April 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, April 30, 2016

ගීතා 'බෑ' කියලා - සංවිධායකකම නැති කළ හේතුව හෙළිවේ!

Saturday, April 30, 2016
ගීතා 'බෑ' කියලා - සංවිධායකකම නැති කළ හේතුව හෙළිවේ!
ගීතා කුමාරසිංහ මහත්මිය මැයි දිනය සඳහා පිරිස් ගෙන්වීම හෝ සංවිධාන කටයුතුවලට සහාය වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇගේ සංවිධායක තනතුර ඉවත් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අදහස් දක්වමින් අමාත්‍යවරයා  සඳහන් කළේ එවැනි සංවිධායකවරු පක්ෂයකට අනවශ්‍ය බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.

Wednesday, April 27, 2016

මාලිංගට මාස 6ක් විවේක ගන්න කියයි

Wednesday, April 27, 2016
මාලිංගට මාස 6ක් විවේක ගන්න කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ පාදයේ ආබාධය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව විසින් ඊයේ (26දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දුන්නේය.

එම වෛද්‍ය වාර්තාව අනුව ලසිත් මාලිංගට නැවත ශල්‍යකර්ම කිසිවක් අවශ්‍ය නොවන බවත් මාස 6කට ආසන්න කාලයක් ක්‍රිකට්වලින් ඈත්ව විවේක ගැන්විය යුතු බවත් නිර්දේශ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි.

Friday, April 22, 2016

මන්ත්‍රී පුතෙක් චන්ඩිපාට් දමා පැන යයි

Friday, April 22, 2016
මන්ත්‍රී පුතෙක් චන්ඩිපාට් දමා පැන යයි
පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ශාන්ත සිසිර මහතාගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (21) හලාවත මැදවත්ත ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තාවේ.

හලාවත පොලීසිය පැවසුවේ හලාවත වෙරල උද්‍යානයේ පැවති බක්මහ උළෙලකට සහභාගි වී සිටි අතරතුර මන්ත‍්‍රීවරයාගේ පුතා කිසියම් අවශ්‍යතාවක් සඳහා ජීප් රථයකින් හලාවත ඉරණවිල මාර්ගයේ ගමන්කර ඇති බවයි.

Wednesday, April 20, 2016

පැරදිලා යන විටත් රටේ ජනාධිපති මම - මහින්ද

Wednesday, April 20, 2016
පැරදිලා යන විටත් රටේ ජනාධිපති මම - මහින්ද
පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වී සිය ආරක්ෂක භටයන් සමඟ අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යන අවස්ථාවේත් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය හෙබැවූයේ තමන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනපතිවරණයෙන් ජය ලැබූ පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අවස්ථාවේ සොයා ගත නොහැකි වූ බැවින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය ආරක්ෂාව ඇතුළු කරුණු තීරණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

Sunday, April 17, 2016

මහින්ද 'පළමු වෙනිදා' වෙනම ගමනක

Sunday, April 17, 2016
මහින්ද 'පළමු වෙනිදා' වෙනම ගමනක
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති  මැයි රැළිය සඳහා තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය සඳහා මෙතෙක් ආරාධනා නොකළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය සඳහා ආරාධනා කළහොත් ඊට සහභාගී වන්නේ ද යන්න මාධ්‍යවේදීන් විමසා සිටි අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය තමන් විසින් බාරගෙන අවසන් බවයි.

Thursday, April 14, 2016

ජනපති සහ හිටපු ජනපති පවුලේ අය සමග අවුරුදු සමරපු හැටි - (VIDEO)

Thursday, April 14, 2016
ජනපති සහ හිටපු ජනපති පවුලේ අය සමග අවුරුදු සමරපු හැටි - (VIDEO)
අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමින් නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නට ඊයේ එළඹුණු සුබ මොහොතේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පවුලේ සැම මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවියත් කටයුතු කළා.

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සිය පවුලේ සාමාජිකයින් සමඟ මහගමසේකර මාවතේ පිහිටි තම නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැමරීමට කටයුතු කර තිබුණා.

Wednesday, April 13, 2016

ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෙඩවිය හැකි බව අර්ජුන අනතුරු අඟවයි

Wednesday, April 13, 2016
ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෙඩවිය හැකි බව අර්ජුන අනතුරු අඟවයි
මේ දිනවල පවතින අධික වියලි තත්ත්වය නිසා එංගලන්ත ක්‍රිකට් සංචාරයට සූදානම් වන ශ්‍රී ලංකා පිල කොළඹදී පුහුණුවීමෙන් සංචාරය අතරතුරදී ආබාධවලට ලක්විය හැකි බව ජාතික තහනම් උත්තේජන නිවාරණ ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අනතුරු අඟවයි.

එංගලන්ත දේශගුණයට ඉතා සමීප නුවරඑළියේ රදැල්ල ක්‍රීඩාංගණයේදී සංචාරයට එක්වන ක්‍රීඩකයින්ට පෙර පුහුණුව ලබාදීමෙන් මෙම අනතුරුදායක තත්ත්වය වලක්වා ගත හැකි බව මහාචාර්යවරයා අවධාරණය කරයි.

Monday, April 11, 2016

අලුත් අවුරුදු ලග්න පලාපල

Monday, April 11, 2016
අලුත් අවුරුදු ලග්න පලාපල
2016 අප්‍රේල් මස 13දා අපර භාග 7.48ට උදාවන්නාවූ නව වසර ඔබට කොහොමද? තාරකා විද්‍යා ගවේෂක පාරම්පරික ජ්‍යෝතීර්වේදී ඉන්දික බෙන්තරවිතාන මහතා විසින් ගෙන එන නව වසරේ ලග්න පලාපලයි මේ.

මේෂ
මේෂ ලග්න හිමි ඔබට මෙම අලුත් අවුරුද්ද තුලදී දැඩි කැපවීමෙන් ස්ථීර අධිෂ්ඨානායෙන් යුතුව කරන කටයුතු වලින් ප්‍රයෝජන අත්වේ. වෙනදාට වඩා වෙහෙස වීමට කැප වීමට සිදුවන කාලයකි. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට, පර්යේෂණ වල නිරත වන්නන්ට වෙහෙසවී කටයුතු කිරීමට සිදුවන අතර එතුළින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට හැකිවේ. උදාවූ මෙම අලුත් අවුරුද්ද තුළදී වැඩකටයුතු අධික බව මානසික ආතතිය වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි. රැකියා කටයුතු කෙරෙහි දුශ්කරතා ඇතිවන කාලයකි. අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත කරුණු ආදියට මුහුණ දීමට සිදුවේ.පවතින ශනිගේ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්වය 2017 ජනවාරි 26 දිනෙන් නිමාවේ. එතෙක් කාලය ගැටළුකාරී විය හැක. සන්දි ආශ්‍රිත අසනීප අස්ථි සම්බන්ධ අසනීප තත්වයන් මතුවිය හැක 2017 ජනවාරි 26න් පසු තත්වය යහපත් වේ.

Saturday, April 9, 2016

මුම්බායි පිළ පිටියට බසින්න තවත් පැය නවයයි - ලංකාවේ ක්‍රිකට් නැති වෙනවාමායි මාලිංගගෙන් ප්‍රකාශයක්

Saturday, April 09, 2016
මුම්බායි පිළ පිටියට බසින්න තවත් පැය නවයයි - ලංකාවේ ක්‍රිකට් නැති වෙනවාමායි මාලිංගගෙන් ප්‍රකාශයක්
2016 වසරේ IPL තරගාවලිය අරඹමින් මුම්බායි ඉන්දියන්ස් සහ රයිසින්  පූනේ  සුපර්ජයන්ට්ස් කණ්ඩායම් තවත්  පැය  කිහිපයකින් තරගබිමට පිවිසෙනවා.

 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (09)තරග බිමට පිවිසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග නොමැතිවයි.

අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිටින අතර ඉදිරියේ දී තරගාවලියට එක්වීමට නියමිතයි.

Friday, April 8, 2016

මහින්දගේ ආකල්පය පොලිසියට මදිපුංචිකමක්‌ලු

Friday, April 08, 2016
මහින්දගේ ආකල්පය පොලිසියට මදිපුංචිකමක්‌ලු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළුන් ඉවත්කර ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස්‌ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය සහ හිටපු ජනපතිවරයා දරණ ආකල්පය නිසා පොලිසියට මදිපුංචිකමක්‌ සිදුවන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

අද පොලිස්‌ නිලධාරීන්ද හමුදා සේවයට සමාන ආකාරයේ වෘත්තිය මට්‌ටමක සිටින අතර වසර ගණනාවක සිට පොලිස්‌ නිලධාරීන් ප්‍රභූ ආරක්‍ෂක සේවයට යොදවා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

Thursday, April 7, 2016

ඇමති එස්.බී. “අම්මලගෙ” කථාවක් කරලා

Thursday, April 07, 2016
ඇමති එස්.බී. “අම්මලගෙ” කථාවක් කරලා
වයසට ගොස් දුර්වලවී සිටින තම මව්පියන් කිසිදා කරදරයක් හෝ බරක් ලෙස නොසැළකිය යුතු බවත්, වියපත්වූ තම මවට හෝ පියාට සැළකීමට හැකිවීම තමන්ගේ වාසනාවක් ලෙස සැළකිය යුතු බවත්, ආන්දෝලනාත්මක දේශපාලන කථා කීමට රුසියකු වන සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර පැවැති මව්පිය ගුණ කියාදෙන“පාරමිතා” නම් වැඩසටහනක දීය.

Tuesday, April 5, 2016

සෝභිත හිමිගේ අපවත් වීම අධිකරණයටත් ප‍්‍රශ්නයක් වෙයි

Tuesday, April 05, 2016
සෝභිත හිමිගේ අපවත් වීම අධිකරණයටත් ප‍්‍රශ්නයක් වෙයි
පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් මරණ සහතිකයේ දක්වා ඇති කරුණු සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුකරන ලෙසයි අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Monday, April 4, 2016

හය දෙනාම වකුගඩු දන්දුන් බව පිළිගනී

Monday, April 04, 2016
හය දෙනාම වකුගඩු දන්දුන් බව පිළිගනී
මෙරට වකුගඩු ජාවාරමට අදාළව සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දීය ජාතිකයින් 08 දෙනාගෙන් 06 දෙනෙක්ම මෙරටදී වකුගඩු පරිත්‍යාග කර ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

සිද්ධියට අදාළ නඩුව අද (04දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ නීතීඥයින් පෙන්වා දී ඇත්තේ මෙම සැකකරුවන් මෙරට වකුගඩු ලබා දීමේ නීතියට අනුකූලව මෙම වකුගඩු ලබා දී ඇති බවත්, ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් අනුමැතිය ලබා ගෙන ඇති බවත්ය.

Saturday, April 2, 2016

පෙරහැරේ 'උඩ පැන පැන නටන' මීරිගම අලියා(VIDEO)

Saturday, April 02, 2016
පෙරහැරේ 'උඩ පැන පැන නටන' මීරිගම අලියා(VIDEO)
මීරිගම මුගුරුගම්පල අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ පෙරහැර මංගල්‍ය පසුගියදා පැවැත්වුණා.


මෙහිදී අලියෙක් අපූරු රංගනයක යෙදෙන දර්ශනයක් වීඩියෝ ගතවී තිබෙනවා.

රංගනය අවසානයේ අලියා බිම ඇදවැටුණු බවයි පැවසෙන්නේ.

අලියෙක් ලෙස හැඳගත් තරුණයන් පිරිසක් මෙලෙස පෙරහැරේ ගමන් කර තිබෙනවා.

රනිල්ට බැහැ අපිව අන්දන්න

Saturday, April 02, 2016
රනිල්ට බැහැ අපිව අන්දන්න
ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් සැබෑ තත්වය වසන් කොට තමන් මුලා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත මහතා පවසනවා.

අද පැවති සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 11 වන මහ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

" 'එට්කා' මේ ගිවිසුම දැන් අදාළ වෙලා තියෙන්නේ කොතනටද? සේවා වෙළඳපොලට. මේ රටේ කෙනෙකුට එහේ ගිහිල්ලා වැඩකරන්නත් පුළුවන්, ඒ රටේ කෙනෙකුට මෙහෙ ඇවිල්ලා වැඩ කරන්නත් පුළුවන්.

දැන් ඉන්දියාවෙන් ඇවිල්ලා සැලුන් එකක් දැම්මොත්, එහෙනම් බොඩ් එක ගහන්න පුළුවන් ශාරුක් ඛාන්ගේ කට් එක කපනවා කියලා.ශාරුක් ඛාන්ගේ කට් එක කැපුවා කොල්ලා, කෙල්ල කැපුවා කාගේ හරි කට් එකක් එහෙ ඉන්න කෙනෙක්ගේ, දෙන්නා ගියා රෝස යායට ගැහුවා ෆෙටෝ මැදට වෙලා. ෆෙටෝ ගහන්නත් ඉන්දියන් කාරයෙක් ඉන්නවා. ඒකත් සේවාවක්.

Friday, April 1, 2016

ගුටිකෑ සමනලීට හා ඉන්ද්‍රචාපාට වරෙන්තු

Friday, April 01, 2016
ගුටිකෑ සමනලීට හා ඉන්ද්‍රචාපාට වරෙන්තු
රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඊයේ (31) විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කළේ ‘මුලාවෙන් මිදෙමු’ යන මැයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කුඹුක්ගැටේ නගරයේ දී ප්‍රසංගයක් පවත්වමින් සිටි අළුත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දුන් බවට වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා ඇතුළු පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඊයේ (31) යළි කැඳ වූ අවස්ථාවේදීය.