February 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Monday, February 29, 2016

ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලද පරාජය ගැන සංගා-මහේල පාඩම් උගන්වයි

Monday, February 29, 2016
ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලද පරාජය ගැන සංගා-මහේල පාඩම් උගන්වයි
ආසියානු කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග ඊයේ (28) පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබඳ හිටපු ශ‍්‍රී ලංකා නායකයන් දෙපලක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම්හි සටහනක් තබා තිබෙනවා.

කුමාර් සංගක්කාර තැබූ ට්විටර් සටහනේ දැක්වෙන්නේ අත්වැරදීම්වලින් පාඩම් උගත යුතු බවයි. මෙම අවස්ථාවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන් කණ්ඩායම දිරිමත් කළයුතු බවද එහි දැක්වෙනවා.

දුමින්ද සිල්වාගේ තනතුරු ඉවතට - ශ්‍රී ලනිප නව සංවිධායකවරු මෙන්න

Monday, February 29, 2016
දුමින්ද සිල්වාගේ තනතුරු ඉවතට - ශ්‍රී ලනිප නව සංවිධායකවරු මෙන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ සිදුකෙරිණි.

ජනාධිපති නිලනිවසේදී මෙම පත්වීම් සිදුකෙරුණු අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියහ.

Sunday, February 28, 2016

අත්අඩංගුවට ගන්න ' සූදානම ගැන' නාමල් කතා කරයි

Sunday, February 28, 2016
අත්අඩංගුවට ගන්න ' සූදානම ගැන' නාමල් කතා කරයි
රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිර යන ආරංචි සම්බන්ධව  නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා තම අදහස් පළ කර තිබෙනවා.

 ඉරිදා පුවත්පතක් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ යහපාලන රජය බලයට පත්වූ දා සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් තම මවටත් තමාටත් බාල සොහොයුරු යෝෂිත රාජපක්‍ෂ මහතාටත් නොයෙකුත් චෝදනා එල්ල කරන බවයි.

"ලංකාවේ තොරතුරු ගන්න එංගලන්තේ මාව කුලියට ගත්තේ නෑ" - මහේල තිලංගට දුන්න පිළිතුර මෙන්න

Sunday, February 28, 2016
"ලංකාවේ තොරතුරු ගන්න එංගලන්තේ මාව කුලියට ගත්තේ නෑ" - මහේල තිලංගට දුන්න පිළිතුර මෙන්න
ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පෙරේදා(26) තමන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය හාස්‍යජනක බව මහේල ජයවර්ධන පවසනවා.

විදෙස් මාධ්‍යක් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ තමා එංගලන්ත කණ්ඩායමට දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩකයන්ගේ සංවර්ධනයට මිස තාක්ෂණික උපදෙස් ලබාදීමට නොවන බවයි.
 එංගලන්තයේ උපදේශකයෙකු ලෙස මහේල කටයුතු කිරීමට ගත් තීරණය පිළිබඳව තමන් කනගාටුවෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා  පෙරේදා(26) සඳහන් කර තිබුණා.

‘කොටි මැඩලූවේ රනිල්-ප‍්‍රභා ගිවිසුම නිසා’ – ජනපතිට, අගමැතිට ආරක්‍ෂක අංශ වාර්තාවක්

Sunday, February 28, 2016
‘කොටි මැඩලූවේ රනිල්-ප‍්‍රභා ගිවිසුම නිසා’ – ජනපතිට, අගමැතිට ආරක්‍ෂක අංශ වාර්තාවක්
අගමැති රනිල් වික‍්‍රමසිංහ හා කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අතර 2002 වසරේදී අත්මන් තැබුනු සටන් විරාම ගිවිසුම නිසා මුහුදු කොටි බළකාය මුළුමනින්ම අඩපණ කිරීමට හැකි වූ බව පවසමින් ආරක්ෂක අංශ විසින් රජයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙයි.

ත‍්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන් විසින් මෙම වාර්තාව සකස් කර ඇත්තේ වසර 15 ක කාලයකදී කොටි සංවිධානයේ  ක‍්‍රියාකාරකම් ගැන කරන ලද විමර්ශණයකට අනුවයි.

රාජිත සිංගප්පූරුවට ගියේ FCID මග හරින්නද?

Sunday, February 28, 2016
රාජිත සිංගප්පූරුවට ගියේ FCID මග හරින්නද?
රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙරට සෞඛ්‍ය ඇමැතිවරයාය.

මෙරට රජයේ හෝ පෞද්ගලික රෝහලකින් බයිපාස්‌ සැත්කමක්‌ කරගැනීමේ කිසිදු අපහසුතාවක්‌ ඔහුට පැන නගින්නේ ද නැත.
මෙරට රෝහල්වල බයිපාස්‌ සැත්කම් වැරදුණු බවක්‌ වාර්තා වීද නැත.
එසේ තිබියදී විශාල මුදලක්‌ වැය කොට සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් වීමේ අවශ්‍යතාව කුමක්‌ දැයි බොහෝ දෙනෙක්‌ ප්‍රශ්න කරති.
සිංගප්පූරු රෝහලකින් සැත්කමක්‌ කරවා ගැනීමට, ප්‍රතිකාර ලබාගැනීමට අති විශාල මුදලක්‌ වැය වන බව අමුතුවෙන් කිවයුතු කාරණයක්‌ නොවේ.

Saturday, February 27, 2016

මහේලගේ උපදේශකත්වය ගැන තිලංග කනගාටුවෙන්

Saturday, February 27, 2016
මහේලගේ උපදේශකත්වය ගැන තිලංග කනගාටුවෙන්
ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන එංගලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම ගැන තමන් කනගාටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේය.

මෑතක් වන තුරු ම ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු එලෙස වෙනත් කණ්ඩායමකට සහය දීම සුදුසු නොවන බවයි ක්‍රිකට් සභාපතිවරයා ඊයේ (27) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී පවසා සිටියේ.

Friday, February 26, 2016

ලබ්බට තිබ්බ අත පුහුලෙටත් තියනවා - රන්ජන්

Friday, February 26, 2016
ලබ්බට තිබ්බ අත පුහුලෙටත් තියනවා - රන්ජන්
මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍ර‍සිංහ අගමැතිවරයාත් අතර ඩීල් එකක් ඇති නිසා රාජපක්ෂවරුන් කිසිදා අත්අඩංගුවට නොගන්නා බව පැවසුවත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සමග එහි අසත්‍යතාව ඔප්පුවී ඇති බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ලබ්බට තිබ්බ අත පුහුලට

එසේම 'ලබ්බට තිබ්බ අත පුහුලෙටත් තියනවා' යනුවෙන් ගමේ කතාවක් ඇති බවත් දැන් පුහුලට අත තබා ඇති නිසා ලබ්බට අත තැබීමද සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.

Thursday, February 25, 2016

යෝෂිත යළි රිමාන්ඩ්

Thursday, February 25, 2016
යෝෂිත යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා ලබන මස 10 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) ලබාදුන් නියෝගයක් අනුවයි. සී එස් එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්‍ෂ මහතා චෝදනා ලබා සිටිනවා.

මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් හතර දෙනාද ලබන 10 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේ.

තාජුඩීන්ගේ මරණය ගැන සැඟවුණු රහසක් හෙළි වෙයි

Thursday, February 25, 2016
තාජුඩීන්ගේ මරණය ගැන සැඟවුණු රහසක් හෙළි වෙයි
රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයේ තීන්දුව අද (25) ප‍්‍රකාශයට පත් කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින්. ඔහු කියාසිටියේ මෙම මරණය ඝාතනයක් බවට සැක කිරීමට සාක්‍ෂි තිබෙන බවයි. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

Wednesday, February 24, 2016

ලංකාව ඇතුළු රටවල් 55ක මාස් චොක්ලට් යළි කැඳවයි

Wednesday, February 24, 2016
ලංකාව ඇතුළු රටවල් 55ක මාස් චොක්ලට් යළි කැඳවයි
ලොව චොකලට් වෙළඳපොළේ දැවැන්තයෙකු ලෙස සැලකෙන අමෙරිකානු මාස් සමාගම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 55කට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම රටවල් බහුතරයක් යුරෝපා රටවල් වන නමුත් ශ්‍රී ලංකාව හා වියට්නාමය වැනි රටවල මාස් චොක්ලට් ලද යළි කැඳවීමට නියමිත බව ඕස්ට්‍රේලියාවේ ඒබීසී පුවත් සේවය වාර්තා කරයි.

මීට හේතු‍වී ඇත්තේ ජර්මන් ජාතිකයෙකු විසින් ආහාරයට ගත් ස්නිකර්ස් නැමැති චොකලට් එකක තිබී ප්ලාස්ටික් කැබැලි හමුවීමයි.

සූරියවැවට මඟුල් - මත්තලට මුවන්

Wednesday, February 24, 2016
සූරියවැවට මඟුල් - මත්තලට මුවන්
සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිරියේදී විවාහ මංගල උත්සව සඳහා කුලියට ලබා දීම සම්බන්ධයෙන් සළකා බලන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ දිනකට රුපියල් 5,000ත් 10,000ත් අතර මුදලකට ක්‍රීඩාංගනය මංගල උත්සව සඳහා ලබා දීමේ සූදානමක් පවතින්නේ දැයි යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පවසා ඇත.

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා අධික පොළියට ලබාගත් රුපියල් මිලියන 4283ක දැවැන්ත ණය මුදලක් වැය කළත් මේ වනතෙක් පවත්වා ඇත්තේ එක්දින තරග 11ක් හා පන්දුවාර විස්සයි 20 තරග 9ක් පමණි.

Tuesday, February 23, 2016

පුතා නිසා ජොනී නඩුවක පැටලෙයි..

Tuesday, February 23, 2016
පුතා නිසා ජොනී නඩුවක පැටලෙයි..
හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුද්ගලික ලේකම් හා ලංකා සතොස හිටපු සභාපතිවරයාට එරෙහිව නීතිපතිවරයා කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඒ 2013 සැප්තැම්බර් මස පැවැති වයඹ පළාත් සභා මැතිවරණ සමයේ තම පුත්‍රයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලංකා සතොසින් මුදල් නොගෙවා රුපියල් පනස්දෙලක්ෂ හැත්තෑපන්දහසක භාණ්ඩ ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවටය.

වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍ර‍නාන්දුගේ මැතිවරණ කටයුතුවලට බෙදාදීම සඳහා මෙම භාණ්ඩ ලබාගෙන ඇති බවට නඩු ගොනුවේ සඳහන් වේ.

සමන් දේවාලයට කළ අගෟරවයක් නිසා ජැක්සන්ගේ පසුතල ගැලවෙයි

Tuesday, February 23, 2016
සමන් දේවාලයට කළ අගෟරවයක් නිසා ජැක්සන්ගේ පසුතල ගැලවෙයි
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම්කරගෙන ටෙලි නාට්‍ය නිර්මාණයක් සඳහා රාජ මාලිගයක් පිළිබිඹු කරමින් ඉදිකළ පසුතල, ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කර ගැනීමට එම නිෂ්පාදන කණ්ඩායම ඊයේ (22) පියවර ගත්තා.

ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ සීගිරි කාශ්‍යප ටෙලි නාටයයේ කාශ්‍යප රජුගේ මාලිගයේ පිවිසුම ලෙස මහ සමන් දේවාලයේ පහළ මලුවේ පසුතල නිර්මාණ නිසා සබරගමු මහ සමන් දේවාලයේ ඓතිහාසිකත්වයට මෙන්ම ජනතාවගේ ගෞරවණීය බවට විශාල හානියක් බව දේවාලයේ රාජකාරී කපු මහත්වරුන්ගේ ද වෙනත් රාජකාරීකරුවන්ගේ මෙන්ම ප්‍රදේශ වාසීන්ගේ ද අදහස වි තිබුණා.

රේණුගෙන් කුඩු ගත් අමල් පෙරේරාගේ මල්ලි රිමාන්ඩ්

Tuesday, February 23, 2016
රේණුගෙන් කුඩු ගත් අමල් පෙරේරාගේ මල්ලි රිමාන්ඩ්
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත මහරගම පොලිසියේ දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී සොහාන් පෙරේරා මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සොහාන් පෙරේරා, ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ සොයුරාය.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 550ක් සොයාගෙන ඇත.

Monday, February 22, 2016

මාලිංග, තිලංග හා ජයන්ත අන්දලා ?

Monday, February 22, 2016
මාලිංග, තිලංග හා ජයන්ත අන්දලා ?
ක්‍රීඩා නොකරන නායකයා ලෙස ලසිත් මාලිංග ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට එක් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි දෝෂ දර්ශනය එල්ලව ඇතැයි වාර්තා වේ.

මාලිංග මේ තරගාවලියට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන දෙදෙනාම නොමඟ යවා බවටද කතා බහක් පැතිර තිබේ.

තවමත් නිසි ලෙස සුවවී නොමැති මාලිංගව කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමෙන් තවත් යොවුන් ක්‍රීඩකයකුට එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හෝ අත්දැකීම් ලබා ගැනීමට තිබූ අවස්ථාව වැලැකී ගොස් ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.

නළු නිළියන්ගේ පැටිකිරිය රන්ජන් හෙළි කරයි (VIDEO)

Monday, February 22, 2016
නළු නිළියන්ගේ පැටිකිරිය රන්ජන් හෙළි කරයි (VIDEO)
ලංකා පුත්‍ර බැංකුවේ බිලියන ගණනින් ණය ලබාගෙන නොගෙවා පැහැර හරින නළු නිළියන් හා මැති ඇමතිවරුන් පිරිසක් ගැන රන්ජන් රාමනායක මහතා හෙළිදරව්වක් කළා.

මාධ්‍ය හමුවක් කැඳවමින් සිදු කළ මෙම හෙළිදරව්වේදී සමාජ සවිබල ගැන්වීම් සහ සුභසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීන් ඉදිරියේදීම ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයාට දුරකතන ඇමතුමක් ගෙන මේ පිළිබඳව මාධ්‍යට හෙළි කළා.

Sunday, February 21, 2016

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මූණ ඇඹුල්කළ තිලංගගේ වදන්

Sunday, February 21, 2016
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මූණ ඇඹුල්කළ තිලංගගේ වදන්
ආසියානු හා පන්දුවාර විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලට පිටව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් සිය නිල කාමරයට කැඳවා කරන ලද දේශනය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

ඔහු එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර සමගියක් නොමැති බවට දෝස්මුරයක් එල්ල කර ඇති බව පැවසේ.

මහින්දගේ පොඩි පුතා ‘‘චිචී“ ගේ මං මුලා වුණු පෙම එළියට - Video

Sunday, February 21, 2016
මහින්දගේ පොඩි පුතා ‘‘චිචී“ ගේ මං මුලා වුණු පෙම එළියට - Video
රෝහිත රාජපක්ෂ කියන්නෙ හිටපු ජනාධිපතිතුමාගේ බාල පුතා. රෝහිත ගැන ගොඩක් දෙනෙක් දැනගත්තෙ අභ්‍යාවකාශයට යානයක් යවන්න ගිය කතාවත් එක්ක.

හැබැයි රෝහිත මේ ළඟදි වෙනමම වැඩකට අත ගහලා තිබුණා. ඒ තමයි සංගීතය. රෝහිතගේ කුළුඳුල් ගීත විඩියෝව මේ වෙද්දි අන්තර්ජාලය ඔස්සෙ ගොඩක් ජනප්‍රිය වේගන යනවා.

තවමත් සුව නොවූ ප්‍රින්ස් ලෙඩ ඇඳේ ඉඳන් කියපු සිංදුව - වීඩියෝ

Sunday, February 21, 2016
තවමත් සුව නොවූ ප්‍රින්ස් ලෙඩ ඇඳේ ඉඳන් කියපු සිංදුව - වීඩියෝ
ප්‍රින්ස් උදයප්‍රියන්ත කියන අපි කවුරුත් දන්න ඒ ගායකයා රෝගි තත්වයෙන් රෝහල් ගතකළා කියලා හිරු ගොසිප් අපි ඔබට කීවා මතක ඇති. ඔහුට මේ වෙනකොට ටිකක් හොඳ වෙලා. ඒ කියන්න ප්‍රින්ස්ට කතා කරගන්න පුලුවන්. හැබැයි 100%ක්ම හොඳ නැහැ. ළඟදී දවසක ඔහුගේ මේ රෝගි තත්වයට ආධාර කරන්න ඒ වෙනුවෙන් පවත්වපු සංගීත ප්‍රසංගයක මුදල් ප්‍රින්ස්ගේ අතටම ගෙනැත් දෙන්න ඔහුගේ රසිකයින් පිරිසක් කටයුතු කළා.

කනත්තට ගොස් කොස්තාපල් දරුවකු කෙළසූ හැටි

Sunday, February 21, 2016
කනත්තට ගොස් කොස්තාපල් දරුවකු කෙළසූ හැටි
වයස අවුරුදු 14ක බාල වයස්කාර පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ පොලිස් කොස්තාපල්වරයකු නොච්චියාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගමේ පැවැති වැඩිවියට පත්වීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවක නොච්චියාගම පහළවැටියාව ප්‍රදේශයේ කනත්තකට 14 හැවිරිදි දරුවකු කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති අතර එම දරුවා පසු දින අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.

Friday, February 19, 2016

ඇඹිලිපිටිය තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි

Friday, February 19, 2016
ඇඹිලිපිටිය තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි
ඇඹිලිපිටියේදී පොලීසිය සමග ඇතිකර ගත් ගැටුමකදී මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නමැති තරුණයාගේ මරණයට හේතුව කැපුම් තුවාලවලින් සිදු වූ අධික රුධිර වහනය බව අද (19) හෙලි වුණා.

එ් අදාළ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සුමිත් ප‍්‍රසන්නගේ සිරුරේ ස්ථාන කිිහිපයක කැපුම් තුවාල දක්නට ලැබුණා.

Thursday, February 18, 2016

ජනපතිගෙන් නිවේදනයක්

Thursday, February 18, 2016
ජනපතිගෙන් නිවේදනයක්
ජර්මනියේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත නිල ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය සමග කළ සාකච්ඡවේදී අවධානයට ගත් කරුණු පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම නිවේදනයෙන් විස්තර කර තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (17) පස්වරුවේ එරට ෆෙඩරල් ජනාධිපති හාම් ගෝචිම් ගවුක් සහ ෆෙඩරල් විදේශ අමාත්‍ය ෆෑන්ක් වෝල්ටර් ස්ටෙන්මියර් යන මහත්වරුන්ද මුණ ගැසුණා.

Wednesday, February 17, 2016

ලසන්ත ඝාතකයන්ගේ ඡායා පිටවෙයි

Wednesday, February 17, 2016
ලසන්ත ඝාතකයන්ගේ ඡායා පිටවෙයි
ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතතුංග ඝාතනයට අදාළව සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වු සාක්‍ෂිකරුවන්ගේ ප‍්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත‍්‍ර ශිල්පින් මාර්ගයෙන් සාක්‍ෂිකරුවන් පවසන ආකාරයට චිත‍්‍රයට නඟා ඇත.

ඒ අනුව මෙම පුද්ගලයින් පිළිබඳ නිවරදි තොරතුරු දන්නේනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Monday, February 15, 2016

යෝෂිතට සහය දුන් රග්බි ක්‍රීඩකයින්ට වැඩ වරදී

Monday, February 15, 2016
යෝෂිතට සහය දුන් රග්බි ක්‍රීඩකයින්ට වැඩ වරදී
ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව අතර හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ඊයේ (14) පැවති තරඟයේ දී නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් තම කණ්ඩායමේ හිටපු නායකයාට සහයෝගය දැක්වෙන අත්පටි පැළඳ ක්‍රීඩාකර තිබේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසූවේ යෝ ලෙස සඳහන් අත්පටි පැලඳ ක්‍රීඩා කළ නාවික හමුදා ක්‍රීඩකයින් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

Friday, February 12, 2016

ප්‍රභූවරයෙකු ලඟදීම අත්අඩංගුවට?- වැලිකඩ ප්‍රභූ සිර මැදිරියක්‌ හදිසියේ සූදානම් කරයි

Friday, February 12, 2016
ප්‍රභූවරයෙකු ලඟදීම අත්අඩංගුවට?- වැලිකඩ ප්‍රභූ සිර මැදිරියක්‌ හදිසියේ සූදානම් කරයි
ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි ප්‍රභූන් රඳවා තැබූ වැලිකඩ බන්ධනාගාරයේ එස්‌. වාට්‌ටුව හදිසියේ ප්‍රතිසංස්‌කරණය කිරීමට බන්ධනාගාර බලධාරින් පියවර ගෙන තිබේ.

මෙරට ප්‍රභූ පුද්ගලයන් සිරගත කෙරුණු අවස්‌ථාවන්හිදී සෑම විටම ඔවුන් රඳවා තබනු ලැබුවේ මෙම එස්‌. වාට්‌ටුව නමැති ගොඩනැගිල්ල තුළය.

මේ වනවිට බන්ධනාගාර ගබඩා අංශය යටතේ එම ගොඩනැගිල්ලේ අලුතින් තීන්ත ආලේප කර අවට පිරිසිදු කරමින් කැපී පෙනෙන ප්‍රතිසංස්‌කරණයක්‌ සිදු කරමින් තිබෙන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Thursday, February 11, 2016

නව පක්ෂය රැගෙන මහින්ද හෙට අළුත් ගමනක් අරඹයි

Thursday, February 11, 2016
නව පක්ෂය රැගෙන මහින්ද හෙට අළුත් ගමනක් අරඹයි
හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු හා මහජන සම්බන්ධතා කාර්යාලය බත්තරමුල්ල නෙළුම් මාවතේදී හෙට (12) පෙරවරු 9.00ට විවෘත කෙරේ.

එම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සහභාගීවීමට නියමිතය.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව පසුගිය 08 වැනිදා රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Tuesday, February 9, 2016

යෝෂිතගේ දුරකථනය සොයා වැලිකඩ පීරන්න යයි

Tuesday, February 09, 2016
යෝෂිතගේ දුරකථනය සොයා වැලිකඩ පීරන්න යයි
කාල්ටන් ස්පොට් නෙට්වර්ක් (CSN) නාලිකාවේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා සහිතව බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් භාවිතා කරන බවට වන තොරතුරක් මත වැලිකඩ බන්ධනාගාරය තුළ සෝදිසියක් සිදු කිරීමට සැරසෙන බව වාර්තා වේ.

අදාළ සෝදිසියට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු ඇමති ඩී.එම්. ස්වාමිනාදන් මහතා උපදෙස් දී ඇති බවද පැවසේ.

Sunday, February 7, 2016

ඥානසාරහිමි ලිපියක් ලියා සමාව ගනියි

Sunday, February 07, 2016
ඥානසාරහිමි ලිපියක් ලියා සමාව ගනියි
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් වැලිකඩ හිරගෙදර සිට මහනායක හිමිවරු, ජනාධිපති, අගමැති, කැබිනට්‌ ඇමතිවරු වෙත ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ.

තමා වරෙක මෘදු ලෙසත්, තවත් වරෙක ඉතා රළු ලෙසත්, රට දැය, සමය වෙත ඇති අනතුර පිළිබඳව හඬගා කී බවත්, එහෙත් වසර 20 ක්‌ තිස්‌සේ රටටත්, බුද්ධ ශාසනයටත්, ජාතියටත් එරෙහිව පෙළගැසුණු අනේකවිධ සතුරු බලවේග හා මිථ්‍යාදෘෂ්ඨික බලවේග පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු නොවූ බව එම ලිපියේ දැක්වේ.

Thursday, February 4, 2016

යෝෂිත බේරා ගත හැකි මග අනුර, මහින්දට පහදයි

Thursday, February 04, 2016
යෝෂිත බේරා ගත හැකි මග අනුර, මහින්දට පහදයි
සී.එස්‌.එන්. නාලිකාව ආරම්භ කිරීමට යෙදවූ රුපියල් ලක්‍ෂ 2340 උපයා ගත්තේ කෙසේ දැයි පැහැදිලි කර යෝෂිත පුතා බේරා ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට පවසන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ ලක්‍ෂ 2340 සොයාගත් ආකාරය කියන්න බැරි නම් ඒ මුදල් මහින්දගේ හෝ යෝෂිතගේ වැටුප නොවේ නම්, මැදමුලන වලව්වේ ආදායමත් නොවේ නම් අනිවාර්යයෙන් ම මහාභාණ්‌ඩාගාරයේ මුදල් විය යුතු බව ද කී අනුර කුමාර දිසානායක මහතා මේවා මහජන මුදල් බව ද කීය.

Tuesday, February 2, 2016

මර්වින් රාජපක්ෂවරුන් වෙනුවෙන් සටනට සූදානමින්

Tuesday, February 02, 2016
මර්වින් රාජපක්ෂවරුන් වෙනුවෙන් සටනට සූදානමින්
නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකොට රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු වන්නේ නම් තමන් නිහඬව නොසිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ ගිරුවාගම්දොලොස්දාහේ මාගම්පත්තුවේ උපන් කෙනෙක් ලෙසත් රාජපක්ෂවරුන් සමග දේශපාලනය ඇරඹු කෙනෙක් ලෙසත් එවැනි අවස්ථාවක ඇහැ කන පියාගෙන සිටිය නොහැකි බවයි. අවශ්‍ය අවස්ථාවක ජනතාව සමග නැගී සිටින බවද ඔහු කියා සිටියා. ඔහු මේ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි.