August 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, August 30, 2016

මන්ත්‍රීන්ට සැප වාහන: තවත් කෝටි දෙසීයක්

Tuesday, August 30, 2016
මන්ත්‍රීන්ට සැප වාහන: තවත් කෝටි දෙසීයක්
තීරු බදු රහිතව ආනයනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති වාහන ආනයන බලපත්‍රය මගින් වාහන ගෙන්වීම සඳහා එම බලපත්‍රයේ වටිනාකමට සමාන ණය මුදලක් එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙසට ආණ්ඩුව විසින් ලංකා බැංකුවට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

මේ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ණය මුදල ඉල්ලුම් කළහොත් ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි දෙසීයක මුදලක් මුදාහැරීමට බැංකුවට සිදු වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියි.

Monday, August 29, 2016

මහින්ද පිම්මකට සැරසෙයි - බැසිල් ඇතුළත් කමිටුවක් පත් කරයි

Monday, August 29, 2016
මහින්ද පිම්මකට සැරසෙයි - බැසිල් ඇතුළත් කමිටුවක් පත් කරයි
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අලුතින් පක්‍ෂයක් පිහිටුවනවාද නැද්ද යන්න ගැන ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර වාර්තාවක් සකස් කිරීම සඳහා නව දෙනකුගෙන් යුතු කමිටුවක් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කර තිබේ.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන, බැසිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීහු මෙම කමිටුවට අයත් වෙති.

Friday, August 26, 2016

'සිංහ ලේ' කණ්ඩායම ගැන හොයන්න අගමැතිගෙන් නියෝග

Friday, August 26, 2016
'සිංහ ලේ' කණ්ඩායම ගැන හොයන්න අගමැතිගෙන් නියෝග
සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් "එකම ලේ" නමින් ජාතිවාදයට එරෙහිව සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාට දැණුම් දී තිබේ.

පසුගිය දිනෙක සිවිල් ක්‍රියාධරයන් කණ්ඩායමක් පැවැත්වූ මෙම සාමකාමී විරෝධතා ව්‍යාපාරයට "සිංහ ලේ ජාතික බලමුළුව" යැයි කියාගන්නා පිරිසක් කඩා පැන ගැටුමක් නිර්මාණය කළ අතර අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යවරයාට ඊයේ (25) දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධව යි.

Thursday, August 25, 2016

උඩින් ගිය ඇමති තුන් කට්ටුව හදිස්සියේම බිමට

Thursday, August 25, 2016
උඩින් ගිය ඇමති තුන් කට්ටුව හදිස්සියේම බිමට
අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රැගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් නුවරඑළිය - සීතාඑළිය - කටුමාන්න ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මෙම හෙලිකොප්ටර් යානයේ කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් කර ඇත්තේ නුවරඑළිය - සිනෙසිටා ශ්‍රවණාගාරයේ සංවිධාන කර තිබූ උත්සවයකට සහභාගිවීම සඳහායි.

යානය ගොඩබැස්සවීමට නියමිතව තිබුණේ නුවරඑළිය තුරඟ තරඟ පිටියටයි.

Wednesday, August 24, 2016

පාර්ලිමේන්තුවේ දී කිව්ව කොන්ඩම් කතාව

Wednesday, August 24, 2016
පාර්ලිමේන්තුවේ දී කිව්ව කොන්ඩම් කතාව
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ඇතැම් ව්‍යාපාරවල නිරතවන පුද්ගලයන්ට සමාජ රෝග ඇති වීම වැළක්වීම සඳහා රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (23දා)පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ සංගණනයක් මගින් හදුනා ගත් සංචාරක මග පෙන්වන්නන් සදහා HIVරෝගය පිළිබද දැනුවත් කිරීම, HIVරුධිර පරීක්ෂණ සදහා ලිංගාශ්‍රිත රෝග සායන වලට යොමු කිරීම, කොන්ඩම් ලබා දීම, පසුවිපරම් කරමින් රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමට කටයුතු කිරීම ආදිය සදහා පියවර ගෙන ඇති බවයි.

Monday, August 22, 2016

අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?

Monday, August 22, 2016
අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?
ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා හා හිටපු අමාත්‍යවරියක් වන රෝසි සේනානයක මහත්මියගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායක ගැනද මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අවධානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමේහි (CHOGM) සංවිධාන කටයුතු සිදුවූයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේය.

ඇමති දයාසිරි චන්නව මිනී වලෙන් ගොඩ ගනී

Monday, August 22, 2016
ඇමති දයාසිරි චන්නව මිනී වලෙන් ගොඩ ගනී
වසර 16ක පාපන්දු ඉතිහාසයකට හිමිකම් කියන ඔහු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්නේ 1998 වසරේ සිටයි. එදා සිට 2014 වර්ෂයේ සිය පාපන්දු ජීවිතය නිමා කරන තෙක් ඔහු සහභාගී වුනු ජාත්‍යන්තර පාපන්දු තරග ගණන 128ක්. 2012 වර්ෂයේදි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා ලෙස පවා කටයුතු කල ඔහු ජාත්‍යන්තර තරග ද්විත්වයකදි හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පවා පිදුම් ලද ක්‍රීඩකයෙකි.
දේශීය වශයෙන් පවා දස්කම් දක්වා අැති ඔහු ජාතික කණ්ඩායමට අමතරව රත්නම්, මීගමුව යූත් යන ප්‍රභල ක්‍රීඩා සමාජයන්හි පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සිය දස්කම් දැක්වූ අතර 2015 වර්ෂයේ සිට කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය දස්කම් ප්‍රදර්ශණය කරයි.
එලෙස අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු හට අද දිනය වන විට උරුම වී අැති තත්ත්වය නම් සුළු කම්කරුවෙකු ලෙස ගාල්ල නගර සභාව යටතේ සේවය කිරීමටයි. එයද වසරක කොන්ත්‍රාත් පදනමක් යටතේය.
කෙසේනමුත් මෙරට ක්‍රීඩාව යහපත් තැනකට ගෙන යෑමට උත්සහ දරණ වර්තමාන ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතාගේ අවධානය ඔහු වෙත යොමුවන්නේ මේ අතරවාරයේදීයි.

Friday, August 19, 2016

පාද යාත‍්‍රාව සහ ‘මගේ නැටුම’ - නාමල් හිරේ සිට ලියයි

Friday, August 19, 2016
පාද යාත‍්‍රාව සහ ‘මගේ නැටුම’ - නාමල් හිරේ සිට ලියයි
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සිරගෙදර සිට පුවත් පත් තීරු ලිපියක් ලියා තිබේ.

පාද යාත‍්‍රාව හා මගේ නැටුම යන මැයෙන් ‘අද’ පුවත්පතට ලියා ඇති එම සම්පූර්ණ ලිපිය මෙසේය.


පාද යාත‍්‍රාව සහ ‘මගේ නැටුම’

ගත වූ සති තුනක කාලය මගේ ජීවිතයේ අමතක නොවන සති තුනක්.පළමු වැනි සතිය ගතවූයේ වැලිකඩ සිරගෙදරයි.ඒ ගත කළ කාලය ජීවිතේට අමතක කළ නොහැකියි.දෙවැනි හා තුන්වැනි සති ගත වූයේ ජන සටන පාද යාත‍්‍රාව වෙනුවෙනුයි.එක් සතියක් සම්පූර්ණයෙන්ම එහි සංවිධාන කටයුතු වලට රට පුරා දිවීමට සිදුවුණා.දෙවැනි සතිය පාද යාත‍්‍රාව සදහා වෙන් වුණා.පළමු සතියේදී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගොස් ජනතාව,ප‍්‍රාදේශීය හා පළාත් සභා දේශපාලඥයන් මුණගැනී පා ගමනේ සංවිධාන කටයුතු සොයා බලන්න සිදුවුණා.

Thursday, August 18, 2016

නාමල්ගේ කෙල්ලො පස්සේ FCID ය පන්නයි : එක කෙල්ලක් රටින් පැනලා

Thursday, August 18, 2016
නාමල්ගේ කෙල්ලො පස්සේ FCID ය පන්නයි : එක කෙල්ලක් රටින් පැනලා
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී ඇසුරු කළ තරුණියන් සම්බන්ධයෙන් සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය ආරම්භකර ඇතැයි වාර්තා වේ.

මේ අතර, රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 ක මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන තවත් අධ්‍යක්ෂවරියක් රටින් පැනගොස් ඇතැයි ද වාර්තා වේ.

මෙසේ පැනගොස් ඇත්තේ බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අයයි.

ඇය එංගලන්තයට ගොස් සැඟවී සිටින බවට මේවන විට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට තොරුතුරු ලැබී ඇති බවද වාර්තා වේ.

Wednesday, August 17, 2016

Hari Gossip | harigossip.com | hari gossip lanka | harigossip.lk | හරි ගොසිප්

Wednesday, August 17, 2016
Hari Gossip | harigossip.com | hari gossip lanka | harigossip.lk | හරි ගොසිප්
Hari Gossip
harigossip
harigossip.com
harigossiplanka
hari gossips
hari gossip news
harigossip

hari gossip videos 
hari gossip facebook
hari gossip fb
hari gossip 
hari gassip
hari gosip
hari gosssip
hori gossip
haru gossip 
hare gossip
harin gossip
hari gossipe 
harigossip.lk
harigossip.net
harigossip.com
harigossiplanka.com
harigossip



Tuesday, August 16, 2016

රවීගේ පලිගැනීම් ජනපතිගේ අවධානයට

Tuesday, August 16, 2016
රවීගේ පලිගැනීම් ජනපතිගේ අවධානයට
වැට්‌ බද්දට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ වෙළෙඳ සංගම් නායකයන්ගේ කඩසාප්පු කාර්යාල සහ ගබඩා රේගුව මගින් සීල් තබමින් සිදු කරන පළිගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ඒ අනුව එම තත්ත්වය පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම් සහ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇතැයිද රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

Friday, August 12, 2016

වර්ණනා කරන්න ගිහින් මහින්ද දෙකොන පටලවා ගනී

Friday, August 12, 2016
වර්ණනා කරන්න ගිහින් මහින්ද දෙකොන පටලවා ගනී
විජය නන්දසිරි නම් අග්‍රගන්‍ය කලාකරුවා පිළිබඳව හරිහැටි නොදැන ඔහු සම්බන්ධයෙන් වර්ණනා කරන්නට ගොස් මහින්ද රාජපක්ෂ මහතා ඔහු පිළිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රකට කර ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පවසති.

හිටපු ජනාධිපතිවරයා ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ අභාව පිළිබඳව ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

එහි එක්තරා තැනක "මාගේ මතකයට එන ඔහු විසින් රංගනයේ යෙදෙමින් ගයන ලද ‘‘ගල් ලෙන බිදලා’’ සිංහබාහු නාටයේ ගීතයත් ," ආදිය කියමින් විජය නන්දසිරි මහතා ගල්ලෙන් බිඳලා ලෙන් දොර ඇරලා ගීතය ගායනා කරමින් සිංහබාහු නාට්‍යයේ රඟ පෑ හැටි සිහියට එන බව පවසා ඇත.

Wednesday, August 10, 2016

රවී හා ජනපති ගැටෙන ලකුණු

Wednesday, August 10, 2016
රවී හා ජනපති ගැටෙන ලකුණු
දුම්වැටි බදු ඉහළ දැමීමේදී ඇතිවිය හැකි ගැටලු සම්බන්ධ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමා තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටී.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මීලග කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කරන බවයි.

ඔහු විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත්වූ යෝජනාවක් සැලකිල්ලට ගනිමිනි.

රවී කරුණානායක මහතා මේ තීරණයට එළඹියේ දුම්වැටි බදු ඉහළ දැමීමේදී දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදනවලට පුද්ගලයින් නැඹුරුවීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් බවද ඔහු කියා සිටී.

නව බදු යෝජනාවට අනුව දුම්වැටි බද්ධ සියයට 90 දක්වා ඉහළ දැමීමට නියමිතය.

දුම්වැටි සඳහා දැනට අය කෙරෙන බද්ධ සියයට 71 කි.

Monday, August 8, 2016

හිරුණිකාට චෝදනා 29ක් යටතේ නඩු

Monday, August 08, 2016
හිරුණිකාට චෝදනා 29ක් යටතේ නඩු
දෙමටගොඩදී පුද්ගලයකු පැහැරගෙනයාම ඇතුළු අධිචෝදනා 29 යටතේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ඇගේ ආරක්ෂක නිලධාරීන් හා ආධාරකරුවන් ඇතුළු 9කට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කැළුම් නෙරන්ජන්, මලින්ද ජයතිලක, කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර සොයිසා, මයිකල් ඇන්තනී, සංජීව අබේසිරිවර්ධන, නියාස් මොහොමඩ් රිප්වාන් හා ජෙගනාදන් ඇන්තනී යන විත්තිකරුවනට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.

Wednesday, August 3, 2016

'පොලිස්පතිගේ නීතිය නැගෙනහිරට, උතුරට ක්‍රියාත්මක කරන්න' - ඥානසාර හිමි

Wednesday, August 03, 2016
'පොලිස්පතිගේ නීතිය නැගෙනහිරට, උතුරට ක්‍රියාත්මක කරන්න' - ඥානසාර හිමි
පොලිස්පතිවරයා දකුණේ ජනතාවට දාන නීතිය නැගෙනහිර ජනතාවට දාන්නේ නැත්තේ ඇයිදැයි බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.

උන්වහන්සේ මේ බව පැවසූයේ ඊයේ (02) කිරුළපන දී පැවැති මාධ්‍ය හමුවකදී ය.

‘විග්නේෂ්වරන් හා ටීඑන්ඒ ජාතිවාදී ක්‍රියා නිසා උතුරේ සිංහල ජනතාව අසීරුතාවයට පත්වෙලා. අස්ගිරිය හාමුදුරුවෝ මේක බෞද්ධ රටක් කියද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර කියනවා මේක බහු ආගමික රටක් කියලා‘ යැයි ද ඒ හිමියෝ කීහ.

Tuesday, August 2, 2016

එජාපය මැතිවරණයට සූදානම්

Tuesday, August 02, 2016
එජාපය මැතිවරණයට සූදානම්
ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණ දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණද මේ වන විට අවසන් කර තිබෙන බවයි ඔවුන් කියා සිටියේ.

නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.