January 2016 - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Saturday, January 30, 2016

ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුනක් : 09 දා දිවුරයි

Saturday, January 30, 2016
ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුනක් : 09 දා දිවුරයි
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කළ මන්ත්‍රීවරයකු ලෙස ලබන 09 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඉඩම් ඇමැතිව සිටි එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරයට ෆොන්සේකා මහතා පත් කිරීමට නියමිතව තිබේ.

යුද්ධය අවසන්වීමෙන් පසුව ෆොන්සේකා මහතා 2010 දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග ජනපතිවරණයට තරග කර පරාජයට පත්විය.

Wednesday, January 27, 2016

යෝෂිතගේ පැටිකිරිය එළියට

Wednesday, January 27, 2016
යෝෂිතගේ පැටිකිරිය එළියට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 222ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගුණු පැනයකට පිළිතුරු අමාත්‍යවරයා, තරුණයන් තුළ හමුදාවට බැඳීමේ රුචිකත්වය වැඩිකිරීම සඳහා ඔහු නාවික හමුදාවට බඳවාගෙන අදාළ කටයුතු සිදුකරගෙන ඇති බවද මෙහිදී කියා සිටියේය.

Monday, January 25, 2016

MKADS ගෙන් හිස්වූ මන්ත්‍රී අසුන සොයිසාට

Monday, January 25, 2016
MKADS ගෙන් හිස්වූ මන්ත්‍රී අසුන සොයිසාට
ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්‌. ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ' මහ ලේකම් අරුණ සොයිසා මහතා පත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

මෙම තීරණය අද (25 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්‍ෂයේ නායකයන්ට දැනුම් දෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නියෝජ්‍ය නායක ශ්‍රීලාල් රෝහණ මහතා පැවැසීය.

Friday, January 22, 2016

ජනාධිපති, හමුදාව චෝදනා වලින් ගලවා ගැනීමේ ස්ථාවරයක

Friday, January 22, 2016
ජනාධිපති, හමුදාව චෝදනා වලින් ගලවා ගැනීමේ ස්ථාවරයක
ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ලවේ  නම් අපේ කාර්යය විය යුත්තේ ඔවුන් එම චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ 'බීබීසීය' සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීම පිණිස පොදු රාජ්‍ය මණ්ඩලයේ සහාය ද ඇතිව විදෙස් විනිසුරුවරුන් ගෙන්, පැමිණිලි මෙහෙයවන්නන් ගෙන් සහ ගවේෂකයන් ගෙන් සමන්විත විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවට 2015 වසරේ ඔක්තෝබර් මස දී එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව ද සම අනුග්‍රහය දැක්වූයේ ය.

Thursday, January 21, 2016

ඒකාබද්ධ පෙරමුණ බැසිල් හා ගෝඨාව ප්‍රතික්ෂේප කරයි

Thursday, January 21, 2016
ඒකාබද්ධ පෙරමුණ බැසිල් හා ගෝඨාව ප්‍රතික්ෂේප කරයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ කීපයක්‌ එක්‌වී ඒකාබද්ධ පෙරමුණක්‌ සෑදීමට මේවන විට කටයුතු කරමින් සිටින නමුත්, එහි කිසිඳු ප්‍රධාන නිලයකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්කර නොගැනීමට තීරණය කර තිබේ.

මෙම නව පෙරමුණ සම්බන්ධයෙන් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කල විමසීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එබව සඳහන් කර ඇත.

Tuesday, January 19, 2016

ජනපති පුතාගේ කාර් කෙළි හෙළිවෙයි

Tuesday, January 19, 2016
ජනපති පුතාගේ කාර් කෙළි හෙළිවෙයි
වසර 2014 මැයි 1 වැනිදා නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක තහඩු නොමැතිව අධික වේගයෙන් පැමිණ ත්‍රිරෝද රථයක් සමඟ ගැටී එහි සිටි තරුණයකුට තුවාල සිදු කළ මෝටර් රථයේ හිමිකරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු බව හෙළිව තිබේ.

මෙසේ අනතුරට ලක්ව තිබුණේ ෆෝර්ඩ් මස්ටැන්ක් වර්ගයේ කාර් රථයක් වන අතර එම පුවත එකල මාධ්‍යට වාරණය කර තිබූ බවද පැවසේ.

මෙම අනතුර සිදුවූ වහාම එම ස්ථානයට විශේෂ කාර්ය බලකායේ බටපිරිස් පැමිණ කඩිමුඩියේ එම කාර් රථය එතනින් ඉවත් කොට රැගෙන යාමට ක්‍රියා කර තිබිණි.

Sunday, January 17, 2016

එස්‌. එෆ්. ලොකූ 'බන්ධනාගාරය ඇතුළේ ' කරන සෙල්ලම් මෙන්න

Sunday, January 17, 2016
එස්‌. එෆ්. ලොකූ 'බන්ධනාගාරය ඇතුළේ ' කරන සෙල්ලම් මෙන්න
අනුරාධපුරය ප්‍රදේශයේ පැනොරාමා සමාජ ශාලාවට පහර දී වසන්ත සොයිසා ඝාතනය කළ බවට සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එස්‌. එෆ්. ලොකූ ඇතුළු කණ්‌ඩායම බන්ධනාගාරය ඔවුන්ගේ අණසකට යටත් කරගෙන තිබෙන බව වාර්තා වනවා.


මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ පළවූ වාර්තාවක සඳහන් වන්නේ බන්ධනාගාර නිලධාරීන් ද මීට සහාය දෙන බවයි.එම වාර්තාව පහතින් දැක්වෙනවා.

Friday, January 15, 2016

කුසල්ට ජනිත්ට තරග පාවාදෙන්න මුදල් දෙන්න හැදූ අය මෙන්න..

Friday, January 15, 2016
කුසල්ට ජනිත්ට තරග පාවාදෙන්න මුදල් දෙන්න හැදූ අය මෙන්න..
පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක් අතරවාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත්ට තරග පාවාදීමට මුදල් ලබාදීමට උත්සාහ කර ඇත්තේ ගයාන් විශ්වජිත් නැමැත්තෙකු විසින් බව මේවන විට හෙළිව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාල අය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල විදෙස්ගතවීමට පෙර පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉඟිකර තිබේ.ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හඳුන්වා දී ඇත්තේ වේගපන්දු පුහුණුකරුවකු වන අනූෂ සමරනායක විසින් බවද පැවසේ.

Wednesday, January 13, 2016

පීකොක්‌ මන්දිරයේ වැලි යට රත්තරන්?

Wednesday, January 13, 2016
පීකොක්‌ මන්දිරයේ වැලි යට රත්තරන්?
තමාට අයත් රාජගිරියේ පීකොක්‌ මන්දිරයේ පිහිනුම් තටාකයේ වතුර ඉවත් කර වැලි පුරවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රත්තරන් සහ මුදල් සඟවා ඇතැයි පැතිරෙන කතාව පිළිබඳව සොයා බැලීමට කම්කරු පක්‍ෂයේ නායක ව්‍යාපාරික ඒ. එස්‌. පී. ලියනගේ මහතා තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රචාරය පිළිබඳව ඒ. එස්‌. පී. ලියනගේ මහතාගෙන් විමසූ මොහොතේ ඒ මහතා කීවේ මෙම කතාව සෑහෙන කලක්‌ තිස්‌සේ ප්‍රචාරය වන නිසා එහි සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා පොලිස්‌පතිවරයාට අද හෙටම පැමිණිලි කරන බවයි.

Tuesday, January 12, 2016

නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකියි - බැසිල්

Tuesday, January 12, 2016
නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකියි - බැසිල්
නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකි බව හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

බණ්‌ඩාරනායක මහතාට එජාපය හැර යැමට 1947 දී බලපෑ සමාජ දේශපාලන වාතාවරණයක්‌ අද ද නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එජාප, ශ්‍රීලනිප හා ජවිපෙ ක්‍රියාකාරීන් වත්මන් දේශපාලනය ගැන කලකිරී සිටින නිසා නව දේශපාලන ධාරාවක අවශ්‍යතාව මතුවී ඇති බවට බැසිල් රාජපක්‍ෂ මහතා බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට (බීබීසී) කර තිබූ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා එසේ කීවේය.

Monday, January 11, 2016

ලොව ලොකුම මැණික රටින් පනින්න පෙර ලොකු වැටක් බඳි

Monday, January 11, 2016
ලොව ලොකුම මැණික රටින් පනින්න පෙර ලොකු වැටක් බඳි
ලොව විශාලතම නිල් මැණික පිළිබඳව තොරතුරු හෙළි වීමත් සමග එය හොර රහසේ රටින් පිටකිරීම වැළැක්වීම සඳහා දැඩි අවධානයෙන් පසුවන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

බොහෝ අවස්ථාවල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නොදන්වා වටිනා මැණික් රටින් පිටකිරීම සිදු කරන බවත් මෙම විශේෂිත නිල් මැණික රටින් පිට නොවීමට අදාළ රේගු නිලධාරීන් දැනුවත් කර අති බවත් සදහන්.

Saturday, January 9, 2016

හිරුණිකාව CCD ය අත්අඩංගුවට ගනියි

Saturday, January 09, 2016
හිරුණිකාව CCD ය අත්අඩංගුවට ගනියි
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගියදා දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව ය.

Thursday, January 7, 2016

එකට කෑවත් බොක්ක වෙනස් යාළුවා පචයක් කියා ගැබිණි බිරිඳ වෙල්යායකට එක්ක ගිහින් කළ හදිය

Thursday, January 07, 2016
එකට කෑවත් බොක්ක වෙනස් යාළුවා පචයක් කියා ගැබිණි බිරිඳ වෙල්යායකට එක්ක ගිහින් කළ හදිය
සිය අඹ යහළුවාගේ මාස අටක ගැබිණි බිරිය රවටා යතුරුපැදියකින් මුසල්පිටිය ප්‍රදේශයේ වෙල්යායක් අසල කැලෑවකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ සැකකරුවකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

විසි හැවිරිදි වියේ පසුවන ගැබිනි කාන්තාවගේ නිවෙසට සැකකරු පසුගිය 31දා පැමිණ ඇති අතර ඇයගේ සැමියා තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට මුසාවක් පවසා ඇය සමඟ ඔහු බැලීමට පොලිසියට යන බව පවසමින් මෙසේ කැලෑවකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ දරා තිබේ.

Wednesday, January 6, 2016

වසීම් තජුඩින් මරණයට අදාළ CCTV දර්ශන අපැහැදිලි බව උසාවියට දැනුම් දෙයි

Wednesday, January 06, 2016
වසීම් තජුඩින් මරණයට අදාළ CCTV දර්ශන අපැහැදිලි බව උසාවියට දැනුම් දෙයි
අමානුෂික අන්දමින් ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව රහස් පොලිසිය ලබා ගත් ආරක්ෂක කැමරා දර්ශන (සී.සී.ටී.වී) අපැහැදිලි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලේ කළමනාකරු ඩී.එම්.බී. අත්තනායක මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (05දා) දන්වා සිටියේය.

සී.සී.ටී.වී. දර්ශන අනුව තාජුඩීන්ගේ වාහනය ගමන් කරන කාලය තුළ දැඩි ආලෝක සහිත වාහනයක් වම්පස කෙළවරින් පැමිණෙන බව දර්ශනය වූ නමුත් වීදි පහන්වල තිබූ ආලෝකය නිසා එම වාහනවල සිටි පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳ නිවැරැදි ආකාරයෙන් දර්ශනය නොවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Tuesday, January 5, 2016

දුම් පරීක්ෂණ ගාස්තු යලි වැඩිවෙයි

Tuesday, January 05, 2016
දුම් පරීක්ෂණ ගාස්තු යලි වැඩිවෙයි
එන්.බී.ටී. හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්ධ සියයට 2 සිට සියයට 4 දක්වා වැඩි කිරීම සහ වැට් බද්දේ කෙරුණු සංශෝධන නිසා වාහනවල දුම් පරීක්ෂණ ගාස්තු නැවතවරක් වැඩි වී ඇත. ඒ, එම ගාස්තුව රුපියල් 1500 දක්වා වැඩි කිරීමට අයවැයෙන් කෙරුණු යෝජනාවට අමතරවය.

මේ අනුව දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 15ත්, රුපියල් 55ත් අතර අගයකින් වැඩිවනු ඇතැයි විශ්වාස කෙරේ.

Monday, January 4, 2016

මුස්ලිම් නිවාස ඉදිරිපස ”සිංහ ලේ” ලියා ජාතීවාදය ඇවිස්සවීමේ කි්‍රයාවක්

Monday, January 04, 2016
මුස්ලිම් නිවාස ඉදිරිපස ”සිංහ ලේ” ලියා ජාතීවාදය ඇවිස්සවීමේ  කි්‍රයාවක්
ජාතීන් අතර වර්ගවාදය ඇවිස්සවීමේ කටයුතු කරන පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමටත්, තවදුරටත් එවැනි කටයුතුවලට ඉඩ නොතැබිය යුතු බවත්, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව අවධාරණය කරයි.

මෛත‍්‍රිපාල යටතේ ඇති සන්ධානයක අපි නෑ – දිනේෂ්

Monday, January 04, 2016
මෛත‍්‍රිපාල යටතේ ඇති සන්ධානයක අපි නෑ  – දිනේෂ්
කිසිසේත්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ඇති සන්ධානයක් යටතේ තම පක්‍ෂය කිසිසේත්ම මැතිවරණයකට ඉදිරිපත් නොවන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ තම පක්‍ෂය ආණ්ඩුවට සම්බන්ධ වන්නේ යයි ඇමති එස්.බී. දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂෙප කරන බවයි.

Sunday, January 3, 2016

විරුවන් හිරේ.. ත්‍රස්තයන් නිදහස්.. ජාතික ආරක්ෂාව අනතුරේ - ගෝඨා

Sunday, January 03, 2016
විරුවන් හිරේ.. ත්‍රස්තයන් නිදහස්.. ජාතික ආරක්ෂාව අනතුරේ - ගෝඨා
[ජාතික සංවිධාන එකමුතුව විසින් පැපිළියානේ සුනේත්‍රාදේවී විහාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ සිදුකළ කථාව ]

මහා සංඝ රත්නයෙන් අවසරයි!

අපි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවන්හිදී විරුද්ධවාදීන් අප නැති යුධ බියක් ඇතිකරන්න උත්සාහ දරන ජාතීවාදීන් වශයෙන් හඳුන්වමින් විවිධ චෝදනා එල්ල කරනවා . යුද්ධය අවසාන වුනාට පස්සෙ අපි අවුරුදු 5ක කාලයක් තුළ ආරක්ෂාව පිළිබඳව විශාල ස්ථාවරත්වයක් මේ රටට ගෙනාවා. ඒක මේ රටේ ජනතාව දන්නවා.

Saturday, January 2, 2016

පුංචි ඡන්දයේදී මහින්ද ස්වාධීනයි

Saturday, January 02, 2016
පුංචි ඡන්දයේදී මහින්ද ස්වාධීනයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා එජනිස හවුල්කාර පක්‍ෂ එකතුව අලුත් පක්‍ෂයක්‌ පිහිටු වන නමුත් ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ නොවන බව එහි ප්‍රබලයෙක් අනාවරණය කළේය.

ඒ අනුව, මෙම මැතිවරණයේදී හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ස්වාධීනව කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් උපදෙස් දී ඇත.