March 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, March 31, 2016

අද රේල් පාරවල් හරහා යන්නේ ප්‍රවේශමෙන්

Thursday, March 31, 2016
අද රේල් පාරවල් හරහා යන්නේ ප්‍රවේශමෙන්
සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක‍්‍රියාකරුවන් අද (31දා) පෙරවරුවේ සිට සිය රාජකාරීවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 700 කට ආසන්න ප‍්‍රමාණයක් පවතින අතර ඒවායේ සේවයේ නියුතු ගේට්ටු කි‍්‍රයාකරවන්නන්ගේ සංඛ්‍යාව දෙදහස් හැට එකකි.

ඔවුන්ගේ දිනක වැටුප රුපියල් දෙසීය පනහක් වන අතර, මෙම වැටුප ද නිසි පරිදි 31 වැනිදා වන විට නොගෙවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

Wednesday, March 30, 2016

මරාගෙන මැරෙන ඇඳුමක් සමග පුපුරණ ද්‍රව්‍ය හසුවේ

Wednesday, March 30, 2016
මරාගෙන මැරෙන ඇඳුමක් සමග පුපුරණ ද්‍රව්‍ය හසුවේ
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන ඇත.

අදාළ නිවසේ ගංජා ඇති බවට පොලීසියට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී මේවා සොයා ගෙන තිබේ.

යාපනයේ සිට වැල්ලවත්ත ප්‍රදේශයට මේවා ප්‍රවාහනට කරන්නට සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

Sunday, March 27, 2016

ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ - බුද්ධි අංශ අනාවරණය මෙන්න

Sunday, March 27, 2016
ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ - බුද්ධි අංශ අනාවරණය මෙන්න
අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.

 අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක්‌ වී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසනවා.

 බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක්‌ මේ වනවිට අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමග එක්‌ව සිටින බවයි.

Saturday, March 26, 2016

මහින්දගේ 'වාහනෙත්' කැඩිලා

Saturday, March 26, 2016
මහින්දගේ 'වාහනෙත්' කැඩිලා
තමාට අයත් වෙඩි නොවදින ජීප් රිය කැඩී ඇති අතර එය අලුත්වැඩියා කිරීමට ජනාධිපතිවරයා උපදෙස්‌ දී ඇතත් ඔහුගේ ලේකම්වරයා ඒ සඳහා ක්‍රියාශීලී නොවන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

 මෙම ජීප් රිය අලුත්වැඩියා කිරීමට උනන්දු නොවීම ගැන තමා කනගාටුවෙන බවත් යුද්ධය දිනපු තමාට මෙම 'වෙඩි නොවදින' ජීප් රිය සාදා දීමට ලේකම්වරයා ක්‍රියානොකරන බවත් හෙතෙම පෙන්වා දෙනවා.

Friday, March 25, 2016

පොලිසිය බයකලැයි කියා චතුරට නඩු

Friday, March 25, 2016
පොලිසිය බයකලැයි කියා චතුරට නඩු
පොලිස්‌ නිලධාරියකුට බැණ තර්ජනය කර සාපරාධී ලෙස බියගැන්වීම සම්බන්ධයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට එරෙහිව රාගම පොලිසිය ඊයේ (24 දා) මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා දෙකක්‌ යටතේ මෙම නඩු පැවරීම සිදුකර ඇත.

Thursday, March 24, 2016

සෝභිත හිමි අපවත්වීම ගැන සීඅයිඩී පරීක්‍ෂණයක්

Thursday, March 24, 2016
සෝභිත හිමි අපවත්වීම ගැන සීඅයිඩී පරීක්‍ෂණයක්
මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 ) සිට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

උන්වහන්සේගේ අපවත්වීම කුමන්ත්‍රණයක්‌ මත සිදුවී ඇති බවට උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු කිහිපදෙනකු විසින් පසුගිය දිනවල කළ ප්‍රකාශ සැලකිල්ලට ගෙන මෙම පරීක්‍ෂණ ආරම්භ කළැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

උඩුවේ ධම්මාලෝක, මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ඊයේ (22) සහභාගී වූ මාධ්‍ය හමුවක දී උන්වහන්සේලා කියා සිටියේ, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් වන අතර ඊට බල පෑ හේතු පිළිබඳව කරුණු තමන් සතු බවයි.

පහරදෙන රටවල් ගැන කියන ' IS සංවිධානයේ ' නිවේදනය මෙන්න

Thursday, March 24, 2016
පහරදෙන රටවල් ගැන කියන ' IS සංවිධානයේ ' නිවේදනය මෙන්න
තමන්ට එරෙහිව සටන් කරන සෑම රටකටම ඉදිරියේදී පහර දෙන බව අයි.එස්‌. සංවිධානය නිවේදනය කර තිබෙනවා.

ඉදිරියේදී අඳුරු දිනයක්‌ උදාවන බව ද  එවිට දරුණු විපාකවලට මුහුණදීමට සිදුවන බව ද  එම නිවේදනයේ සඳහන් වනවා.


මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙම සංවිධානය සටන්කරුවන් 400ක් යුරෝපයේ මර්මස්ථානවලට පහරදීම සඳහා මේ වනවිට පුහුණු කර සුදානම් කර ඇති බවයි.

Wednesday, March 23, 2016

තාජුඩීන්ගේ පරික්ෂණවලට මාස දෙකක් කල් ඉල්ලයි

Wednesday, March 23, 2016
තාජුඩීන්ගේ පරික්ෂණවලට මාස දෙකක් කල් ඉල්ලයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණ සඳහා දෙමාසයක් කල් දෙන්නැයි කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (23) අවසර ලබා දුන්නේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිසීටීවී කැමරා දර්ශන වාර්තා එතෙර යවා ඇති බවත් වෙනත් දර්ශන සොයා ගැනීමට අපහසු වූ බවත් පැමිණ සිටි නීතිඥයෝ අධිකරණයට පැවසුහ.

Tuesday, March 22, 2016

ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් කරා යන ගමන සිහිනයක් වෙයි ?

Tuesday, March 22, 2016
ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් කරා යන ගමන සිහිනයක් වෙයි ?
ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් කරා යන ශ්‍රී ලංකාවේ සිහිනය ප්‍රමාද වනු ඇතැයි අනාවැකි පලවනවා.


එයට හේතුව ආර්ථික වර්ධන වේගයේ අඩුවීම බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පසුගිය සතියේ නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2015 වර්ෂයේ දී වැඩි වී තිබෙන්නේ සියයට 1.9 කින් පමණයි.එනම් අමෙරිකානු ඩොලර් 73 කින්.

Monday, March 21, 2016

චම්පිකට නීතිය ක්‍රියාත්මක කරන්න බිරිඳ බාධාවක් කරගන්න එපා - ගම්මන්පිල

Monday, March 21, 2016
චම්පිකට නීතිය ක්‍රියාත්මක කරන්න බිරිඳ බාධාවක් කරගන්න එපා - ගම්මන්පිල
තමාගේ බිරිඳ වරදක් කර ඇත්නම් නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, එය අමාත්‍ය පාඨලී චම්පික මහතාට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් කර නොගන්නා ලෙසද ඉල්ලා සිටී.

ගම්මන්පිල මහතාගේ බිරිය වන අකුරුගොඩගේ දිනේෂා ශ්‍යාමලී දිල්රුක්ෂි මහත්මිය විසින් 2014 වසරේදී සිදු කළ රිය අනතුරකට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි දූෂණ විරෝධී පෙරමුණ කර ඇති චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

Saturday, March 19, 2016

හෙළ උරුමයට රථ ගාය ? : 2014දීත් රිය අනතුරක්

Saturday, March 19, 2016
හෙළ උරුමයට රථ ගාය ? : 2014දීත් රිය අනතුරක්
වර්තමානයේ පිවිතුරු හෙළ උරුමයේ නායකයා වන උදය ගම්මන්පිල මහතාගේ බිරිය වන අකුරුගොඩගේ දිනේෂා ශ්‍යාමලී දිල්රුක්ෂි මහත්මිය විසින් 2014 වසරේදී සිදු කළ රිය අනතුරකට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි දූෂණ විරෝධී පෙරමුණ අනාවරණය කර තිබේ.

ගම්මන්පිල මහතාගේ බිරිය අදාළ අනතුර සිදුකර ඇත්තේ ඒ මහතා හෙළ උරුමය හි ප්‍රධානියකුව සිටියදීය.

එහිදී අනතුරට පත්ව ඇත්තේ යතුරු පැදියක ගමන් කළ තරුණයකු බවත් පැවසේ.

අදාළ අනතුර සිදුකර ඇත්තේ ගම්මන්පිල මහතාගේ බිරිය පදවාගෙන ගිය බව කියන KS - 4655 දරණ මොටර් රථය මගින් බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන්කර සිටී.

Wednesday, March 16, 2016

විදුලි ඇමතිගේ රට ගමන නවත්වන්න ජනපති අණ කරයි

Wednesday, March 16, 2016
විදුලි ඇමතිගේ රට ගමන නවත්වන්න ජනපති අණ කරයි
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම සතිය තුළ පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගත වීමට නියමිතව තිබුණු අතර එය ජනාධිපතිවරයාගේ අණින් නවැත්වූ බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර ඇත්තේ රට තුළ විදුලි අර්බුදයක් පැනනැගී ඇති අවස්ථාවේ අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා රටින් පිටවීම සුදුසු නොවන බවයි.

Saturday, March 12, 2016

මහින්ද අයවැයට පිටින් ගත් ණය රනිල්ට හිසරදයක් වෙලා

Saturday, March 12, 2016
මහින්ද අයවැයට පිටින් ගත් ණය රනිල්ට හිසරදයක් වෙලා
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේදී රාජ්‍ය ආයතනවලට විදේශීය ආයතනවලින් ණය ලබාගැනීමට‍ ඉඩ දී ඇති බවත්, එසේ ලබාගත් ණය අය - වැය ලේඛනයේ දක්වා නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා කියයි.

මේ නිසා රජය ගෙවන්නට තිබෙන ණය පිළිබඳ ලේඛන‍යට ඇතුළත් වී නැති ණය මුදල් තිබෙන බවත් ඒවායේ වටිනාකම කොපමණ දැයි වහාම සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ වගකීමක් බවත් විජේවර්ධන මහතා සඳහන් කරයි.

Wednesday, March 9, 2016

ලංකාවෙන් පිටව යෑමට පෙර 'මැතිව්ස්ව සතුටු කළ' ක්‍රීඩකයන් දෙදෙනා

Wednesday, March 09, 2016
ලංකාවෙන් පිටව යෑමට පෙර 'මැතිව්ස්ව සතුටු කළ' ක්‍රීඩකයන් දෙදෙනා
විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(08) දිවයිනෙන් පිටත්ව ගියා.

 ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය අමතමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් යළිත් කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් තමන් වඩාත් සතුටට පත්වන බව සඳහන් කළා.

 කණ්ඩායම වෙනස් කර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් වන ලහිරු තිරිමාන්න හා සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවීම ගැන තමන් සතුටු වන බවයි ඔහු එහිදී කියා සිටියේ.

තජුඩීන් ඝාතනය : නාමල් පොලිසියට බලපෑම් කරලා

Wednesday, March 09, 2016
තජුඩීන් ඝාතනය : නාමල් පොලිසියට බලපෑම් කරලා
අබිරහස් ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී, මළසිරුර ඉතා ඉක්මනින් නිදහස් කරන ලෙස, නාමල් රාජපක්ෂ මහතා ඉහළ පොලිස් නිළධාරියෙකුට බලපෑම් කර තිබෙන බව මේවනවිට අනාවරණය වී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තජුඩීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ කටයුතු භාරදීමේදී පොලීසිය විසින් ලබාදී ඇති වාර්තා වල මේ බව සඳහන්ව ඇතැයි පැවසේ.

Tuesday, March 8, 2016

යොෂිතට අදත් ඇප නැහැ

Tuesday, March 08, 2016
යොෂිතට අදත් ඇප නැහැ
සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 4 දෙනා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප‍්‍රතිශෝධන ඇප අයදුම කොළඹ මහාධිකරණයේදී අදත් සලකා බැලූණා.

වැඩිදුර විභාගය ලබන 14 වෙනිදාට කල් තැබීමටයි එහිදී නියෝග කෙරුණේ.

 අදාළ සැකකරුවන් පිරිස මීට පෙර කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටි අතර එය ප‍්‍රතික්ෂේප කෙරුණා.

ඇමති ඩී.වී උපුල් අත්අඩංගුවට

Tuesday, March 08, 2016
ඇමති ඩී.වී උපුල් අත්අඩංගුවට
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් දකුණු පළාත් ධීවර ඇමති ඩී.වී උපුල් මහතා තිස්සමහරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර අමාත්‍යවරයා අද පෙරවරුවේ පොලිසියට බාර‍වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

පසුගිය 5 වැනිදා පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වූ අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පැවසේ.

Monday, March 7, 2016

ඒඩ්ස් යැයි කියන දරුවාගේ ලේ එන්නත් කරගන්න රන්ජන් ලෑස්තියි

Monday, March 07, 2016
ඒඩ්ස් යැයි කියන දරුවාගේ ලේ එන්නත් කරගන්න රන්ජන් ලෑස්තියි
පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වූ කුලියාපිටියේ අසාධාරණයට ලක්වූ දරුවා සම්බන්ධයෙන් මෙන්ම ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන්ද ජනතාවගේ මෙන්ම දේශපාලඥයන්ගේද හිත්වල ඇති වැරදි මත බිඳදැමීමට තමා කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගන්වීමේ සහ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

අවශ්‍ය නම් මෙම දරුවා ඒඩ්ස් රෝගියෙකු නොවන බව පෙන්වීමට ඔහුගෙන් ලබාගත් ලේ සාම්පලයක් තමන්ට එන්නත් කර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පවසනවා.

බැසිල්හා ගෝඨාගේ කුමන්ත්‍රණයක්: දිනේෂ් හා වාසු එරෙහිවේ

Monday, March 07, 2016
බැසිල්හා ගෝඨාගේ කුමන්ත්‍රණයක්: දිනේෂ් හා වාසු එරෙහිවේ
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී වෙනම දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු සිදු කළ යුතු බවට මහින්දවාදී පිලේ ඇතැම් නායකයන් විසින් ගෙන යන මතවාදය ගෝඨාභය රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ කුමන්ත‍්‍රණයක් බව පවසමින් ඒ සඳහා දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර විසින් දැඩි විරෝධය පළකිරීම එම අලූත් පක්ෂ යෝජනාව අත්හැර දැමීමට හේතුව බව වාර්තා වේ.

එහිදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ සන්ධානය හා ශ‍්‍රිලනිපය තුළ ඕනෑම සටනක් සිදුකළ යුතු බවත්, එසේ නොවන වෙනම දේශපාලන පක්ෂයක් අනිවාර්යයෙන්ම අසාර්ථක වන බවත්ය.

Saturday, March 5, 2016

AIDS කියා පාසැලක් නොදුන් 'දරුවාගේ මවට' ජනපතිගෙන් ඇමතුමක්

Saturday, March 05, 2016
AIDS කියා පාසැලක් නොදුන් 'දරුවාගේ මවට' ජනපතිගෙන් ඇමතුමක්
එච්.අයි.වී. ආසාදිතයකු බවට පැතිර ගිය ව්‍යාජ ප්‍රචාරයක් හේතුවෙන් පාසල අහිමි වූ දරුවාගේ මවට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා අද(05) දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
 නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද කුලියාපිටියට ගොස් එම දරුවා සහ මව හමුවූ අවස්ථාවේ දී මෙලෙස ජනාධිපතිවරයාට සිය දුරකථනයෙන්  ඇමතුමක් ලබා දුන්නා.

එම දුරකතනයෙන් දරුවාගේ මව අමතමින් ජනපති සඳහන් කර ඇත්තේ දරුවාට පාසැලක් ලබා දෙන බවයි.

Thursday, March 3, 2016

"RR යට ඇඳුම රෙජීගෙද ? චිචීගෙද ?” - (වීඩියෝව)

Thursday, March 03, 2016
"RR යට ඇඳුම රෙජීගෙද ? චිචීගෙද ?”  - (වීඩියෝව)
නෙවිල් නැමැත්තාගේ නිවස හාරද්දී RR ලෙස සඳහන් කරන ලද යට ඇඳුමක් හමුවී ඇති බවත් එය තමාගේ බවට ප්‍රසන්න රණතුංග මහතා සඳහන්කර ඇති බවත්, RR ලෙස සඳහන් වූ යට ඇඳුම් තවත් අය ඇඳිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියා සිටී.

උදාහරණයක් ලෙස ප්‍රසන්න රණතුංග මහතාගේ පියා රෙජී රණතුංග බවත්, ඔහුගේ නම අනුවද RR ඇති බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතු රෝහිත රාජපක්ෂ (චිචී) ටද ඔහුගේ නම අනුවද RR ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Wednesday, March 2, 2016

සුමිත්ගේ සිරුර ගොඩ ගන්වද? නැද්ද? තීරණය හෙට

Wednesday, March 02, 2016
සුමිත්ගේ සිරුර ගොඩ ගන්වද? නැද්ද? තීරණය හෙට
ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නේද නැද්ද යන්න පිළිබඳව හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද(02) අධිකරණයේදී දැනුම් දුන්නේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ සුදර්ශන හේරත් මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටිමින් මල සිරුර ගොඩ ගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණය කරන්න ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම ප්‍රකාශය හෙට දිනයේදී ලබා දෙන බව සඳහන් කළේය.

ලංකාව පැරදූ ඉන්දියාව අවසන් තරගයට

Wednesday, March 02, 2016
ලංකාව පැරදූ ඉන්දියාව අවසන් තරගයට
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කඩුලු පහකින් පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (01) සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා පිල සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 138ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය පිල පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු පහක් පමණක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

Tuesday, March 1, 2016

යෝෂිතගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Tuesday, March 01, 2016
යෝෂිතගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

තමන් ඇතුළු පිරිස සී.එස්.එන් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා කොට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වාදී තිබේ.