May 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, May 31, 2016

ජනපති අපහසුතාවට පත් කරන්න කළ වැඩක්‌

Tuesday, May 31, 2016
ජනපති අපහසුතාවට පත් කරන්න කළ වැඩක්‌
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ සංචාරයක නිරත වී සිටියදී ජපන් රථවාහනවල මිල ඉහළ දැමීම ඔහුව දැඩි අපහසුතාවකට පත් කිරීමට යහපාලන රජය හිතාමතා කළ ක්‍රියාවක්‌ බව එජනිස ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්‌සත් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සිසිර ජයකොඩි මහතා පවසයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජපන් ව්‍යාපාරිකයන් මුණගැසෙද්දී හවුල් ආණ්‌ඩුව ඒ පිළිබඳ තුට්‌ටුවකට මායිම් නොකර තීන්දු තීරණ ගන්නා බවත් මෙය හවුල් ආණ්‌ඩුවක්‌ යෑයි කීවත් රජය කරන්නේ කවුරුන්ද යන්න දැන් පැහැදිලි බවත් හෙතෙම කියා සිටියේය.

අනුර සේනානායකට තවත් මිනීමැරුම් චෝදනාවක්

Tuesday, May 31, 2016
අනුර සේනානායකට තවත් මිනීමැරුම් චෝදනාවක්
රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා මෙන්ම, තාජුඩීන් මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ මේවනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා, කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී තවත් මිනීමැරුමක තොරතුරු වසන් කිරීමට බලපෑම් කල ආකාරය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු විසින් රහස් පොලීසිය වෙත හෙළිකර තිබේ.

Monday, May 30, 2016

'ගැත්තන්ට යටත් වන්නේ නෑ' - රාජිත

Monday, May 30, 2016
'ගැත්තන්ට යටත් වන්නේ නෑ' - රාජිත
'මහින්ද රාජපක්‍ෂලාට බිය නොවූ අපි ඒ අයගේ ගැත්තන්ට යටත් වන්නේ නැතැයි' රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මගින් ප්‍රකාශ කොට ඇති මැයි 31 වැඩවර්ජනය පිළිබඳව අදහස්‌ දක්‌වමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා ඊයේ (29 දා) කළුතරදී ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ පැවසුවේ ළමා හා මාතෘ රෝහලට සහ කළුතර මහ රෝහලේ මහල් හතකින් යුතු වාට්‌ටු ඇතුළු ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.

Sunday, May 29, 2016

‘තාජුඩීන්ගේ මරණෙන් පස්‌සේ මම පොලීසියට උපදෙසක්‌ දුන්නා‘ - අනුර සේනානායක සියල්ල හෙළි කරයි

Sunday, May 29, 2016
‘තාජුඩීන්ගේ මරණෙන් පස්‌සේ මම පොලීසියට උපදෙසක්‌ දුන්නා‘ - අනුර සේනානායක සියල්ල හෙළි කරයි
බස්‌නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූ අනුර සේනානායක මහතා දැන් සිටිනුයේ බන්ධනාගාරගතවය. ඒ පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවලද අතිශය ජනප්‍රිය මාතෘකාවක්‌ බවට පත්ව තිබූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය සිදු කරනු ලබන විමර්ශනවලට අනුව තවත් එක්‌ සැකකරුවකු ලෙසිනි.

ඉකුත් කාලයේ රිය අනතුරක්‌ බවට අධිකරණය ඉදිරියේ පවා තීරණය වී තිබූ වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක්‌ බව ඇතැම්හු කියන්නට වූහ. ඒ අතරේ ඉකුත් 2015 ජනවාරි අටවැනිදා සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ රහස්‌ පොලිසිය හෙවත් සීඅයිඩීයද විශේෂ පරීක්‍ෂණයක්‌ අරඹමින් තාජුඩීන් සිද්ධිය ඝාතනයක්‌ බව රටට කීවේය.

රතන හිමි - චම්පික 'වස විස ගැටුම' කැබිනෙට්ටුවට

Sunday, May 29, 2016
රතන හිමි - චම්පික 'වස විස ගැටුම' කැබිනෙට්ටුවට
ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ‘වස විසෙන් තොර රටක්’ ව්‍යාපෘතිය සම්බන්ධව රතන හිමි සහ අමාත්‍ය චම්පික රණවක අතර ගැටුම කැබිනට් මණ්ඩලය දක්වා දුර දිග ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ගැටුමට හේතුව වී ඇත්තේ වස විස ව්‍යාපෘතිය වෙනුවෙන් චම්පික ඇමැතිවරයා විසින් හයිබි‍්‍රඩ් පොහොර වර්ගයක් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබීමයි.

මෙම ව්‍යාපෘතිය මීට පෙර චම්පික රණවක පරිසර ඇමැතිව සිටිය දී ‘පිළිසරු’ ව්‍යාපෘතිය යටතේ ද ගෙන එන ලද යෝජනාවකි.

Friday, May 20, 2016

මුරුත්තෙට්ටුවේ හිමිට අවසන් මරණ වරෙන්තුව ලිඛිතව එවයි.. නිහඬ නොවුනොත් මරණයලු

Friday, May 20, 2016
මුරුත්තෙට්ටුවේ හිමිට අවසන් මරණ වරෙන්තුව ලිඛිතව එවයි.. නිහඬ නොවුනොත් මරණයලු
රජයට විරැද්දව කරන සියළු කටයුතුවලින් වහා ඉවත් වන්නැයි දන්වමින් තමනට ‘අවසන් මරණ තර්ජනය’ නම් ලිපියක් ලැබී ඇති බවත් එය මේ වන විටත් රහස් පොලිසියට බාර දී ඇති බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
එසේම දුරකතන ඇමතුම් දෙකකින්ද තමාට මරණ තර්ජන එල්ල කල බව කී උන් වහන්සේ දැන් මරණවා කීවද තමා බිය නැතැයි කියා සිටිති.

ජනපති මෛත‍්‍රී ලන්ඩනයේදී හැඳින්වුයේ ‘දුෂණයට එරෙහි වීරයා’ කියායි

Friday, May 20, 2016
ජනපති මෛත‍්‍රී ලන්ඩනයේදී හැඳින්වුයේ ‘දුෂණයට එරෙහි වීරයා’ කියායි
පසුගියදා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවති දුෂණ විරෝධී ජාත්‍යන්තර සමුළුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හැදින්වුයේ ‘දුෂණයට එරෙහි වීරයා’ කියා බව ඇමති මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
ලෝකයේ ආර්ථික බලවතුන් 07 දෙනා සහභාගී වන ජී-7 සමුළුවට දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාව හා බංගලාදේශය පමණක් සහභාගී වන බවද ඔහු පැවසීය.

උතුරේ දරුවන් තාම විකෘතියි.. තිස් වසරක් ඉගෙන ගත්තේ කොටි ත්‍ර‍ස්ත්‍ර‍වාදී භාෂාවයි

Friday, May 20, 2016
උතුරේ දරුවන් තාම විකෘතියි.. තිස් වසරක් ඉගෙන ගත්තේ කොටි ත්‍ර‍ස්ත්‍ර‍වාදී භාෂාවයි
වසර 30 ක් පුරා එල්ටීටීඊ යේ ත්‍ර‍ස්තවාදී භාෂාව  කථාකළ දරුවන් සැබෑ සමකාමි සහජීවනය කරා පැමිණ ඇතැයි තමා නොසිතන බව සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යයන ආයතනයේ පැවැති ඩිප්ලෝමා ප්‍ර‍ධානය කිරීමේ උත්සවය අමතමිනි.
ළමා ආරක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරු 27 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික පත් බෙදා දීම මෙහිදී සිදුවිය.
ඇමති දිසානායක මහතා  උත්සවයේදී මෙසේද කීවේය.

ජනපති මෛත‍්‍රී, ඉන්දීය අගමැතිට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී…

Friday, May 20, 2016
ජනපති මෛත‍්‍රී, ඉන්දීය අගමැතිට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී…
ඉන්දීය රජය විසින් ත‍්‍රිකුණාමලය සාම්පූර් හී ඉදි කිරීමට සූදානමින් සිටි ගල් අගුරු බලාගාරය වෙනුවට එල්.එන්.ජී. (ද්‍රව) බලාගාරයක් ඉදි කරන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබූ ඉන්දීය සංචාරයේදී අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා මුණ ගැසී මේ ගැන සාකච්ඡ කළ බවද ඔහු කියා සිටියේය.

මෝදි-රනිල් සාකච්චා කලා.. ඉන්දියාව ශ‍්‍රි ලංකාව යා කරන උමං මාර්ගය හදන්න සූදානම් – ඉන්දියාව

Friday, May 20, 2016
මෝදි-රනිල් සාකච්චා කලා.. ඉන්දියාව ශ‍්‍රි ලංකාව යා කරන උමං මාර්ගය හදන්න සූදානම් – ඉන්දියාව
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් උමං මාර්ගයක් සෑදිම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර අතර සිදු වූ සාකච්චා අනුව එම මාර්ගය ඉදිකිරීමට සූදානම් බව එරට ප‍්‍රවාහන ඇමතිවරයා ලෝග් සභාව අමතමින් කියා තිබේ.
සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකාශයේදී එය මෙසේ ඉදිරිපත් කලේය.

Tuesday, May 17, 2016

ගෝඨාගේ ආරක්ෂාවත් පොලිසියට

Tuesday, May 17, 2016
ගෝඨාගේ ආරක්ෂාවත් පොලිසියට
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා ඇති යුද්ධ හමුදාව ඉවත් කර ඒ වෙනුවට පොලිසිය යොදන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බළකායේ සෙබළුන් 35 දෙනකු ඇතුළු ආරක්ෂකයන් 50 දෙනකුගේ ආරක්ෂාව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට යොදවා තිබේ.

ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් මින් ඉදිරියට යුද්ධ හමුදා සාමාජිකයන් යෙදවීම නැවැත්වීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ප්‍රභූ ආරක්ෂාවෙන් මෙසේ යුද්ධ හමුදා සාමාජිකයන් ඉවත් කිරීම සිදුවෙයි.

Thursday, May 12, 2016

බැසිල් අත්අඩංගුවට

Thursday, May 12, 2016
බැසිල් අත්අඩංගුවට
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුදල් විශුද්ධීකරණ පනත යටතේ බවයි වාර්තා වෙන්නේ.

ඒ මහතා අද (12) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.

Wednesday, May 11, 2016

ෆොන්සේකා මසක කුලිය කෝටියකට බිල්ඩිමක් ගන්න යයි

Wednesday, May 11, 2016
ෆොන්සේකා මසක කුලිය කෝටියකට බිල්ඩිමක් ගන්න යයි
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට දුමින්ද දිසානායක අමාත්‍යවරයා කටයුතු කළ ආකාරයටම ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය පිහිටුවීමට ෆීල්ඩ් මාෂල්, සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද රාජගිරියෙන් ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

අදාළ ගොඩනැගිල්ල කල් බදු ක්‍රමයට සිනෝ - ලංකා ප්‍රොපර්ටීස් පුද්ගලික සමාගමෙන් ගැනීමට පසුගිය අප්‍රේල් 06 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබාදී ඇත.

Sunday, May 8, 2016

ජවිපෙට එරෙහිව 'දිවයින' මඩ මෙහෙයුමක

Sunday, May 08, 2016
ජවිපෙට එරෙහිව 'දිවයින' මඩ මෙහෙයුමක
ජනතා විමුක්ති පෙරමුණටත් එහි නායක අනුර දිසානායක මහතාටත් අවලාද නගමින් 'ඉරිදා දිවයින' පුවත්පතේ පලවී ඇති ඉතාමත් නින්දා සහගත අසත්‍ය ප්‍රවෘත්තිය හා විශේෂාංගය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සොයාබැලීමට මේ වනවිටත් නීතිවේදීන් කණ්ඩායමකට භාරදී ඇති බවත්, එම පුවත්පතට එරෙහිව පුවත්පත් මණ්ඩලයට හා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කිරීමට බලා පොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් සිදුකලා යයි කියන CTB අශෝක් ලේලන්ඩ් බස් වංචාවක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී කල විශේෂ හෙළිදරව් කිරීම් මෙම 'මඩ' මෙහෙයුමට හේතුවී ඇතයි ජවිපෙ පවසයි.

Wednesday, May 4, 2016

ලංකාවේ ළමා අපයෝජන වැඩිම පොළොන්නරුවේ

Wednesday, May 04, 2016
ලංකාවේ ළමා අපයෝජන වැඩිම පොළොන්නරුවේ
ලංකාවේ ළමා අපයෝජන වැඩිම දිස්ත්‍රික්කය පොළොන්නරුව බව පොළොන්නරුව මහ රොහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි පි. සෙනෙවිරත්න මහතා කියයි.

පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් ලේකම් කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

පසුගිය වසරේදී (2015) පමණක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ළමා අපයොජන සිද්ධින් 220ක් වාර්තා වන බවද ඔහු පැවසීය.

එහි දෙවැනි ස්ථානය හිමිවන්නේ අනුරාධපුරයට බවත්, තෙවැනි ස්ථානය රත්නපුරයට හිමිවන බවත් ඔහු කීය.

Monday, May 2, 2016

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට

Monday, May 02, 2016
හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට යුද හමුදාපතිවරයා විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව යුද්ධය පැවැති සමයේ සිට මේ දක්වා සමීපයේම සිටිමින් ඔහුට ආරක්ෂාව සැපයූ කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ හමුදා බල ඇනිය ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අද (02) පස්වරු 2.00 වන විට හමුදා නිලධාරීන් 52 දෙනෙකු හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවෙන් ඉවත්වන බවත්, ඒ අනුව හිටපු ජනපතිවරයාට ආරක්ෂාව ලබාදීමට උප පොලිස් පරීක්ෂකවරු සිවුදෙනෙකු හා පොලිස් කොස්තාපල්වරු 46 දෙනෙකු එක්වීමට නියමිත බවද පැවසේ.