විදේශගතව ඇති බව දැනගන්නට ලැබී ඇත.

Wednesday, September 21, 2016

ඇමති ෆොන්සේකා එක වාහනයට තුනක්‌ අරන්

Wednesday, September 21, 2016
ඇමති ෆොන්සේකා එක වාහනයට තුනක්‌ අරන්
තම නිල වාහනයට වෙන්කළ රුපියල් කෝටි හතක මුදලින් අමාත්‍යාංශයේ පරිහරණයට වාහන තුනක්‌ මිලට ගෙන මුදලක්‌ ඉතිරි කර දුන් බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (20 ) පාර්ලිමේන්තුවේදී පැවසිය.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සඳහා ඉදිරිපත් කළ රුපියල් කෝටි 59 ක පරිපූරක යෝජනාවට අදාළ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඔහු එබව සඳහන් කළේය.

Tuesday, September 20, 2016

'ITN 'සෙක්ස්' පෙන්නන්නේ නැහැ'

Tuesday, September 20, 2016
'ITN 'සෙක්ස්' පෙන්නන්නේ නැහැ'
ස්වාධින රුපවාහිනි සේවය (ITN) හරහා රාත්‍රී 10.30 සිට 'සෙක්ස්' චිත්‍රපට විකාශය කිරීමේ සුදානමක් නැතැයි එහි සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා අවධාරණය කර සිටියි.

 ITN තුළින් රාත්‍රී 10.30 සිට විකාශය කිරීමට සූදානම් වන බව පැවසෙන සම්මාන දිනූ වැඩිහිටියන්ට සුදුසු ලේබලය සහිත විදේශීය ටෙලිනාට්‍ය මාලාවන් පිළිබඳවද සමාජ ඡාලවන් හා විවිධ මාධ්‍යයන් තුල මේවනවිට තියුණු සංවාදයක් මතුව ඇත.

Monday, September 19, 2016

සෑම පොලිසියකටම රෝද පුටු - ඇමති නියෝගයක්

Monday, September 19, 2016
සෑම පොලිසියකටම රෝද පුටු - ඇමති නියෝගයක්
සෑම පොලිස් ස්ථානයකම රෝද පුටුව බැගින් තබන මෙන් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාට නියෝග කරයි.

අමාත්‍යවරයා එම දැනුම්දීම සිදුකලේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ඇමතිවරයා එසේ, රෝද පුටු තබන්නට දන්වා සිටියේ දිවයිනේ සෑම පොලීසියකටම පැමිණෙන ආබාධිතයින්ගේ ප්‍රයෝජනය පිණිසය.

ETCA අවසන් සාකච්ඡාවන්ට ඉන්දීය ඇමතිනි එයි

Monday, September 19, 2016
ETCA අවසන් සාකච්ඡාවන්ට ඉන්දීය ඇමතිනි එයි
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම ගැන වූ අවසන් සාකච්ඡව සදහා ඉන්දීය වෙළෙද හා වාණිජ කටයුතු ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය ඉදිරි 26 දා මෙරටට පැමිණෙයි.

මෙම සංචාරය පසුගිය මාසයේ අවසන් සතියට කලින් යොදා තිබුණද ඉන්දීය අගමැතිවරයා විසින් එය අවලංගු කරන ලදී.

Sunday, September 18, 2016

පොලිස් කූඩුවේදී වරෙන්තුකරුවෙකු මියයාම නිසා පුස්සැල්ලාව උණුසුම් (PHOTOS)

Sunday, September 18, 2016
පොලිස් කූඩුවේදී වරෙන්තුකරුවෙකු මියයාම නිසා පුස්සැල්ලාව උණුසුම් (PHOTOS)
පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ දී සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප‍්‍රදේශවාසීන් පොලිසිය ඉදිරිපිට අද (18) විරෝධතාවක නිරත වුණා. ඒ, නුවරඑළිය ගම්පොළ ප‍්‍රධාන මාර්ගයද අවහිර කරමින්.

මේ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. පසුව එම ස්ථානයට පැමිණි අමාත්‍ය පලනි දිගම්බරන් විරෝධතාවයේ නිරතවූවන් සමග සාකච්ඡා කළා. විරෝධතාවය අවසන් වූයේ ඉන් අනතුරුවයි.

කුමාර වෙල්ගම ආණ්ඩුවට…??

Sunday, September 18, 2016
කුමාර වෙල්ගම ආණ්ඩුවට…??
ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙක් වන එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුවට එක්වන බවට අන්තර්ජාලය ඔස්සේ පල වන වාර්තා සම්පුර්ණයෙන්ම බැහර කරන බව ඒ මහතා පවසයි.

එජාපය සමග හවුල් ආණ්ඩුවට මුලින්ම විරැද්ද වූ තමන් අදද සිටින්නේ ඒ මතයේ බව පවසන ඔහු කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බවද සදහන් කරයි.

ෆොන්සේකාගේ අමාත්‍යාංශය නඩත්තුවට රුපියල් මිලියන 469යි.. ප්‍රාදේශිය සංවර්ධනයට මිලියන 123යි…

Sunday, September 18, 2016
ෆොන්සේකාගේ අමාත්‍යාංශය නඩත්තුවට රුපියල් මිලියන 469යි.. ප්‍රාදේශිය සංවර්ධනයට මිලියන 123යි…
පසුගිය වසරේ අගෝස්තු මස පැවති මහමැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් සහ එහි නායකයා ලෙස තරග කොට පරාජය විමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය එම් කේ ඒ ඩි එස් ගුණවර්ධනගේ අභාවයෙන් හිස්වු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එජාපයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී වරයෙකු ලෙස පත්ව මේ වසරේ පෙබරවාරි 09 දින ප්‍රදේශිය සoවර්ධන අමාත්‍ය ලෙස පත්කරන ලදි.

මේ ආණ්ඩුවත් එපා වෙලා.. අලූත් ආණ්ඩුවක් ඕනෑ.. ඒත් ජාතිවාදීන්ට යලි බලය ගන්න දෙන්න බෑ..

Sunday, September 18, 2016
මේ ආණ්ඩුවත් එපා වෙලා.. අලූත් ආණ්ඩුවක් ඕනෑ.. ඒත් ජාතිවාදීන්ට යලි බලය ගන්න දෙන්න බෑ..
අද වන විට රට තුල අලූත් ආණ්ඩුවක උවමනාවක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා යාපනයේදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

නිදහසෙන් පසු බිහි වූ කිසිම පාලනයක් ජනතා අවශ්‍යතා ඉටු කර නැති බවද කී ජවිපෙ නායකයා කිසිසේත්ම ජාතිවාදීන්ට වැවත බලය ලබා ගැනීමට ඉඩ නොදෙන බවද වැඩි දුරටත් පැවසීය.

Saturday, September 17, 2016

යහපාලන ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයෙන් අලූත් නමක්( VIDEO)

Saturday, September 17, 2016
යහපාලන ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයෙන් අලූත් නමක්( VIDEO)
යහපාලන ආණ්ඩුව බිහි කිරීමට කැප වී කටයුතු කළ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ම ආණ්ඩුව විවේචනය කරමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විරුද්ධවාදීන් විවිධ උපක්‍රම හරහා මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

යහපාලන ආණ්ඩුව හඳුන්වන අලුත් නමක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

Thursday, September 15, 2016

මහින්දට වයින් පෙවූ ව්‍යාපාරිකයකුගේ තතු සොයයි

Thursday, September 15, 2016
මහින්දට වයින් පෙවූ ව්‍යාපාරිකයකුගේ තතු සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පානය කිරීමට මනාප වයින් වර්ගයක් නිතර තෑගි ලෙස ලබාදුන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පහුගිය ගණුදෙණු සෙවීමට ආරක්ෂක අංශවල අවදානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ ව්‍යාපාරිකයා රාජපක්ෂ රෙජීමය සමයේ හුලං ආධාරයෙන් විදුලිය නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපෘතියක් ඇතුළු මෙරට ව්‍යාපාර ගණනාවකට සම්බන්ධ අයකු බවද පැවසේ.

Monday, September 12, 2016

බුදු දහමට දුන් සහතිකය : කාදිනල් හිමියන්ගෙන් ජනපතිට තුති

Monday, September 12, 2016
බුදු දහමට දුන් සහතිකය : කාදිනල් හිමියන්ගෙන් ජනපතිට තුති
නව ව්‍යවස්ථාව සැකසීමේදී බුදු දහමට ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති අයිතිය එලෙසින්ම සුරකින බවට සහතිකයක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්තුතිය පළ කරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.

නව ව්‍යවස්ථාව සැකසීමේදී ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් ලෙස නම් කළ යුතු බවට ඇතැම් කණ්ඩායම් හඬ නැගූ බව උන්වහන්සේ කියා සිටියේ ගම්පහ සිරිකුරුස දේවස්ථානයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදීය.

බටහිර ලෝකයේ පවතින අනාගමික සංකල්පය තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කොට ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික දිවි පෙවත විනාශ කිරීමේ උත්සාහයක් පවතින බව උන්වහන්සේ එහිදි සඳහන් කළේය.

Friday, September 9, 2016

නිදි යහනේ සෙල්ෆී ඡායාරූප ගැන කියන්න පියුමි හංසමාලි ඇමති හරින්ගේ දුරකථන අංකය සොයයි

Friday, September 09, 2016
නිදි යහනේ සෙල්ෆී ඡායාරූප ගැන කියන්න පියුමි හංසමාලි ඇමති හරින්ගේ දුරකථන අංකය සොයයි
පියුමි හසංමාලි කියන්නේ අද සමාජ වෙබ් අඩවිවල මෙන්ම බොහෝ වෙබ් අඩවිවල විවිධ පුවත් මවන්නියක්.
පසුගිය දා පැවති මිස්  ශ්‍රී ලංකා තරගාවලියෙන් අනතුරුව ඇය ගැන විවිධ පුවත් සමාජ වෙබි අඩවි හරහා පැතිරුණ නමුත් මේ දිනවල පියුමි හංසමාලි සහ ප්‍රසිද්ධ අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු යහනක සිටින සංස්කරණය කරන ලද ව්‍යාජ සෙල්ෆී ඡායාරූපයක් සමාජ වෙබි අඩවි හරහා  පැතිරෙමින් පවතිනවා ඒ අතර එම ඡායාරූපය පිලිබදව වීඩියෝවක් නිකුත් කරමින් පියුමි හංසමාලි පවසා සිටින්නේ එය සංස්කරණය කරන ලද ව්‍යාජ ඡායාරූපයක් බවයි.

Thursday, September 8, 2016

දුමින්ද සිල්වාට මරණ දඩුවම

Thursday, September 08, 2016
දුමින්ද සිල්වාට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා  ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය  කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පහකට කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර මරණ දඩුවම නියම කළේය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරානි ගුණරත්න මහත්මිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කළේය.

Wednesday, September 7, 2016

දුමින්දගේ ඉරණම විසඳන්න සියල්ල සුදානම් – භාරත මරපු දවසේ භාරතයි දුමින්දයි කළ වැඩ මෙන්න

Wednesday, September 07, 2016
දුමින්දගේ ඉරණම විසඳන්න සියල්ල සුදානම් – භාරත මරපු දවසේ භාරතයි දුමින්දයි කළ වැඩ මෙන්න
භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනාට වෙඩි තබා ඝාතනය කළ නඩුවේ තීන්දුව හෙට (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

මෙම වෙඩි තැබීම සිදුවූයේ 2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා ඡන්ද දිනයේදීයි.

වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට එදින ඇතුළත් කළා.

Monday, September 5, 2016

ක්‍රිකට් ආයතනයේ ගයාත්‍රිට ලිංගික අතවර කල අය අතර හිටපු ක්‍රීඩා ඇමතිකෙනෙක්..!

Monday, September 05, 2016
ක්‍රිකට් ආයතනයේ ගයාත්‍රිට ලිංගික අතවර කල අය අතර හිටපු ක්‍රීඩා ඇමතිකෙනෙක්..!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළෙඳ අංශයේ හිටපු ලේකම්වරිය ලෙස සේවය කළ ගයාත්‍රි වික්‍රමසිංහ හට  ලිංගික අතවර කළ බව පැවසෙන අය අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකුද ඇතැයි වාර්තා වේ. එසේම අදාළ ලයිස්තුවේ, හිටපු ක්‍රිකට් ලේකම්වරයකු හා හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකුද සිටින බව පැවසේ.

මේ බව හෙළිව ඇත්තේ ගයාත්‍රි විසින් පුවත්පත්වලට ක්‍රිකට් ආයතනයේ තොරතුරු ලබාදුන් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රකාශයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විනය පරීක්ෂණයකදීය.එහිදී තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඇතුළු එහි ප්‍රධානීන් කිහිපදෙනෙකු ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව විනය පරීක්ෂණය සිදුකළ නිලධාරීන් ඉදිරියේ ගයාත්‍රි පවසා තිබේ.

Saturday, September 3, 2016

ව්‍යාපාරිකයන් රුවටූ, මන්ත්‍රීලට කෙල්ලන් දුන් චේතිය සොයයි

Saturday, September 03, 2016
ව්‍යාපාරිකයන් රුවටූ, මන්ත්‍රීලට කෙල්ලන් දුන් චේතිය සොයයි
රාජපක්ෂ සමයේ වංචනික ව්‍යාපාරික කටයුතු කළ ව්‍යාපාරිකයන් බේරාගන්නා බවට පොරොන්දු දී මුදල් ලබාගත් හා මන්ත්‍රීලාට තරුණියන් ලබාදුන් බව පැවසෙන “චේතිය” නම් අයෙකු සම්බන්ධයෙන් පොලිසියේ අවදානය යොමුව ඇතැයි වාර්තා වේ.

“චේතිය” නැමැත්තා විවිධ වාසගම්වලින් පෙනී සිටින බවද මේ අතර වාර්තා වේ.

ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටු හිතවතෙකු ලෙස පෙනී සිටිමින් මේ වංචනික ක්‍රියා සිදුකර ඇති බව පසුගිය කාලයේ විවිධ දූෂණ චෝදනා එල්ලවී ඇති ව්‍යාපාරිකයන්ගේ පරීක්ෂණ අතරවාරයේදී පොලිසියට අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

Thursday, September 1, 2016

කෝටි 1104ක් පාඩු කළැයි ගෝඨා නිශ්ශංක ඇතුළු 7 කට නඩු

Thursday, September 01, 2016
කෝටි 1104ක් පාඩු කළැයි ගෝඨා නිශ්ශංක ඇතුළු 7 කට නඩු
චූදිතයින් අතර හිටපු නාවික හමුදාපති සෝමතිලක සහ කොළඹගේ

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම වෙත පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාමට ඉඩ ලබාදීමෙන් රජයට බිලියන 11.4ක් (කෝටි 1140) පාඩු කිරීමේ අල්ලස් ‍චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු නිලධාරින් 8 දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම ඊයේ (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරුවේය.

චෝදනා 19ක්, සාක්කි 60ක් හා නඩු භාණ්ඩ 218ක් නම් කරමින් අල්ලස් කොමිසම මේ නඩු පැවරීම සිදු කර තිබිණ.