July 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Sunday, July 31, 2016

ගෝඨා 'වියත් මඟ' : මහින්ද මහ මඟ !

Sunday, July 31, 2016
ගෝඨා 'වියත් මඟ' : මහින්ද මහ මඟ !
ඒකාබද්ධ විපක්ෂය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාගමනින් කොළඹට එද්දී, ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 'වියත් මග' සංවිධානයේ වැඩමුළුවක් සඳහා අනුරාධපුරයට ගොස් ඇත.

එම වැඩමුළුවට සහභාගිවීමට පෙර ඔහු අනුරාධපුරයේ දේවාලයකට ගොස් ආශිර්වාද ලබාගෙන තිබේ.

මේ අතර වමේ කේන්ද්‍රය පවසන්නේ, ඒකාබද්ධ විපක්‌ෂය සංවිධානය කර ඇති පාද යාත්‍රාවේ යටි අරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රජ කරවීම බවයි.

Friday, July 29, 2016

නිලංග දෑල ලංකා බැංකුවට කෝටි 6ක පොල්ලක්

Friday, July 29, 2016
නිලංග දෑල ලංකා බැංකුවට කෝටි 6ක පොල්ලක්
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අයත් පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබාගත් කල්බදු ණය මුදලක් නොගෙවා ඇතැයි ලංකා ඉරිදා පුවත්පත වාර්තාකර තිබේ.

මෙසේ නොගෙවන ලද ණය මුදල රුපියල් කෝටි හැත්තෑහය ලක්ෂ හාරදාස් එකසිය හතලිස් එකක් (67,604,141) බව පැවසේ.

එම ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වැනිදාට තිබූ මුළු ණය පුමාණයේ ශේෂය බව පැවසේ.

ඒ සඳහා ඇතුළත්විය යුතු පොළී ප්‍රමාණය ගණනය කර නැති බවද වාර්තා වේ.

Wednesday, July 27, 2016

'මොරගහකන්දේ අයිතියක් අපටත් ඕනෑ ' - විග්නේෂ්වරන්

Wednesday, July 27, 2016
'මොරගහකන්දේ අයිතියක් අපටත් ඕනෑ ' - විග්නේෂ්වරන්
මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවට ද ලබාදිය යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබදව උතුරේ දේශපාලන අධිකාරිය දැණුවත් කිරීම පිණිස ඊයේ (26) ජයිකා ආයතනයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභාවේ පිරිසක් ද සහභාගි වී තිබේ.

Monday, July 25, 2016

එදා කාන්තාවන්ට ඇන්ඳවූ පතිවත පටි අද කාන්තාවන්ටත් ඕනද?

Monday, July 25, 2016
එදා කාන්තාවන්ට ඇන්ඳවූ පතිවත පටි අද කාන්තාවන්ටත් ඕනද?
බොහෝ සැමියන් තම බිරිඳ පතිවත රකින බිරිඳක් වනවා දකින්නට බොහෝ කැමතිය. එහෙත් කාන්තාවන් සම්බන්ධයෙන් ඇත්තේ “පිරිමිනිදු පතන – අවසර කල් රහස් තැන – මිස නොලැබෙන බැවින – ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන“ යන මතයය.

එදා සිට පැවති මේ මතය නිසා හෝ කාන්තාවන්ගේ ආරක්ෂාව පතා පතිවත පටි (Chastity Belt) නිර්මාණය වී තිබෙනවා. ලෝහයෙන් නිර්මිත මෙම උපාංගය මධ්‍යතන යුගයේ ප්‍රභූන් යුද්ධය සඳහා හෝ ව්‍යාපාරික කටයුතු සඳහා දිගු කලක් නිවසින් බැහැරව සිටිනා සමයන්හිදී තම බිරිඳඅන් අයෙකු හා සංසර්ගයේ යෙදීම වලකනු පිණිස හෝ ආරක්ෂාව පිණිස මෙය නිමවා තිබෙනවා.

Sunday, July 24, 2016

“මාගේ කෑම වේලට පුසෙක් දමා තැම්බූ අල හොද්දත් එක්ක බත් දුන්නා” - තෙවරප්පෙරුමගෙන් දිග ලියුමක්

Sunday, July 24, 2016
“මාගේ කෑම වේලට පුසෙක් දමා තැම්බූ අල හොද්දත් එක්ක බත් දුන්නා” - තෙවරප්පෙරුමගෙන් දිග ලියුමක්
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තීරණාත්මක කරුණු රැසක් ඇතුළත් ලිපියක් ඇමති කෙනෙකුට යවා තිබෙනවා.

එම ලිපියෙන් තමන් විඳින ලද සිර ගෙදර අත්දැකීම් පිළිබඳව ද සිහිපත් කර ඇති පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා හිරගෙදරදී තම කෑම වේලට පුසෙක් දමා තම්බා කන්න දුන් බවද අවධාරණය කර තිබෙනවා.

එම ලිපිය පහතින්…

Friday, July 22, 2016

රනිල් ගෙන් ගීතාට යෝජනාවක්

Friday, July 22, 2016
රනිල් ගෙන් ගීතාට යෝජනාවක්
ඉදිරි අයවැයෙන් පසුව මෙම ආණ්ඩුව කඩා වැටේ යැයි සමහරු සිතා සිටියාට කිසිසේත් එසේ නොවන බවත් ජනාධිපතිවරයා සමඟ එක්ව ඉදිරි වසර පහක කාලයේ දී රට සංවර්ධනය කරන බවත් පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට එක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට ආරාධනා කළේය.

කුමාරසිංහ මහත්මිය සමඟ සිටින මන්ත්‍රීවරුන් දෙපළක් ද ආණ්ඩුවට පැමිණීමට සූදානමින් සිටින බව පැවසූ අගමැතිවරයා දකුණේ සංවර්ධනය ශීඝ්‍රගාමීව සිදුකරන බව සදහන් කළේය.

Wednesday, July 20, 2016

ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධනය අර්ජුන් යටතට

Wednesday, July 20, 2016
ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධනය අර්ජුන් යටතට
රැකියා දස ලක්ෂයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා පත් කිරීමට රජය තීරණය කර තිබේ.

වසර පහක් තුළ දී තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක් බිහි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට පෙර ප්‍රතිඥා දී තිබිණි. මෙය යථාර්තයක් බවට පත් කිරීමේ පස් අවුරුදු සැලැස්මට රජයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සියල්ලම ඇතුළත් වී ඇත.

Tuesday, July 19, 2016

'නව ව්‍යවස්ථාව- රට එක්සත් කිරීමටයි' - ජනාධිපති

Tuesday, July 19, 2016
'නව ව්‍යවස්ථාව- රට එක්සත් කිරීමටයි' - ජනාධිපති
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙමින් පවතිද්දී ඇතැමුන් ඒ සම්බන්ධයෙන් අසත්‍ය මත පතුරුවා හරිමින් සිටින බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, 'නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කරන්නේ රට බෙදීමට නොව රට එක්සත්ව තබා ගනිමින් සියලු ජාතීන් අතර සමගිය ඇති කිරීමට බව' අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ජර්මන් රජයේ ආධාර මත ඉදි කෙරුණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා කිලිනොච්චියේ ඊයේ (18) සිදු කළ සංචාරයක දී මහජන හමුවක් අමතමිනි.

උතුරේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව රටේ සියලු දෙනා විසින් පිළිගත යුතු බව අවධාරණය කර සිටියේය.

Monday, July 18, 2016

'ශ්‍රීලනිප ඇමතිවරු ගහල පන්නන්න ලෑස්තියි' -ගීතා

Monday, July 18, 2016
'ශ්‍රීලනිප ඇමතිවරු ගහල පන්නන්න ලෑස්තියි' -ගීතා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් සංශෝධන පනතට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලන ඇමතිවරුන්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, එම පනතට පක්ෂව ඡන්දය දුන්නොත් ශ්‍රී ල.නි.ප. යහපාලන ඇමතිවරුන්ට ගමට යන්නට වෙන්නේ රෙදි ගලවා බවත්, ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරනය කරයි.

ඇය පෙන්වා දෙන්නේ එම පනතට පක්ෂව ඡන්දය ලබාදී ගමට එන එවැනි ඇමතිවරුන් පන්නා දැමීමට ජනතාව සූදානම් බවයි.

යහපාලනය විසින් නඩු නොදැමූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සෙවීම කිසිවෙකු නොමල ගෙදරකින් අබ සෙවීම මෙන් අසීරු දෙයක් බවද පෙන්වා දුන් මන්ත්‍රීවරිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නඩු පවරා සිරගත කොට යහපාලනය පවත්වාගෙන යා නොහැකි බවද අවධාරනය කලාය.

Saturday, July 16, 2016

FCID විමර්ශන වලින් රාජසන්තක වන රාජපක්ෂලාගේ රු.මිලියන 2873.92ක දේපල මෙන්න

Saturday, July 16, 2016
FCID විමර්ශන වලින් රාජසන්තක වන රාජපක්ෂලාගේ රු.මිලියන 2873.92ක දේපල මෙන්න
මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ මුදල් විශ=ද්ධිකරණයෙන් (කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමින්) අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලූ‍ සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇත.

පහත දැක්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙතෙක් සිදුකළ විමර්ශන වලින් සාක්ෂි සහිතව තහවුරු කරගන්නා ලද කළු සල්ලිවලින් අත්පත්කරගෙන ඇති දේපළ වල සවිස්තර සාරාංශයකි.

Friday, July 15, 2016

නාමල්ට මෙට්ටයක් : යොහානාට ආර්මි කේස් : ජොනීගේ ටියුෂන්

Friday, July 15, 2016
නාමල්ට මෙට්ටයක් : යොහානාට ආර්මි කේස් : ජොනීගේ ටියුෂන්
රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ ආශ්‍රිත තොරතුරු මේදිනවල පුවත් මවන සිද්ධි බවට පත්ව තිබේ.

මේ අතරින්, අද (15) දිනයේ ප්‍රධාන සිද්ධිය බවට පත්ව ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් ගතකර සිටින නාමල් රාජපක්ෂ මහතාට නිදාගැනීමට රැඳවියන්ට සුපුරුදු පැදුර වෙනුවට මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය විසින් පියවර ගෙන තිබීමය.

තමන්ට නිදාගැනීම සඳහා මෙට්ටයක් ලබා දෙන්නැයි නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් සලකා බලා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා විසින් දෙන ලද නිර්දේශය මත මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය කටයුතු යොදා ඇත.

Thursday, July 14, 2016

වීරවංශ, රාවණාබලේ හිමිට වාහන 55 ක් දීලා

Thursday, July 14, 2016
වීරවංශ, රාවණාබලේ හිමිට වාහන 55 ක් දීලා
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් පෙනී සිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 55 ක් පරිහරණය කරමින් රුපියල් ලක්ෂ 690 ට අධික මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් බරපතල මුල්‍ය වංචා විමර්ශන පිළිබද ජනාධිපති කොමිසම අද (13) පැය දෙකකට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගත් බව කොමිසම කියයි.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් 2010 වසරේ සිට 2015 ජනවාරි මස දක්වා වරින් වර විවිධ අවස්ථාවන් වෙනුවෙන් මෙම මෝටර් රථය පරිහරණය කර ඇති බවත් එහි කුලිය , ඉන්ධන, රියදුරු වැටුප්, වෙනුවෙන් මෙම මුදල ඉංජිනේරු සංස්ථාවෙන් මුදල ගෙවා ඇති බවද කොමිසම කියයි.

Wednesday, July 13, 2016

නාමල්ගේ “බී” වාර්තාව සම්පූර්ණයෙන්ම මෙන්න

Wednesday, July 13, 2016
නාමල්ගේ “බී” වාර්තාව සම්පූර්ණයෙන්ම මෙන්න
පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඉන්දියාවේ ක්‍රීෂ් නමැති සමාගම කොළඔ කොටුව ට්‍රාන්ස් වර්ක්ස් හවුස් ආසන්නයේ පිහිටි ඉඩමක (වර්තමානයේ හිල්ටන් හෝටලයේ තාවකාලික රථ ගාල ඇති ස්ථානය) ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් වටින හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කිරීම මගින් රුපියල් මිලියන 450 ක කොමිස් මුදලක් ලබා ගැනීම පිළිබඳව එල්ල වූ චෝදනාවකටය.

මේ ගණුදෙණුවට දේශපාලනඥයින් තිදෙනෙකු ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් පැටලී තිබේ.

මෙම ඉඩම කීෂ් සමාගමට හිමිව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය මගිනි.

Tuesday, July 12, 2016

තේ බොන්නේ ආප්ප කාලද

Tuesday, July 12, 2016
තේ බොන්නේ ආප්ප කාලද
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු වන පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පසුගියදා කළුතර විහාරස්ථානයකදී මුණගැසුනා.

ඒ නාගොඩ විජේමාන්න බෞද්ධ මධ්‍යස්ථානයේ “සෙත්සිරි උයන” චෛත්‍යයට කොත පැලැන්දවීම සහ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ අවස්ථාවේදීයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් දිගින් දිගටම විමසා සිටියේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවයි.

Monday, July 11, 2016

කාන්තාවන් 1500කට අසභ්‍ය වීඩියෝ යැවූ සල්ලාලයා!

Monday, July 11, 2016
කාන්තාවන් 1500කට අසභ්‍ය වීඩියෝ යැවූ සල්ලාලයා!
කාන්තාවන් 1500 දෙනෙකුට අසභ්‍ය වීඩියෝ, ඡයාරූප, කෙටි පණිවුඩ යැවූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

31 හැවිරිදි මොහොමඩ් අකීල් නම් මෙම පුද්ගලයා සතුව කාන්තාවන් 2000ට අධිකගේ දුරකථන අංක පැවති බව ඉන්දියානු පොළීසිය පවසනවා.

තමාට සිතුන අංකයකට අමතා, එම අංකය කාන්තාවකගේ නම් ඇයට මෙම අසභ්‍ය වීඩියො, ඡායාරූප, පණිවුඩ යැවීමට මොහු කටයුතු කොට ඇති බව සඳහන්.

ඔහු සෑම කාන්තාවකටම මේ ආකරයේ අසභ්‍ය වීඩියෝ යවා නොමැති අතර ප්‍රථමයෙන් ඇයගේ වට්ස් ඇප් ගිණුම නරඹා ඇය ලස්සන නම් පමණක් මෙසේ අසභ්‍ය වීඩියෝ, ඡායාරූප යැවීමට කටයුතු කළ බව ඔහුගේ පාපොච්චාරනයේ සඳහන්.

VAT අත්හිටුවයි

Monday, July 11, 2016
VAT අත්හිටුවයි

වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කරමින් ඉකුත් මැයි මස 2 වෙනිදා සිදුකෙරුණු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එන්.බී.ටී. හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදුකෙරුණු සංශෝධන ද මේ සමග තාවකාලිකව අත්හිටුවනු ඇති. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කෙරුණා. පෙත්සම සලකා බැලුණේ අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් ඉදිරියේයි.

Saturday, July 9, 2016

මෛත්‍රී මැති ඇමතිලාට විදෙස් ගමන් තහනම් කරයි

Saturday, July 09, 2016
මෛත්‍රී මැති ඇමතිලාට විදෙස් ගමන් තහනම් කරයි
වහාම ක්‍රියාත්මකවන පරිදි ඉදිරි කාලය තුළ සියලුම මැති ඇමතිවරුන්ගේ විදෙස් ගමන් නතරකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගකර තිබේ.

ඉදිරි කාලය රටේ ජනතාව මුහුණදී ඇති ප්‍රශ්න සහ අර්බුද හඳුනාගැනීමට යොමුකරන ලෙසත්, ඉන් පසුව ඒවාට සහන සැලැසීමට කටයුතු කරන ලෙසත් ජනපතිවරයා උපදෙස් දී ඇත.

මේ වන විට ජනතාව නොමඟ යැවීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවත්, ඉදිරි මාසයේදී අදාළ කාරණා සම්බන්ධයෙන් ජනතාවට නිසි අවබෝධයක් ලබාදිය යුතු බවත් මැති ඇමතිවරුන්ට පවසා ඇතැයි වාර්තා වේ.

Friday, July 8, 2016

දිනේෂ්ගෙ පුතා සමන්මලීව සහේට ගන්න සැරසේ

Friday, July 08, 2016
දිනේෂ්ගෙ පුතා සමන්මලීව සහේට ගන්න සැරසේ
පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය මෙනවිය විවාහ වීමට යන බව වාර්තා වෙනවා.

ඇගේ අතගන්නට යන්නේත් දේශපාලන පවුලක සාමාජිකයෙකු වීම විශේෂයක්.

ඒ වෙනින් කවුරුත් නොව දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන මහතා යි.

මොවුන් දෙදෙනාගේ විවාහය ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත බව යි වාර්තා වන්නේ.

Wednesday, July 6, 2016

රමිත ශ්‍රී ලංකා පිලට : කෙහෙළිය මෛත්‍රී පිලට

Wednesday, July 06, 2016
රමිත ශ්‍රී ලංකා පිලට : කෙහෙළිය මෛත්‍රී පිලට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල හදිස්සියේම ඊයේ (05) එංගලන්තය සමඟ පැවැති පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරඟයට කැඳවනු ලැබුවේ දේශපාලන තීන්දුවක් නිසා යැයි මේවන විට රාවයක් පැතිර ගොස් තිබේ.

ශ්‍රී ලංකා ඒ පිල සමඟ එංගලන්තයේ සංචාරයක නිරතව සිටින රමිත එම සංචාරයේ ඒ පිල සහභාගිවූ තරඟ දෙක සඳහාම ක්‍රීඩා නොකළේය.

තත්ත්වය එසේ තිබියදී රමිත හදිස්සියේ ශ්‍රී ලංකා පිලට කැඳවනු ලැබුවේ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට කැමැත්ත පල කිරීමේ ප්‍රතිථලයක් හැටියට යැයි ක්‍රිකට් කේෂත්‍රයේ රාවයක් පැතිර ගොස් තිබේ.

Monday, July 4, 2016

මත්තල දුවවන්න දෙස් විදෙස් පාර්ශවකරුවන් සොයයි

Monday, July 04, 2016
මත්තල දුවවන්න දෙස් විදෙස් පාර්ශවකරුවන් සොයයි
මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ඉදිවූ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ආයෝජන සිදුකර එහි මෙහෙයුම් කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් සමාගම් වලට රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් මෙම නිවේදනය රජයට අයත් සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළ කර තිබේ.

Saturday, July 2, 2016

ආචාර්ය කුමාරස්වාමි මහබැංකු අධිපති තනතුරට

Saturday, July 02, 2016
ආචාර්ය කුමාරස්වාමි මහබැංකු අධිපති තනතුරට
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්, ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර ඇත.

ජනපතිගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ සියලු පක්ෂවල එකඟතාවයෙන් තමන් මහබැංකු අධිපති තනතුරට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කළ බවයි.

අදාළ පත්වීම ලබන සඳුදා (04) නිල වශයෙන් සිදුකෙරෙනු ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මියගේ සහෝදරයාය.

Friday, July 1, 2016

ගම්මන්පිලට ඇප - විදෙස් ගමන් තහනම්

Friday, July 01, 2016
ගම්මන්පිලට ඇප - විදෙස් ගමන් තහනම්
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ සිඩ්නි ජයසිංහ මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (1) නියෝග කළාය.

ඒ අනුව උදය ගම්මන්පිල මහතාට රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරිනු ලැබීය.

සිඩ්නි ජයසිංහ රුපියල් 15000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූ අතර දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කර තිබේ.